සදා නොමියෙන පරිගණක මිත්‍යා

ඕනෑම දෙයක් දිගු කලක් පවතින විට එහි විවිධ අංග පිලිබඳව මිත්‍යා ඇතිවීම සාමාන්‍ය කරුණකි. පරිගණක හා මෘදුකාංග පිළිබඳ මෙවන් විවිධාකාර මිත්‍යා රාශියක් ගොඩ
නැගී ඇති අතර බොහෝමයක් දෙනා පරිගණක හා ඒ ආශ්‍රිත තාක්ෂණ පිලිබඳව දැනුවත් වීම නිසා ඒවා දැන් ක්‍රමක් ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. කෙසේ වුවත් මෙම ලිපිය
සැකසෙන්නේ බොහෝ දෙනා තුල ඇති පරිගණක හා සම්බන්ධවූ සුලබ දුර්මත පිලිබඳවයි.
හැකර් වරුන් (Hackers) ඔබේ පරිගණකයට හානි කරන බව
කොහේ හෝ සැගවුන තැනක අප්‍රසිද්ධව පරිගණක තිරයමත දෑස් රදවාගෙන, ඔබේ පරිගණකයේ ආරක්ෂක දුර්වලතා පිළිබද විමසිල්ලෙන් සිටින පුද්ගලයෙකු
හැකර්වරයෙකු යැයි ඔබ සිතා සිටීනම්, එය වැරදි සිතුවිල්ලකි. බොහෝ Hacker වරු ක්‍රියාත්මක වන්නේ ස්වයංක්‍රීය වැඩසටහන් මගිනි. ඔබේ පරිගණකයට
පැමිණෙන Malware එකකින් ඔවුනට ඔබේ දත්ත සොරාගත හැකි බව සැබෑ නමුත් ඔබ ඉතාමත් ප්‍රකට හා ධනවත් පුද්ගලයෙකු නොවෙයිනම්, ඔබේ පරිගණකය
වෙනම විශේෂයෙන් අවධානය යොමුකරගත් Hacker වරයෙකු නැති බව ඔබ අවබෝධ කරගත යුතුය. තවද පරිගණක වලට වින කිරීමට මාන බලන Black
Hat Hacker වරු මෙන්ම පරිගණක පද්ධදි වල දුර්වලතා සොයා බලා ඒවා අවම කිරීමට උත්සහ කරන White Hat Hacker වරු නම් පිරිසක්ද
සිටින බව ඔබ දැනගත යුතුය.
නොමිලයේ මෘදුකාංග ලබාදෙන සියලු වෙබ් අඩවි “ පිරිසිදු” බව
අන්තර්ජාලය තුල ඇති බහුතරයක් නොමිල මෘදුකාංග ලබාදෙන වෙබ් අඩවි වර්තමානයේ ඔබ ලබා ගන්නා මෘදුකාංගය සමග තවත් කුමක් හෝ අනවශ්‍ය මෘදුකාංගයක්
ඔබේ පරිගණකය තුලට රිංගවීමට උත්සහ කරති. එබැවින් ඒවා පිරිසිදු යැයි විශ්වාස කිරීම සැබැවින්ම දුර්මතයකි. download.com, softpedia,
filehippo හා forceforge වැනි ප්‍රකට වෙබ් අඩවි මෙලෙස ඔබේ පරිගණකයට “කසල” පැටවීමට උත්සහ කරති. මීට අමතරව මෘදුකාංග
ඒවායේ නිල වෙබ් අඩවියෙන් ලබාගත්තද, ඒවා සමග අනවශ්‍ය Tool Bar extensions පැමිණීම දක්නට ලැබේ. එවන් කිසිදු බාධාවක් හෝ අහිතකර යමක්
රහිත වෙබ් අඩවියක් ලෙස අපටහමු වුයේ www.ninite.com වෙබ් අඩවිය පමණි.
ඔබේ පරිගණකය රාත්‍රියේදී ක්‍රියා විරහිත කලයුතු බව
ඔබේ පරිගණකය පසුගිය දශකය තුල නිපදවන ලද්දක් නම්, එය නිතරම Shout Down කිරීම අනවශ්‍යය. ඔබ එමගින් බොහෝ වෙලාවක් වැඩ නොකරන්නේ නම්,
එම කාලය තුල එය Shout Down කර තැබීම වෙනම කරුණකි. නමුත් මිනිසෙකුට මෙන් තාක්ෂණික උපාංගයකට “රාත්‍රි නින්දක්” අවශ්‍ය නැත.
කෙසේ වුවත් ඔබට විදුලිය පිරිමසා ගැනීමටත්, පරිගණකයට විවේකයක් ලබාදීමටත්, පරිගණකය පණගැන්වූ විට කාර්යක්ෂමව වැඩකටයුතු කරගෙන යාමටත් අවශ්‍යනම්,
ඔබට පරිගණකය Sleep කර තැබිය හැකිය. Sleep හෝ Hibernate තත්වයේදී පරිගණකය මුළුමනින්ම පාහේ අක්‍රීයව පවතින අතර භාවිතා කරන්නේ
ඉතාමත් අවම විදුලි බලයකි.
