ඉලෙක්ට්‍රොනික මොලය ජීව මොලයට පියවරක් සමීප වෙයි

මෙල්බන්හි රාජකීය තාක්ෂණික ආයතනයේ(RMIT) සහ සැන්ටා බාබරාහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂක කාණ්ඩායමක් ප්‍රකාශ
කරන්නේ නැනෝ ප්‍රමාණයේ මතක ධාරිත්‍රක යොදා ගනිමින් මිනිස් මොලයේ ප්‍රතිසම ක්‍රියාකාරිත්වයට අනුරූප ඉලෙක්ට්‍රොනික මතක සෛල
නිපද වීමට හැකිවු බවයි.විවිධ වු තොරතුරු මතකයන් 0 සහ 1 වෙනුවට බහුපට(multi-tread) ලෙස සංචිත කරමින් සම්පුර්ණයෙන්ම
කෘතිම වු ජිව මොලයක් නිර්මාණය කිරිමේ ඉදිරි පියවර තැබු බව විද්‍යාඥයින් පවසයි.
RMIT මයික්‍රෝනැනෝ පර්යේෂණ පහසුකම් මත වැඩකිරිම යනු ඉලෙක්ට්‍රොනිකව මානව මොලයක් නිර්මාණය කිරීමේ වැදගත් අංගයක්
ප්‍රතිනිර්මාණය කිරිම පමණක් නොව අනාගතයේදී ස්නායු සම්බන්ධ ඇල්සයිමර් සහ පාකින්සන් තත්වයන්ට ප්‍රතිකාර කිරිම සදහා බාහිරව මෙම
රෝගී තත්වයන් පිලබදව කෘත්‍රිම මොලයන් අධාරයෙන් අධ්‍යයනයටද වැදගත් වේ.එසේම සයිබනිතික රෝපන වැඩි දියුණු කිරිම සදහාද මෙම
තාක්ෂණය වැදගත් වේ.
RMITහි ක්‍රියාකාරී ද්‍රව්‍ය සහ ක්ෂුද්‍ර පද්ධති පර්යේෂණ කාණ්ඩායමේ සම නායක ආචාර්ය ෂාරාත් ශ්‍රීරාම් පවසන්නේ “මෙය මොලයට සමාන
පද්ධතියක් සැදීමේ ආසන්නතම අවස්ථාවක්,එහිදි මේ ආකරයෙන් ප්‍රතිසම තොරතුරු(analog) ඉගැනීමේ හා ගබඩාකිරීමේ මතකයක් සහිත
සහ එම ගබඩා කල තොරතුරු ක්ෂණිකව ලබාගත හැකිය.මිනිස් මොළය ඇත්තෙන්ම සංකීර්ණ ප්‍රතිසම පරිඝනකයක්..එහි විකසනය පෙර
අත්දැකීම් මත පදනම් වුවක්.,එසේම එහි ක්‍රියාකාරිත්වය ප්‍රමාණවත් ලෙස ඩිජිටල් තාක්ෂණයෙන් නැවත නිෂ්පාදනයට හැකිවී තිබුනේ නැහැ.”
මෙම නව උපාංගය සදහා භාවිතා වන මතක ධාරිත්‍රක යනු සාමාන්‍ය ධාරිත්‍රක මෙන් නොව එහි විද්‍යුත් ප්‍රතිරෝධය ස්ථිර නොවේ.එසේම ඒ හරහා
ගලාගිය ධාරාවේ ඉතිහාසය පිලිබද අවබෝධයක් ඇත.මතක ධාරිත්‍රක වලට එයට යෙදවු විද්‍යුතයේ දිශාව සහ ප්‍රමාණය පිලිබද මතකයක් ඇත.
එසේම එය ඉක්මනින් වෙනස් නොවන අතර එය අක්‍රිය කරන තුරු සහ වෙනත් විද්‍යුත් ආරෝපණයක් ඇති කරන තුරු පවතියි.මේ ආකාරයට මතක
ධාරිත්‍රක මිනිස් නියුරෝන මෙන් ක්‍රියාකරයි මක් නිසාදයත් ඒවා තුළ අන්තර්ගත තොරතුරු ප්‍රමාණුකූල වන අතර ද්විමය පරිගණත දත්ත සක්‍රිය
හෝ අක්‍රිය කිරිම පමණක් නොවේ.
මෙම අධ්‍යනයේ ප්‍රධානි ආචාර්ය හුසේයින් නිලි පවසන්නේ “අපි දැන් ඔක්සයිඩ් ද්‍රව්‍යවල ඇති දෝෂ සහ අඩුපාඩු පාලනය කිරිම හදුන්වා දී
තිබෙනවා.එමගින් “මතකප්‍රතිරෝධී” වල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරිමට ඉඩ ලබාදෙන අතර එහි මතක මුලාංගවල ක්‍රියාකාරිත්වය ඒවයේ
පසුගිය අතදැකීම් මත පදනම් වේ. ඉහළ ආකීර්ණ සහ ඉතා වේගවත් ප්‍රතිසම මතක සෛල සැදීමේ හැකියාව , නවීන ජීව විද්‍යාත්මක ස්නායු
පද්ධතියක් අනුකරණය සදහා වැදගත් වේ. ”

