අන්තර්ජාලය තුල සිය රහස්ය/භාවය රැකගන්නට නම්,

අන්තර්ජාලය තුල සිය රහස්ය/භාවය රැකගන්නට නම්,


අන්තර්ජාලය භාවිතා කිරීම දැලි පිහියෙන් කිරි කෑම මෙන් අසීරු කටයුත්තකැයි  කිවහොත් වඩා නිවැරදිය. 
එය මුළු ලෝකයේ සැමදෙනාටම බෙදා හදා ගතහැකි විශ්වීය පුස්තකාලයක් මෙන්ම දියවැඩියා රෝගය මෙන් 
නිහඬ මාරයෙකි. එනම්, අන්තර්ජාලය මඟින් ලබා ගත හැකි අපමණ දැනුම් සම්භාරයක් ඇත්තා සේම, 
එයින් විනාශ විය හැකි මාර්ග ද සමූහයක් ඇති අතර, තමන් එයින් විනාශ වූ බව දැනගන්නා විට ඇතැම් විට 
ඔබ ප‍්‍රමාද වී වැඩි විය හැකි නිසාය.

ඔබ වෙබ් පිටු අතර සැරිසරන විට, ඒ වෙබ් පිටු පිටුපස සැඟවී සිටිමින් ඔබ දෙස බලා සිටින පිරිසක් සිටින බව ඔබ 
දන්නේද? ඔවුන් ඔබ සැරිසරන මග ගැන අවධානයෙන් සිටිමින් ඔබ ගැන විවිධ තොරතුරු එක් රැස් කරති. 
මෙය එතරම් සැලකිලිමත් විය යුතු දෙයකැයි ඔබ නොසිතුවත්, ඔබ ඉතාම පෞද්ගලික දෙයක් හෝ රාජ්යන 
ආරක්ෂාව ආදී තියුණු මාතෘකා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නම්, හැකිතාක් එවන් පුද්ගලයන්ගෙන් 
ආරක්ෂා වීම නුවනට හුරුය.මේ සඳහා ඔබට භාවිතා කල හැකි සරල සහ නොමිලයේ සැපයෙන මෙවලම් කිහිපයක් 
ඇති අතර, 100%ක සාර්ථකත්වයක් නැතත්, යම්තාක් දුරකට මේවයින් සුභදායි ප්‍රතිපල ලැබෙන බව නම් 
සහතිකවම කිව හැකිය.
 Tor යනු නොමිලේ ලබාගත හැකි  මෘදුකාංගයක් වන අතර එමඟින් වෙබ් සම්බන්ධතාවයන් නිර්නාමික ලෙස 
පවත්වාගෙන යන්නට ඔබට අවකාශ ලැබේ. මේ වන විට අන්තර්ජාලයේ ඇති ප්ර්බලම ආරක්ෂක මෙවලමක් 
ලෙස හැඳින්විය හැකි Tor මෘදුකාංග පැකේජයක් ලෙස බාගත හැකිය. එසේම Tor සක්‍රීය කරන ලද 
වෙබ් බ්‍රව්සරද බාගත කරගැනීමට වෙබ් පරිශීලකයන්ට හැකිය. Tor හරහා හුවමාරු වන  දත්ත හඳුනාගැනීමේ 
හෝ ග්රමහණය කරගැනීමේ ක්රතමයක් නොමැත. එය කෙතරම් අපහසුදැයි කිවහොත් ඒ හරහා යන දත්ත 
හඳුනාගන්නට සමත් වන ඕනෑම අයෙකුට ඇමරිකානු ඩොලර් 110 000ක මුදලක් තෑගී කිරීමට රුසියානු 
ජනාධිපති වැල්දිමීර් පුටින්ග් මහතා පෙළඹී ඇත.
