Word වේගවත් කර ගන්නේ මෙහෙමයි

මේ Repagination කියන Options එක Word වල තිබෙන හැම View එකකදීම ක්‍රියා විරහිත කල නොහැකි

වූවත් (ex : Page Layout or Print Preview) Draft වගේ mode එකකදී මේක disable කර ගැනීමෙන්

යම් කාර්යක්‍ෂම භාවයක් ලබා ගන්න පුළුවන්. Repagination වලදී අදාල පිටුව page break, auto numbering

වගේ දේවල් සකස් කර ගැනීම Draft වලදී අත්‍යාවශ්‍ය නොවුනත් අනෙක් mode වලදී එය අත්‍යවශ්‍ය වන නිසා

තමයි ඒවායේදී එය disable නොවන්නේ. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ.

 මුලින්ම View හිදී Draft mode එකට යන්න

ඉන්පසුව Word Options තෝරන්න.එහිදී Advance තෝරා General යන්න තෝරන්න. මෙහිදී Enable background repagination හි

tick ඉවත්කරන්න. Add-ins අපිට ‍ගොඩක් මෘදුකාංගවලදී භාවිතා වෙන බව බොහෝදෙනා දන්නවා ඇති. ප්‍රධාන මෘදුකාංගය

සමග පැමිනෙන හෝ පසුව එක් කර ගත හැකි, එම මෘදුකාංගයේ තවත් විවිදාංගීකරණයට යොදාගන්නා මෙම

Add-ins සමහරක් එම මෘදුකාංගය සමග තියෙන බව අපි දන්නෙත් නැහැ, ඒවගේම ඒවා සියල්ලක්ම අපි

කිසිදා භාවිතා නොකරනවාත් ඇති. කොහොමවුනත් පරිගණක මෘදුකාංගවල සක්‍රීය තත්වයේ තිබෙන ඕනෑම

අංගයක් අප පරිගණකය භාවිතා කරන විට එහි සම්පත් භාවිතා කර අපගේ ප්‍රධාන කාර්යයට සුළුවෙන් හෝ

බලපෑමක් ඇති කරනබව අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් එහෙනම් ස්ව්‍යංක්‍රීයව සක්‍රීය වෙලා තිබෙන එම

අනවශ්‍ය කොටසුත් ඉවත් කරන්න පටන් ගමු.මුලින්ම ඉස්සෙල්ලා වගේ Word Options තෝරන්න. ඉන්පසු එහිදී Add-ins තෝරන්නමෙම Add-ins කාණ්ඩ කිහිපයක් යටතේ තිබෙනවා. ඒවා Active (සක්‍රීය) සහ Inactive Application

Add-ins (අක්‍රීය) කියා හදුන්වාදිය හැකි අතරම Document Related Add-ins සහ Disabled Application

Add-ins වෙන්නත් පුළුවන්. මෙම Add-ins අනවශ්‍යද කියන එක ටිකක් සොයාබලා අවධානයෙන් කල යුතු

දෙයක්. ඒනිසා එම Add-ins එක මොනවගේ ක්‍රියාකාරීත්වයෙන් යුක්තද කියන එක මෙහි දැක්වෙන Type

හිදී දැන ගන්නට හැකියි.ඔබට යම් Add-ins එකක් සක්‍රීය හෝ අක්‍රීය කර ගැනීමට මෙහි දැක්වෙන Manage හරහා යෑමෙන් සිදුකරගැනීමට හැකියි.

Inspect Document දී අවශ්‍ය අංග පමණක් තෝරාගන්න.යමක් Analyze කරන්න යද්දී පරිගණකයේ සම්පත් භාවිතාකරන එක අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.

ඉතින් මෙහිදීත් අවශ්‍ය කොටස් පමණක් ඉතිරි කරගෙන අනෙක් ඒවා අක්‍රීය කරගන්න එක තමයි කරන්නේ.Word වලදී සැහෙන්න Options ප්‍රමාණයක් භාවිතාවෙනවා. කොහොමවුනත් මෙයින් එකක් හෝ කිහිපයක්

පමණක් ඉවත්කිරීමෙන් කාර්යක්‍ෂමතාවයක් නොලැබුනත් ඒවායේ එකිනෙකා අතර තිබෙන සම්බන්ධතා ඇති  

Options අක්‍රීය කිරීමෙන් යම් කාර්යක්‍ෂමාතාවයක් ලබා ගැනීමට පුළුවන්. උදාහරණයක් ලෙස මේ දැක්වෙන්නේ

එසේ අක්‍රීය කල හැකි Options කිහිපයක්.

ඒ වගේම ඔබ Auto Shape එකක් insert කරන්න යන විට drawing canvas එකක් Screen එකට එනවා 
දැකලා ඇති.මෙය භාවිතා කිරීමෙන් අපට අප ඇදීමට බලාපොරොත්තුවන සටහන කළමණාකරනය කරගැනීම පහසුවූවත් ඇතැම් 
අවස්ථාවල එය අපගේ කාර්යය සිතැඟි පරිදි ඉටුකරගැනීමට බාධාවක්ද නොවෙනවා නොවෙයි. ඉතින් අනවශ්‍ය 
අවස්ථාවල මෙය පහත දැක්වෙන ආකාරයට ඉවත්කර තබා ගන්න පුළුවන්.ඔබ මන්දගාමී පරිගණකයක් නම් තවම 
භාවිතා කරන්නේ පහත දැක්වෙන Options  ඉවත් කිරීමෙන් එයට යම් සහනයක් ලබා ගැනීමට පුළුවන්. 
ඒවගේම ඔබගේ ඉංග්‍රීසි දැනුම ගැන ඔබට සෑහෙන්න විශ්වාස නම් පහත දැක්වෙන Options  ඉවත් කිරීම ඔබගේ 
ලිපියේ ගුණාත්මකභාවයට හානියක් නොවෙන්න පුළුවන්. නැත්නම් ඒවා සක්‍රීය තත්වයේම තබාගන්න.

Comments