Mind2 ඉලෙක්ට්‍රොනික මොලය ජීව මොලයට පියවරක් සමීප වෙයි
මෙම වාර්තමාන ක්‍රියාකාරකම් සදහා RMIT හි අතීත පර්යේෂණ උපයෝගි කරගන්නා අතර එහිදි මිනිස් කෙස් ගසකට වඩා 10,000 ගුණයකින්
සිහින් ඉතාම සියුම් ඔක්සයිඩ් පටල ද්‍රව්‍ය, නැනෝ පරිමා,ඉතා වේගවත් මතක සංරචක නිපදවීම සදහා යොදාගනියි.මෙම මතක සංරචක මැතකදී
නිර්මාණය කල ප්‍රතිසම ගබඩා උපාංග සැදීමට පදනම සපයයි.එසේම සංකිර්ණ කෘත්‍රිම බුද්ධි ජාලයක් සදහා අවශ්‍ය පුරෝගාමි සංරචක සපයමින්
අවසානයේ ජිව මොලයක් නිර්මානය සදහා වැදගත් වේ. ආචාර්ය නිලි තවදුරටත් අදහස් දක්වමින් කියා සිටින්නේ “මෙම නව සොයාගැනීම
අද්වීතිය එකක් වන්නේ එය බහුවිධ සෛල වල ගබඩා කිරීම සහ තොරතුරු ක්‍රියාත්මක කිරිම මොලයට සමාන ආකාරයෙන්ම සිදු කිරීමයි.කළු
සුදු ඡායාරූප පමණක් ගත හැකි පැරණි කැමරාවක් ගැන සිතන්න.ඒහා සමාන ක්‍රියාවක් මෙහිදි සිදුවේ.එහිදි කළු සුදු මතකයන් වෙනුවට අපි
අද සම්පුර්ණ හැඩය,වර්ණ,ස්වභාවය සහිත මතකයන් ලබා දෙනවා.එය වැදගත් පියවරක් වනු නොඅනුමානයි. ”
වයඹදිග විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් වැනි මෙම අංශයේම පර්යේෂණ සිදු කරන විද්‍යඥයින්ද මිනිස් මොලයේ ඉලෙක්ට්‍රොනික ප්‍රතිසම මතක
සදහා වැදගත් වන මතක ධාරිත්‍රක වල වැඩි දියුණු කටයුතු සිදුකරයි.RMIT සහ අනෙකුත් සොයාගැනීම්, අනාගත කෘත්‍රිම මතක උපාංග පිලිබද
පර්යේෂණ සිදු කරන විද්‍යාඥයින්ට වැදගත් වන අතර සජිවී මිනිස් හා සත්ව මොල සමග වැඩකිරීමේ අවධානම පහව යනු ඇත.
ආචාර්ය නිල් වැඩිදුරටත් පැවසුවේ “ඔබට ශරීරයෙන් පිටත මොලය ප්‍රතිනිර්මාණය කල හැකි නම්, මොලය සම්බන්ධ ප්‍රතිකාර සහ පර්යේෂණ
වලදි ස්නායු සම්බන්ධව අධ්‍යානය කිරිම වඩාත් පහසු වනු ඇති බවයි. ”

Comments