Windows 8,10 මන්දගාමී වෙලා ලෙඩ දෙනවාද

මේ කියන්න යන්නේ Windows 8 හඳුන්වා දුන් අලුත් පහසුකමක් සම්බන්ධයෙනුයි. කාලයාගේ ඇවෑමෙන් ඕනෑම

මෙහෙයුම් පද්දතියක් විවිද අඩපණ වීම් හෝ නොයෙකුත් අබාදයන්ට ලක්ව නැවත එම මෙහෙයුම් පද්දතිය පිහිටුවා

ගැනීමට සිදුවන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. එවැනි අවස්ථාවලදී ඔබගේ සියළු දත්ත වෙනත් මාධ්‍යක්

වෙත Backup කිරීමක් සිදුකර එම Partition එක Format කර ඒ කාර්යය සිදු කර ගැනිමට සිදුවන බව

අමුතුවෙන් කිව යුතු නැහැ.ඒත් Windows 8 වලදී හදුන්වා දුන් මෙම අලුත් පහසුකම නිසා එසේ කරදර අත්විදීමකින් තොරව සහ ඔබගේ දත්ත

ඒ අයුරින්ම සුරක්‍ෂිතව තිබියදී නැවත Windows reinstall කර ගැනීම ඉතා අඩුකාලයකදී හැකියාව ලැබෙනවා.

මෙය හදුන්වන්නේ Refresh නමින්. මෙහිදී අහිමි වන ප්‍රධානම දෙය නම් ඔබ විසින් Windows 8 වලදී ලබාදුන්

Apps වලට අමතරව යම් Apps ප්‍රතිෂ්ඨාපනය කර ඇත්නම් ඒවා පමණයි. ඒවා පවා රැක ගනිමින් මෙම ක්‍රියාදාමය

සිදුකරගැනීමට හැකියාව ඇතත් මෙම ලිපියෙන් එම පියවරයන් අනුගමනය නොකර සාමාන්‍ය Refresh ක්‍රියාවලිය

පමණක් දක්වන අතර පසුව ලිපියකින් එම කාර්යයද කර ගැනීමට ඇති ක්‍රමය පවසන්නම්.

මෙම Refresh ක්‍රියාවලිය සිදුකරගන්නේ මේ ආකාරයෙනුයි. Windows Charms bar හිදී Settings 
තෝරන්න.එහිදී Change PC settings යන්න තෝරා එහදී General තෝරා තරමක් පහලට Scroll කරනා විට 
“Refresh your PC without affecting your files” යන්න ඔබට දැක ගැනීමට ලැබෙනවා ඇති.ඉන්පසු අදලා පියවරයන් අනුගමනය කිරීමෙන් පසුව මෙම Refresh ක්‍රියාවලිය කර ගත හැකිය

Comments