මෙය වෙබ් පරිශීලකයන්ට පුද්ගලිකව සන්නිවේදනය කිරීමේ විවෘත-මූලාශ්‍ර සහිත යෙදවුම් (open-source apps) 
නිර්මාණය කරන්නකි. මෙය ඇන්රොයිඩ් දුරකථන සඳහාද බාගත කල හැකිය. මෙහි ඉතාම ආරක්ෂාකාරී ලෙස 
වෙබ් පිටු අතර සැරිසරන්නට සුදුසු වෙබ් බ්‍රව්සරයක් වන Orwebඇති අතර එය පෙර පවසූ  Tor සක්‍රීය කරන 
ලද Orbotනම් ප්‍රක්සියකින් සමන්විතය. එසේම එතුල ඇති ChatSecureනම් යෙදවුම මඟින් පුද්ගලයන්ට 
පෙර කී වෙබ් දත්ත සොරුන්ට නොදැනෙන ලෙස දුරකථන ඇමතුම් ගැනීමට හා කෙටි පණිවිඩ යැවීමේ අවස්තාව 
සලසයි. එසේම , එහි ඇති පික්සල් විනාශ කරන කැමරා මෙවලම මඟින් පින්තූර ආදියද බොඳ කර පෙන්වනු ඇත.DuckDuckGoයනු සරලවම සෙවුම් යන්ත්‍රයකි (search engine). එය ඔබ අන්තර්ජාලයේ සැරිසරන මාර්ගය හෝ 
ඔබ ගැන දත්ත එකතු කරන්නක් නොවන අතර, ඔබ එවන් ආරක්ෂාකාරී බවක් අපේක්ෂා කරන්නේ නම්, Google 
ටත් වඩා සුදුසු වන්නේ මෙයයි.ඔබ වෙබ් පිටු ඇති සැරිසරන විටදී ඔබේ වෙබ් බ්‍රව්සරයේ search bar එකේ දිස්වන URL එක "http://"  
ලෙසින් හෝ "https://" ලෙසින් දැකගත හැකි බව ඔබ දැනටමත් දන්නවා ඇති. මෙම HTTPS Everywhere 
යන බ්‍රව්සර plugin මෙවලම Chrome, Firefox හා Opera යන ත්‍රිත්වය සමඟ එක්ව කටයුතු කරන අතර, 
ස්වයන්ක්රිuයව HTTP වෙබ් ලිපින , වඩා ආරක්ෂාකාරී HTTPS වෙබ් ලිපින බවට පරිවර්තනය කරනු ඇත. 
එමඟින්ද ඔබගේ දත්ත එකතු කරන්නට සූදානමින් සිටින වෙබ් සොරුන්ට ඇති අවස්ථාව යම් දුරකට මඟ හැරෙනු ඇත.Ghostery, ඔබගේ දත්ත පිළිබඳව අවධානයෙන් සිටින අංශ පිළිබඳව පෙර නිමිති දැන ගැනීමට සලස්වන අතර, මෙම 
බ්‍රව්සර extension එක භාවිතයෙන් එවන් අංශ ඔබේ දත්ත එකතු කිරීම අවහිර කල හැකිය. ඔබ එවන් දත්ත එකතු 
කරන වෙබ් අඩවියකට පිවිසි විගස Ghostery, pop - up පණිවිඩයක් මඟින් එය ඔබට දැනුම් දෙනු ඇත.
