Networking යනු කුමක්ද ?

ඇත්තටම Networking කියන්නේ මොකක්දහරියටම දැන ගන්න ඕනේද?

මෙන්න එහෙනම් අද සිට අපි පරිගනක සම්බන්දව මූලික අඩිතාලමේ සිට සංකීර්ණ තාක්ශනික පැතිකඩ දක්වා සරලව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා...

Networking යනු?
සම්පත් පොදුවේ හුවමාරු කරගත හැකිවන පරිදි පරිඝණක දෙකක් හෝ කිහිපයක් එකිනෙක සම්බන්ද කරගනිමින් ගොඩනගා ගන්නා පරිඝණක ජාලයකි.

මෙමගින් ඇති ප්‍රයෝජන නම්,( දත්ත හුවමාරුව/ Hardware & Software හුවමාරුව පරිපාලන කාර්යයන් සදහා සහය ලබාගත හැකි වීම.
·         1) Geography යනු network කරන භූමි ප්‍රදේෂය අනුව ඊට ගැලපෙන ලෙස,network එක සදහා අදාලක්‍රමය ‍තෝරා ගත          -  යුතුය
·         2) Architecture යනු network කරන system එකට අදාලව පරිඝණකයකින් තවත් පරිඝණකයකටද
 -  නැතිනම් server PC එකකින් computer පද්ධතියක් හා සම්බන්ද කරන network එකක්ද යන්න සලකා බැලිය යුතුයි.
·         3) Topology යනු Network එක සදහා සම්බන්ද කරනු ලබන computers හා අනෙකුත් උපාංග සම්බන්ද වන ආකාරයට වේ.


dසාමාන්යෙන් Network කිරීමේදී වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ LAN(Local Area Network) හා WAN (Wide Area Network)

1)  Geography –
·         LAN (Local Area Network) – භූගෝලීය වශයෙන් එක් ප්‍රදේශයක් තුල පිහිටි පරිඝණක කිහිපයක් එකතුකොට සාදාගත් පරිඝණක ජාලයක් Local Area Network එකක් වේ.

·         
WAN (Wide Area Network) - භූගෝලීය වශයෙන් ප්‍රදේශ කිහිපයක් තුල පිහිටි පරිඝණක පද්ධති (LAN) කිහිපයක් satellite හරහා එකිනෙක සම්බන්ධ කරමින් සාදාගත් පරිඝණක ජාලයක් Wide Area Network එකක් වේ.
    

d          MAN (Metropolitan Area Network) - නගරයක් තුල ඇති නිවාස ගොඩනැගිලි කිරීමේදී මෙම Metropolitan Area Network ක්‍රමය භාවිතා කරයි.

·         CAN (Campus Area Network) - විශ්ව විද්්‍යාල Network කිරීමේදී ඔවුනටම ආවේනික මෙවන් Network ක්‍රම භාවිතා කරයි.

2) Architecture –
·        *    Peer to Peer - මෙම ආකෘතියට Network කර ඇති සියලුම computers වලට සමාන බලතල/පහසුකම් -ලැබෙන පරිදි peer to peer Network එක සකස් වී ඇත.
·        *    Client /Server -  මෙම ආකෘතියට Network කර ඇති සියලුම computers වලට මූලික Server computer එකක් හරහා පහසුකම් ලබාදේ.අදාල Server computer එක මගින් අනෙක් සියලුම client computers පාලනය කරනු ලබයි.
              3) Topology –

·         Star topology - තරුවක් ආකාරයට Computers හා අනෙකුත් printers/scanners ආදිය එකිනෙක සම්බන්දවන ආකාරයයි.
·         Ring topology - මුද්දක ආකාරයට Computers හා අනෙකුත් printers/scanners ආදිය එකිනෙක සම්බන්දවන ආකාරයයි.
·         Bus topology - මූලික මාර්ගයකින් බේදී වෙන්ව යන ආකාරයට Computers හා අනෙකුත් printers/scanners ආදිය එකිනෙක සම්බන්දවන ආකාරයයි.
·         Tree topology - ගසක අතුබෙදීයන ආකාරයට ජාල ගතවී ඇති ආකාරයට Computers හා අනෙකුත් printers/scanners ආදිය එකිනෙක සම්බන්දවන ආකාරයයි.
·         Mesh topology - දැලක් ආකාරයට ජාල ගතවී ඇති ආකාරයට Computers හා අනෙකුත් printers/scanners ආදිය එකිනෙක සම්බන්දවන ආකාරයයි.
Hybrid topology - ඉහත සියලුම ආකාර වලින් සමන්විතව ජාල ගතවී ඇති ආකාරයටComputers හා අනෙකුත් printers/scanners ආදිය එකිනෙක සම්බන්දවන ආකාරයයි.

