නිවැරදි ලෙස සේයාරුවක් SCAN කරන්නට නම්,..

නිවැරදි ලෙස සේයාරුවක් SCAN කරන්නට නම්,..


ප ඔබගේ නිවසේත් ඔබගේ කුඩා කල හෝ පාසල් යන කාලයේ හෝ ගන්නා ලද පැරණි සේයාරූ එකතුවක් ඇතිවාට
සැකයක් නැත. තමන්ගේ අතීතයේ මෙවන් සැමරුම් ඩිජිටල් පිටපත් සේ තබා ගන්නට නම්, ඔබට ඒවා පරිලෝකනය
(scan)  කිරීමේ දැනුම මනාව තිබිය යුතුය. නැතිනම් වන්නේ එම පැරණි සේයාරුවේ ගුණාත්මක බව තිබුනාටත්
වඩා   අඩු වීමය. නිවැරදි දැනුමක් සහිතව මේවා  පරිලෝකනය කරන්නේ නම්, තිබුනාටත් වඩා පැහැදිලි ගුණාත්මක
බවින් ඉහල පින්තූරයක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.රිලෝකන driver වර්ග විවිධාකාරය. එහෙයින් හැම විටම තමන්ට හුරු පුරුදු Windows විශේෂාංගයකින් එය 
ඇරඹීම වඩාත් සුදුසුය. Windows 7හි ඇති Windows Fax and Scan වැඩසටහන මෙයට කදිම නිදසුනකි. 
සේයාරූ පරිලෝකනයේ දක්ෂයෙකු වන්නට ඔබ අදිටන් කරන්නේ නම්, එම ගමන ඇරඹිය හැකි හොඳම ආකාරය 
එම වැඩසටහන භාවිතා කිරීමේ ප්‍රමුඛයෙකු වීමයි.
  Windows Fax and Scan ඉතාම සරලව සැකසුනු ඉතාම පහසුවෙන් වටහා ගත හැකි වැඩසටහනකි.
එය සතුව ඇත්තේ පරිලොකනයේ ඉතාම සරලම මූලධර්මයන්ය.Windows Fax and Scanහි ඔබ පරිලෝකනය කරන්නට යන  රූපයේ විභේදනය තීරණය කිරීමට හැකි විකල්පයක්
මෙහි ඇත. ඔබ  විභේදනය 300DPI ලෙස ලබා දෙන්නේ නම් එය පින්තූර මුද්‍රණයට ඉතාම ගැලපෙන පික්සල්
ඝනත්වයක් ඇති විභේදන අගයක් ලෙස නම් කල හැකිය.මෙහි මුහුණතේ ඇති Color format යන අංගයෙන්
ඔබට අවශ්‍ය පරිදි ඔබ පරිලෝකනය කරන්නට බලාපොරොත්තු වන සේයාරුවේ වර්ණය තෝරාගැනීමට ඔබට හැකිය.
එය කළු-සුදු ඡායාරූපයක් ලෙස හෝ, අළු පැහැයට හුරු එකක් ලෙස හෝ වර්ණ සහිත එකක් ලෙස පරිලෝකනය
කිරීම විකල්පයන් ඔබට මෙහිදී ලබා දේ. කළු-සුදු වර්ණ මාදිලිය එක තනි මාදිලියක් වන අතර එමඟින් සේයාරුවේ
ඉවුරු රළු කරවන අතර, anti-aliasing නොහොත් , තිරස් හා සිරස් රේඛා මෙන්ම වක්‍රාකාර ආදි සියලුම
රේඛා වල  සුනම්‍ය බව ඇති කිරීම එමඟින් වලකනු ඇත. කළු-සුදු වර්ණ මාදිලිය සැබවින්ම අතින් අඳින ලද
පින්තූර ආදිය පරිලොකනයට මිස අනෙකුත් ඡායාරූප වලට නොගැලපෙන බව නම් කිව යුතුමය.එම නිසා හැම
විටම වර්ණ සහිත හෝ අළු පැහැයට හුරු වර්ණ මාදිලිය වන grayscale නුවනට හුරුය.
 සිරස් අතට ගන්නා ලද ඡායාරුපයක් තිරස් ලෙස තබා පරිලෝකනය කිරීම හෝ, තිරස් අතට ගන්නා ලද 
ඡායාරුපයක් සිරස් ලෙස පරිලෝකනය කිරීම හැමවිටම ඒවායේ ගුණාත්මක බව අඩු කරයි. එසේම එක 
වරකට එක සේයාරුවක් බැගින් මිස, එක වර සේයාරූ කිහිපයක් පරිලෝකනය කිරීම නොකළ යුතුය. 
