ලොව වැඩිම කලක් ආයු වැළඳූ සතුන්

මනුෂ්‍යයින් වන අපට වසර 100ක ආයු කාලයක් යනු ඉතා දිගු කාලයක් වුවද, සත්ත්ව ලෝකයේ සමහරුන්ට නම්
වසර 100ක් යනු දිවියක ආරම්භයක් පමණක් වන බව ඔබ දන්නවාද? ඒ ආකාරයට ලොව වැඩිම කලක් ආයු වැළඳූ
සතුන් කිහිපදෙනෙක් ගැනයි මේ.

වයස අවුරුදු 62ක් වන Wisdom පක්ෂියා

වනජීව විෂයේ සඳහන් වන ආකාරයට ලොව වයස්ගතම පක්ෂියා ලෙස සැලකෙන්නේ Wisdom පක්ෂියායි. 
මේ පක්ෂියාගේ සුවිෂේශීත්වය වන්නේ වයස අවුරුදු 62ක් වුවද මොහුට තම බිත්තර රැකීමේ හැකියාවක් පැවතීමයි.

වයස අවුරුදු 130ක් වූ Thomas නම් ඉබ්බා

ඔබ නරඹා තිබෙනවාද Nemo නම් චිත්‍රපටය? එම චිත්‍රපටයේද සඳහන් වන ආකාරයට මේ Thomas නම් ඉබ්බා 
ඉතාම දිගු කලක් දිවි ගෙවන්නට සමත් වෙනවා. වයස අවුරුදු 130ක් පමණ වයසැති මේ ඉබ්බා එක්සත් 
රාජධානියෙන් හමු වූ සත්වයෙක්. ඉතාම දුක්ඛදායක අයුරින් පසු කලෙක මීයෙක් විසින් ඔහුගේ පාදයක් 
සපාකෑම නිසස් මේ ඉබ්බා මරණයට පත් වුණා.

වසර 140ක් ආයු වැළඳූ යෝධ පොකිරිස්සා - George

වසර 140ක් පමණ වයසැති මේ පොකිරිස්සාව New York නුවර අවන් හලකට ගෙන යාමට තිබියදී PETA 
සේවකයෙකු විසින් බේරාගන්නා ලද බව වාර්තා වේ.

වසර 200ක් දිවි ගෙවූ Bowhead තල්මහා.

Bowhead තල්මසුන්ගේ සාමාන්‍ය ආයු කාලය වන්නේ වසර 80ක් පමණ බව සඳහන් වන නමුත් 2007 වසරේ 
මැයි මාසයේ Alaskan වෙරළේදී හමු වූ තල්මසෙකූහේ මුඛය තුලින් පුපුරන සුලු ද්‍රව්‍යක් සහිත මණ්ඩාවක් 
ගිල්වා තිබී හමු වී ඇත. පරීක්ෂකයින් පවසන ආකාරයට මේ ආකාරයේ මණ්ඩාවන් නිපදවා ඇත්තේ 1890 
වසර වල බැවින් මෙම සත්ත්වයා වසර 200ක් පමණ වයසැති බව නිගමනය කොට ඇත.


වයස අවුරුදු 250ක් වන Adwaita නම් යෝධ ඉබ්බා

2006 වසරේ මාර්තු මාසයේ ඉන්දියාවේ කල්කටා සත්ත්ව උද්‍යානයේදී වසර 250ක් වූ සිය ආයු කාලය අවසන් කළ 
මේ ඉබ්බාලොව වැඩිම කාලයක් ආයු වැළඳූ සත්ත්වයා ලෙස සැලකේ.

Comments