Automatic Updates අනිවාරයෙන්ම අක්‍රීයකල යුතු බව
pc4 සදා නොමියෙන පරිගණක මිත්‍යා
මෙය පැරණි crack කරනු ලැබූ අනවසර Windows XP සමග පැමිණි දුර්මතයකි. එලෙස crack ලැබූ අනවසර Windows සංස්කරණයක් Automatic
Update මගින් හෝ පරිශීලකයා විසින් update කලවිට, පරිගණකයට Windows ධාවනය කිරීමේ හැකියාව අහිමිවේ. කෙසේ වුවත් නවතම Laptop
හා Branded පරිගණක සමග බොහෝ විට Genuine Windows සංස්කරණයක් ඔබට ලැබෙන නිසාත් Windows 7, 8 හා 8.1 වැනි නවීන
මෙහෙයුම් පද්ධති crack කරන Auto KMS වැනි මෘදුකාංග වලින් ඔබට update කිරීමේ හැකියාවද ලැබෙන බැවින් Auto update කිරීම
හැම විටම අක්‍රීය කලයුතු නැත. ඔබට ප්‍රමාණවත් තරම් අන්තර්ජාල දත්ත ඉඩක් පවතීනම් හා ඔබේ වින්ඩෝස් සංස්කරණය නීත්‍යානුකූල නම්, ඔබට නොබියව
Automatic Updates සක්‍රීය කර තබා ගත හැකිය.
Internet Explorer යනු අසාර්ථක, මන්දගාමී වෙබ් බ්‍රවුසරයක් බව.
pc5 සදා නොමියෙන පරිගණක මිත්‍යා
නව Windows 10 හි ඔබට Internet Explorer බ්‍රවුසරය වෙනුවට දක්නට ලැබෙනු ඇත්තේ Edge නවතම බ්‍රවුසරයකි. එපමණක් නොව බොහෝ
පරිගණක පරිශීලකයන්ගේ අවශතා සපුරාලීමට Internet Explorer අසමත් විය. කෙසේ වුවත් නවීන Internet Explorer 9, 10
හා 11 සංස්කරණය ඒවායේ පූර්ණ සංස්කරණ වලට වඩා කීප ගුණයකින් දියුණු අතර නවීන HTML ……………. හා Java Script engine
වලින් බලගන්වා ඇත. මීට අමතරව Chrome, Opera හා FireFox වලට වඩා Internet Explorer මගින් අන්තර්ජාලයේ
සැරිසරනවිට Laptop බැටරි බැසයාම අඩු බව වාර්තාවී ඇත.
RAM මතකය පිරීයාම නරක බව
pc6 සදා නොමියෙන පරිගණක මිත්‍යා
නවීන මෙහෙයුම් පද්ධති හැකි පමණ ඔබේ RAM මතකය භාවිතා කිරීමට උත්සහ කරයි. මෙය Windows, Linux, Mac OS X මෙන්ම android
හා ios වැනි සියලු වැඩසටහන් වලට පොදුය. වත්මන් වෙබ් බ්‍රවුසර පවා ඔබේ RAM ධාරිතාවෙන් විශාල කොටසක් භාවිතා කරයි. එය සැබවින්ම අහිතකර නොවේ.
ඔබේ RAM එකෙහි google chrome හි දත්ත පිරී ඇත්නම්, ඊලග වතාවේ Chrome භාවිතා කරන විට එම වැඩසටහන ඉක්මනින් ධාවනය වනු ඇත. RAM
එකෙහි ඇති දත්ත Clean කිරීම ඔබ සිදුකලයුතු නැත. එය සිදුකිරීමට හොද දැනුමක් ඔබේ මෙහෙයුම් පද්ධතියට අතා. ඔබේ RAM මතකය පිරුනද, හිස්ව තිබුනද
පරිගණකය Slow වීමට බලපාන තවත් සාදක රාශියක් ඇති බැවින් පිරුණු RAM මතකයක් යනු පරිගණකයේ අවසානය නොවේ.
නිතරම පරිගණකය Defragment කලයුතුබව
pc7 සදා නොමියෙන පරිගණක මිත්‍යා
චුම්බක දෘඩ තැටි, වින්ඩොස් 98 හා XP යුගය දැන් අවසන් වෙමින් පවතී. ඔබ සතුව ඇත්තේ ඉහත සඳහන් කර ඇති නිපැයුම් නම්, ඔබ නිතර දෙවේලේ ඔබේ
පරිගණකය Defragment කලයුතු බව නම් සැබෑය. නවීන SSD හෙවත් Solid Stade Drives Defragment කල යුතු නැත. එබැවින්
ඔබේ හාඩ් ඩිස්කය SSD නම්, Defragment කිරීම අමතක කර දැමීමට හැකිය. windows vista, 7,8,8.1 හා 10හි ස්වයංක්‍රියව තැටි
Defragment කිරීම මෙහෙයුම් පද්ධතිය මඟින් සිදු කරයි. windows මෙහෙයුම් පද්ධතිවල සෑම බදාදා දිනකම හෝ වරු 1.00ට මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රියව,
ඔබට බාධා නොවන අයුරින් සිදුවෙයි. එබැවින් ඔබ‍ට Defragmentගැන වදවීම අනවශ්‍යය.

Comments