උද්වේගකර අවස්ථාවලදී බොහෝ දෙනා ඉහළට ගන්නා හුස්ම පහළට නොහෙළන්නේ ඇයි ?

  හේතුව වන්නේ වසර මිලියන ගණනක සිට අප තුළ ඇති විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට ඇති චින්තන
 ක්‍රම වේදයයි. භීතිය, ත්‍රාසය මෙන්ම කෝපය දැඩි වූ අවස්ථාවලදී අපගේ ශරීරයේ මස් පිඩු තදවීම සිදු වේ.
 එවිට උදරය, ගෙල හා පපු ප්‍රදේශයේ පේශී නැවූ විට මහා ප්‍රාචීරයද තද වන බැවින් ආශ්වාස ප්‍රාවශ්වාස
 කිරීම තාවකාලිකව නතර වෙයි. එවිට ශරීරය නිශ්චල වන බැවින් අපට වඩා හොඳින් දැනීමට මෙන්ම හුස්ම
 වැටීමේ හඬ නොඇසෙන බැවින් වඩා හොදින් ශ්‍රවණය කිරීමට හැකියාව ලැබේ. හුස්ම අල්ලා ගැනීමට පෙර
 අචේතනිකව හුස්මක් ඉහළට ඇද ගන්නා බැවින් හෘදය සුළු වේලාවකට වේගයෙන් ක්‍රියාත්මක වී ශරීරයට
 වැඩිපුර ඔක්සිජන් නිකුත් කරයි. එසේම නිසලව සිටීම යනු අනතුරු වලින් ආරක්ෂා වීමටද හැකි ක්‍රමවේදයකි.

Comments