ගංවතුරට හෝ ජලගැල්මට හසුවුණු ලිදක් ක්ලෝරිනීකරණය හා පිරිසිදු කිරීම..


හුග දවසකින් ලිපියක් පල කරන්නත් බැරි වුනා  ෙමාකද අාපදා තත්වයත් ඒක්ක අ ෙප් උපකරනවලටත් හානි උනා ඒ් නිසා තමයි ලිපි පල ක ෙල් නැත්ෙත්. ෙමී ලිපිය ෙහාදින් කියවන්න ෙකා්


සාමාන්‍යයෙන් ළිඳක් ක්ලෝරින්කරණය කරන ආකාරයට, ගං වතුරෙන් යටවුණු ළිඳක් ක්ලෝරීන්කරණය කරල ප්‍ර‍මාණවත් නැහැ. ඒ නිසා ගං වතුරෙන් යටවුණු ළිඳකට මුලින්ම ක්ලෝරීන් ග්‍රෑම් 250ක් පමණ ජලයේ දියකර ළිඳට දමා පැය 06ට වැඩි කාලයක් තබන්න. (පැය 24ක් තැබිය හැකිනම් වඩාත් සුදුසුය) අනතුරුව ළිඳේ ජලය හිස්කර ලිං පතුළ හොඳින් පිරිසිදු කරන්න“
අනතුරුව ළිඳ සාමාන්‍ය ලෙස පිරෙන්නට ඉඩ හරින්නට ඕනි.ළිඳ සුපුරුදු මට්ටමට පිරුණු පසුව මතු සඳහන් සූත්‍ර‍යට අනුව ළිඳෙහි ඇති ජල පරිමාව මැනගෙන ජලය ගැලුම් 1000ට ක්ලෝරීන් අවුන්ස 1ක් හෝ ග්‍රෑම් 28.35ක් (ගිණි පෙට්ටි පියනකින් 1ක්) බැගින් ගෙන හොඳින් දියකර ළිඳට දමන ලෙසත්, අනතුරුව පැය 24ක් ගතවීමෙන් පසු භාවිතයට ගතහැකිය.
සාමාන්‍ය ලිඳක් ක්ලෝරීන්කරණය කිරීමෙන් පැය 24කට පසුව බීමට ඇතුළු සමාන්‍ය භාවිතයට සුදුසු වුවද, ගංවතුරෙන් යටවූ ළිඳක බොහෝ විෂබීජ තිබිය හැකි බැවින් මසක්වත් ගතවනතුරු ජලය උණුකර නිවා භාවිත කරන ලෙසද දන්වා සිටිනවා.පහත පියවරද අනුගමනය කිරීම නිවැරදිය..
1. ලිඳ මෝටරයක් මගින් හෝ අතින් ඉස හොඳින් පිරිසිඳු කරගන්න.
2. ලිඳේ ඇතුලත බිත්තිද කොහු බුරුසුවක් අධාරයෙන් අතුල්ලා හොඳින් පිරිසිඳු කරගන්න.
3. ඉන්පසු ලිඳට නැවත ජලය පිරෙන්නට හරින්න.
4. පිරිසිඳු බාල්දියක් සහ කඹයක් භාවිතාකර ලිඳෙන් අලුත් වතුර බාල්දියක් ලබාගන්න.
 5. බ්ලීචින් කුඩු (TCL) පිරවූ මේස හැඳි දෙකක් (ප්‍රමාණය අනුව ගෙන ගෙන බාල්දියේ හොඳින් දියකරගන්න. බ්ලීචින් කුඩු (TCL) ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කාර්යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ලබාගත හැක. නැත්තං හාර්ඩ්වෙයාර් එකකින් ගන්න.
6. ක්ලොරින් මිශ්‍ර ජල බාල්දිය ලිඳ තුලට බස්සවන්න.
7. බාල්දිය ජලය තුල ඉහල පහල කරමින් (ජබු ගස්සවමින්) ක්ලෝරීන් හොඳින් මිශ්‍ර කරගන්න.
8. විනාඩි 30කින් පසු ජලය භාවිතයට ගත හැක.
9.පියවර 5 සිට 9 දක්වා දිනපතා දින තුනක්වත් සිදුකරන්න.
10. සාමාන්‍යෙයන් විෂබීජ සහිත විය හැකි නිසා මසක්වත් යන තුරු වතුර උණුකර නිවා බොන්න.

Comments