මන්ද යත් එක්  එක්  ඡායාරූපයේ ඇති එකිනෙකට වෙනස් සෙවනැලි සහ විශේෂයෙන් ලකුණු වූ තැන් 
ඉන් මගහැරිය හැකි බැවිනි.පරිලෝකනය කරන ලද සේයාරුව හැම විටම ඒවායේ  දත්ත සුරැකෙන මාදිලියකින්  
ඔබගේ පරිගණකයේ save කරගැනීමට වග බලා ගත යුතුය.  JPG වර්ගය ඡායාරූප විද්යුත් පණිවිඩ ලෙස 
යැවීමට ඉතාම සුදුසු වුවත්, එමඟින් සත්‍ය  සේයාරුවේ ඇති දත්ත ඒ අයුරින්ම සුරැකෙන්නේ නැත. 
එහෙයින්  TIFF හෝ PNG මේ සඳහා වඩාත්ම සුදුසු මාදිලිය ලෙස සැලකිය හැකිය. Windows Fax and Scan මඟින් නිවැරදිව සේයාරුවක් පරිලෝකනය  කරගැනීමේ දැනුම ඔබ සතු නම්, 
පරිලෝකන driver එක යොදාගෙන ඒවා පරිලෝකනය කිරීම ඉතාම පහසු බව කිව යුතුය. මෙම driver 
වර්ග "Home,” “Basic,” හා  “Office මාදිලි ලෙස දැකිය හැකි අතර ඒවා ඉතාම සරල විකල්ප දරන ඒවා වේ. 
නමුත් මෙහි professional මාදිලිය විකල්ප රැසක් සහිත තරමක් සංකීර්ණ එකකි. නමුත් මෙහි ඇති වාසිදායක 
තත්ත්වය නම්, එවන් බොහෝ විකල්පයන් වෙනස් නොකර එපරිද්දෙන්ම තැබීම හැමවිටම ගුණාත්මක ලෙස 
පරිලෝකනය වූ ඡායාරූපයක් ඔබට ලබා දීමට හේතු වීමයි. බිට් 24 විකල්පයෙන් ඔබට ඡායාරූපයක් පරිලෝකනය 
කල හැකි නම්, එය ගුණාත්මක බැවින් ඉහල සේයාරුවකට මඟ පාදන්නකි. DPI 300කට වඩා විශාල විභේදනයකට 
පින්තුරයේ තිබු විභේදනය වෙනස් කිරීම වෙනුවට මෙහිදී අදාළ ඡායාරූපයේ විශාලනය කිරීමක් සිදුවේ.
ඔබගේ පරිලෝකන driver  එක තුල ඇති saturation විකල්පය අදාළ සේයාරුවේ ගුණාත්මක බව ඉහල 
දමනු ඇත.සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි Photoshop හා  GIMP වැනි මෘදුකාන්ගයක් මඟින් වුවද මෙය කල හැකි 
වුවත් එහිදී ඔබ නොදැනුවත්වම එම සේයාරුවට සිදුවන්නේ බලවත් අසාධාරණයකි. මන්ද යත් එවැන්නකින් 
ඡායාරූපය සංස්කරණය කරන විටදී මුල් රූපයේ දත්ත බොහොමයක් ඉන් ඉවත් වන බැවිනි.
පෙර පැවසු පරිදිම මෙහිදීද  පරිලෝකනය කරන ලද සේයාරුව  දත්ත නැති නොවන මාදිලියකින් save කරගැනීමට 
සිහි තබා ගත යුතුය. කෙසේ නමුත් Photoshop හා  GIMP මඟින්ද ඉහල ගුණාත්මක බවක් සහිත ඡායාරූපයක් 
ලබා ගත හැකි බව කිව යුතුය. මෙය ඔබගේ පරිලෝකනය කරන ක්‍රියාවලියේ අවසන් අංගය ලෙස  එකතු කරගත 
හැකිය. මෙහිදී Selective Color වැනි මෙවලමක් භාවිතයෙන් පරිලෝකනය කර ලබා ගත්  ඡායාරූපයේ 
ගුණාත්මක   බව වැඩි කල හැකි අතරම  Lightroom, RAW ක්‍රමය හා Adobe Camera Raw යන ක්‍රියාවලි 
මඟින් සේයාරුවේ සර්ව සම්පූර්ණ  බව ඉහල යනු ඇත . විශේෂයෙන්ම Camera Raw ට Selective Color 
මෙවලමට වඩා අදාළ ඡායාරූපයේ සුදු ලකුණු ග්‍රහණය කරගැනීමේ හැකියාවක් ඇති අතර, ඡායාරූපයට ඉහලම 
සාධාරණයක් ඉන් හිමිවනු ඇත.
-;sir

Comments