LAN හා WAN අතර ඇති ප්‍රධාන වෙනස නම්, LAN වලදී Telephone cable සම්බන්ධවී ජාලය සාදන අතර WAN වලදී Telephone cableසම්බන්ද නොවී ජාලය නිර්මානය වීමත් වේ.


වැදගත්:- සමාන වර්ගයේ උපාංග දෙකක් සම්බන්ද කරනවිට Cross cableසෑදිය යුතුයි.
           නමුත්,වෙනස් වර්ගයේ උපාංග දෙකක් සම්බන්ද කරනවිට Strait cable සෑදිය යුතුයි

Twisted pair cables category –
“ Twisted pair cableයක් Ethernet වර්ගය ‍තෝරාගන්නේ නම්ඒ සදහාCat 3 හෝ ඊට වැඩි cableයක් හා එම cableය Repeaters’ භාවිතා නොකර Signal strength එක නොවෙනස්ව ගමන් කරන උපරිම දුර110mවේ.”



Fiber optic cable :-
මෙහිදී  data signal ගමන් කරනුයේ ආලෝක තරංග වශයෙනි,ආලෝක තරංග තත්පරයට මීටර් 300000000 වේගයකින් ගමන් කරන නිසා සාපේක්ශව Twisted pair cable හා Coxial cable වලට වඩා වේගයෙන් data ගමන් කරනුයේ මෙම Fiber optic cable වලයි. 
Optic cable යේ භාහිර ආවරණය ඉතා දැඩි එකක් නිසා භාහිර බලපෑම ඉතා අඩු අතර එම නිසාම cableයට ඇති ආරක්ශාව ඉතා වැඩිය.

         Cable වර්ග:- (Transmission medias)
    2. Wire රහිත ක්‍රමය = (wireless method)
·         Microwave transmission
·         Satellite
·         Wi-Fi   
             Wi-Max 

1.  Microwave transmission
Microwave තරංග ඔස්සේ නම්ඊට අදාල Tourයකට computerconnectකර ඉන් නිකුත් signal එක් tourකින් ඊට මුහුනලා ඇති අනෙක් tourයකට සම්ප්‍රරේශනය කරයි.එය ග්‍රහනය කරගැනීමට අනෙක්tourඑක සම්බන්ද computerයෙන අදාල signal එක බලා ගත හැක.
      (භාදක හමුවේ භාවිතාකල නොහැක) 
2.  Satellite

සාපේක්ශව වැඩිම වේගයක් පවතින transmission ක්‍රමයයි.විසිරුනු ප්‍රදේශයක් හරහාtransmission කිරීමේ හැකියාව වාසි සහගත වුවත් කාලගුන බලපෑම් හමුවේ වේගය මන්දගාමී වීම අවාසියකි


3.  WiMax 
Transmission කල හැකි උපරිම දුර10Km වේ.

4.  Wi-Fi
Network සම්බන්ධයෙන් සාමාන්ය මූලික දැනුමක් මෙයින් ලබාගන්න ඇතැයි විස්වාස කරනවා..ඒ වගේම  තවදුරටත් මේ පිලිබදව වගේම Computer Hardware පැත්ත ගැනත් මූලික අවබොධයක් දෙන්න බලාපොරොත්තු වෙනවා,ඒ වගේමයි Software Designing පැත්ත ගැනත් ඉදිරියට කියලා දෙනවා..

ඒවගේමයි මේ ලිපිය සම්බන්දයෙන් ඔබේ අදහස අපිට රන් හා සමානයි,ඉතින් මේ සම්බන්දයෙන් ඔබට ඇති ගැටලු,හා තවදුරටත් ඉදිරියට ඔබට දැන ගැනීමට අවශ්ය පැතිකඩයන් පිලිබදව  අපව දැනුවත් කරන්න..

Comments