මෙයද බ්‍රව්සර extension එකකි. එය තෙවන පාර්ශවීය දැන්වීම්කරුවන් අවහිර කරන්නට සමත්ය. යම් 
අවස්ථාවකදී වෙබ් අඩවි වල  දත්ත එකතු කරන්නෙකු ඔබේ අවසරයකින් තොරව සිය කාර්යය කරන්නට පෙළඹේ 
යැයි  Privacy Badger සක කරන්නේ නම්, එය එසේ සිදු කරන තෙවන පාර්ශවීය දැන්වීම්කරුවාගේ එම ක්‍රියාව 
අවහිර කරයි. මෙය සැබවින්ම පරිශීලක සම්මුතිය (user consent) යන්න පදනම් කරගත් මෙවලමක් වේ. එනම්, 
දැන්වීම්කරුවා සිය සීමාව ඉක්මවයි ද, ඒ මොහොතේම Privacy Badger එය අවහිර කරයි.PGP වශයෙන් 90 දශකයේ මුල භාගයේ හඳුන්වාදුන් විද්‍ය්‍රත් සාකච්ඡා වඩා සුරක්ෂිත කිරීමේ කේතන වැඩසටහන  
ඔබට මතක ඇති. එහි නවතම අනුවාදය GPG (GNU Privacy Guard)ය. එය ඔබගේ දත්ත කේත කිරීමට හා 
සලකුණු කිරීමට උපකාර කරයි. සෑම පාර්ශවයක් සතුවම public හා  private ලෙස යතුරු දෙකක් පවතින අතර,
විද්‍ය්‍රත් පණිවිඩය යවන්නා, එය ලබන්නාගේ public යතුර වෙත එම පණිවිඩය යවයි. නමුත් මේ කේතාංකනය 
කල පණිවිඩය ලබන්නාට බැලිය හැක්කේ සිය private යතුර ඇතුලත් කළහොත් පමණි. මෙම private යතුර 
දැන  සිටින්නේ එම ලබන්නා පමණක් නිසා පණිවිඩය අනවශ්යත පුද්ගලයන් විසින් බැලීමට ඇති හැකියාව ඉවත් වේ.Wickr මඟින් ඡායාරූප, වීඩියෝ පට හා file ඇමිණුම්  ආදිය යැවිය හැකි අතර, ඒවා කාලෝචිත අවස්ථාවේදී 
මැකී යනු ඇත. එසේම එයට පණිවිඩ කේතාංකනයද කරන අතර  අවම වශයෙන් Wickr වත් ඒ පණිවිඩ කුමක්දැයි 
දැනගන්නට හැකියාව නැත. මෙසේ යවන පණිවිඩය හා එහි අන්තර්ගතය එය යවා තත්පර ගණනක සිට දින 
කිහිපයක කාලයක් ඇතුලතදී මැකී යනු ඇත.Google Play හා App Store ඇසුරෙන් මෙය බාගත හැකිය.iPhoneවල දුරකථන ඇමතුම් සඳහා යොදාගත හැකි Signal නම් යෙදවුමක් ඇති අතර, එය මේ වන විට ඇති 
දුරකථන ඇමතුම් කේතාංකනය කල හැකි හොඳම iOSයෙදවුම වේ. මෙම Signal  යෙදවුම නිර්මාණය කල 
Open Whisper පද්ධති සතුව ඇන්රොයිඩ් වලට සමාන RedPhoneනම් වූ අගින් අග යා වූ (end-to-end) 
කේතාංකන ක්‍රමයක් ඇති අතර, එය අදාළ අවස්ථාවේදී Signal යෙදවුම සමඟ යා වී, එහි පසුබිම ඒකාබද්ධ 
කරනු ඇත.මෙයද App Store ඇසුරෙන් බාගත හැකිය
අන්තර්ජාලය තුලදී ඔබේ විස්තර එකතු කරන්නන්ගෙන් ප්‍රවේසම් වීම පිළිබඳව වඩාත් උනන්දු අය  සඳහා 
Electronic Frontier Foundation නම් ලාභ නොලබන කණ්ඩායම මඟින් වර්තමාන අන්තර්ජාල 
පරිශේලකයන්ගේ දැනුම පිණිස Surveillance Self-Defense Guide නම් විවරණයක් ඉදිරිපත් කර ඇත. 
එය තුල අන්තර්ජාලයේදී ඔබේ විස්තර එකතු කරන්නන්ගෙන් ආරක්ෂා වන්නට වැදගත් වන කරුණු රාශියක් 
අඩංගු කර ඇති අතර, එය අන්තර්ජාලයට අලුතෙන් පිවිසෙන අයට මෙන්ම එහි කෙල පැමිණියෙකුට පවා 
වැදගත් වේ.එය Ssd.eff.org යන වෙබ් අඩවියෙන් බාගත කල හැකිය.අන්තර්ජාලය යනු අස්ථිර සුමිතුරෙකි. දෙපිටකාට්ටු සතුරෙකි. ඔබට එය තුල සම්පූර්ණ නිර්නාමිකයෙකු වන්නටත් , 
එම මොහොතේම කිසිදු රහස්ය තාවයක් නොමැති අයෙකු වන්නටත් ඉඩ ඇත. නමුත් අන්තර්ජාලය නොමැති 
ජීවිතය කෙසේදැයි පවා සිතීම උගහට වන තරමට එය අපට සමීප වී අවසානය.

Comments