වින්ඩෝස් 10 RECOVERY පිලිබදව දැනගත යුතු සියලුම දේ…

වින්ඩෝස් recovery කිරීම පරිඝනක භාවිතයේදී අත්‍යවශ්‍ය දෙයක් වන අතර එය ඉතා පහසුවෙන්ම කර ගත හැකි වෙනවා.
recovery කිරීම Windows නැවත ස්ථාපනය ඉඩ අමතරව ඒ මගින් පරිඝනකයේ ඇති වන දෝෂ නිවැරදි කිරීමටත් වැදගත් මෙවලමක් වෙනවා.
මෙම මෙවලම මෙහෙයුම් පද්ධතියේ සමහර කොටස් පමණක් recovery භාවිතා කිරීමට භාවිතා කරන අතර ඔබ පරිඝනකය ආරම්භ කිරීමට
අසමත් අවස්ථාවකදී ඔබේ උත්සාහයට ඉඩ සලසන මෙනුවක් ඔබ වෙතට ඉදිරිපත් කරනු ලබනවා.එසේ නැත්නම් වින්ඩෝස් 10 වල ඇති “last
known good configuration.” භාවිතා කිරීමටත් ඔබට හැකි වෙනවා.
recovery කරන ආකාරය

recover2 වින්ඩෝස් 10 recovery පිලිබදව දැනගත යුතු සියලුම දේ...
පළමුව 8GB – 16GB ප්‍රමාණ අතරේ USB පෙන් එකක් ගන්න.ඊලඟට වින්ඩෝස් icon මත right-click කර Control panel
වෙත ගොස් search bar තුල “create a recovery drive” ලෙස ටයිප් කරන්න. මෙහි මැනුවල් ක්‍රමය – System & Security >
Security & Maintenance > Recovery මෙහිදී ඔබට තව දුරත් ඉදිරියට යෑමට ඔබේ පරිපාලක මුරපදය ඇතුලත් කිරීමට අවශ්‍ය විය හැකි අතර
“Back up system files to the recovery drive” ලෙස දිස් වෙන කොටුව තුල රූපයේ ආකාරයට සලකුණු කල යුතු වෙනවා.

recover3 වින්ඩෝස් 10 recovery පිලිබදව දැනගත යුතු සියලුම දේ...
ඔබේ recovery drive එක නිර්මාණය වෙනවාත් සමඟම ඔබේ පර්ඝනකය boot වෙනවා ඇති.usb මගින් boot වීම ඔබේ පරිඝනකයේ
වයසත්, මව්පුවරුවත් සමඟ වෙනස් විය හැකි නමුත් ඇරඹුම් තෝරා ගැනීම F යතුරු මගින් ද කල හැකි වෙනවා.එහි සිට ඔබ භාවිත කරන USB යතුර
තෝරා ගැනීම තුලින් Recovery කිරීම් ඉදිරියටම කර ගෙන යා හැකි වෙනවා. ඔබ සාර්ථකව ලෙස boot කර ගත්තේ නම් පහත සඳහන් විකල්ප බලා
ගත හැකි වෙනවා. ප්‍රථමයෙන්ම වින්ඩෝස් තුලින් රූපයේ ආකාරයට විකල්ප දෙකක් ලබා දෙනු ඇත.
1. Recover from a drive
2. Advanced options

recover4 වින්ඩෝස් 10 recovery පිලිබදව දැනගත යුතු සියලුම දේ...
මෙහි පළමු විකල්පය විසින් වින්ඩෝස් නැවත ස්ථාපනය කිරීම පෙන්නුම් කරන අතර එය සිදු කිරීම මගින් ඔබේ සියලුම් දත්ත අහිමි වනු ඇති.මෙය
වින්ඩෝස් ස්ථාපනය කීරීමක් වන අතර backup හෝ restore කිරීමක් නොවේ. මෙහි දෙවන විකල්පය Advanced Options සහිත වන අතර
මේ මගින් විවිධ ක්‍රම වලට වින්ඩෝස් ස්ථාපනය කල හැකි වෙනවා.(පහත රූපයේ සඳහන් මෙනුවේ ආකාරයට)

recover5 වින්ඩෝස් 10 recovery පිලිබදව දැනගත යුතු සියලුම දේ...
Advanced Options මෙනුව
1. System Restore : පරිඝනක පද්ධතිය සාමාන්‍ය ලෙස ක්‍රියා කරන අවස්ථාවකදී මේ ආකාරය recovery කිරීම සුදුසු වන
අතර මේ මගින් පරිඝනකයේ ඇති රූප, වැඩසටහන් සහ ආදී සියලුම දත්ත නැවත ඒ ආකාරයටම නැවත ලබා ගත හැකි වෙනවා.
2. System Image Recovery : ඔබ වින්ඩෝස් 10 තුල image backup tool එක භාවිතා කර ඇත්නම් මෙම System Image
Recovery එයට සම්බන්ද වනු ඇත.මේ මගින් යම් කාල සීමාවක් ඇතුලත තිබු සියලු දත්ත හා ස්ථාපනය වැඩසටහන් ද ඇතුළත් වන රූප නැවත
ඔබේ පරිඝනකයට ලබා ගත හැකි වෙනවා.
3. Startup Repair : පරිඝනකයේ වැඩසටහන් වල ඇති වන යම් යම් ගැටළු නැති කිරීමට මෙය උපකාරී වන නමුත් මේ මගින් ගැටලුව
හරි ආකාරයටම හඳුනා නොගනී.
4. Command Prompt : මෙය උපක්‍රම සහ උපායන් රැසක් සඳහා ප්‍රයෝජනවත් වන අතර බොහෝ විට මෙය පද්ධතියේ SFC /
Scannow විධාන වලට ක්‍රියා කරනවා.Command Prompt ඉතාමත් ප්‍රබල මෙවලමක් වෙනවා.
5. Go Back to the Previous Build : මේ මගින් ඔබ වින්ඩෝස් වලපෙර භාවිතා කල පිටපත ලබා ගැනීමට උපකාරී වෙනවා.
මේ ආකාරයට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට වින්ඩෝස් recovery කර ගත හැකි වෙනවා

Comments