කෘතීම බුද්ධිත් සමඟ අනාගත උසාවි අධිකරණය.

mind2 කෘතීම බුද්ධිත් සමඟ අනාගත උසාවි අධිකරණය.
මානව හිමිකම් සඳහා වූ නඩු සඳහා කෘතීම බුද්ධිය භාවිතා කිරීම මගින් 79% ක නිරවද්‍යතාවයකින් යුත් තීන්දු ලබා ගත හැකි බව නව අධ්‍යනයක්
තුලින් හෙළි කර ඇති අතර පර්යේෂකයන් පවසන පරිදි මෙම තාක්ෂනය ඇල්ගොරිතම භාවිතා කර යම්කිසි යාන්ත්‍රණයක් මගින් නඩුව පෙළ විශ්ලේෂණය
කර තීන්දු ලබා දෙන ප්‍රථම අවස්ථාව මෙය වන බවයි.
මෙය ක්‍රියාත්මක වන ආකාරය
මෙහිදී මෙම පර්යේෂක කණ්ඩායම, ECtHR (මානව හිමිකම් යුරෝපීය උසාවිය) දත්ත සමුදාය මත පිවිසී නඩුවට අදාළ තොරතුරු මොහුන් විසින්
නිරීක්ෂණය කරන අතර මොහුන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති අදාළ නඩුවල තොරතුරු සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපීය
සම්මුතිය නිරීක්ෂණය කරනු ලබයි.ඉන් පසු අදාළ දත්ත තොරතුරු බවට පත් කර ඒ මතට ඇල්ගොරිතම් රටාව එක් කිරීම මගින් අපක්ෂපාතිව
විශ්ලේෂණය කර ප්‍රතිඵලය නිකුත් කරනු ලබයි. මෙම ක්‍රමය ලන්ඩන් විශ්ව විද්‍යාලය (UCL), ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලය සහ පෙන්සිල්වේනියා
විශ්ව විද්‍යාලය පර්යේෂකයන් විසින් සකස් කර ඇති අතර මෙම ක්‍රමය මානව හිමිකම් පිළිබඳ නඩු සහ යුරෝපීය සම්මුතිය උල්ලංඝනය කිරීම්
සඳහා වටිනා මෙවලමක් බව පරිගණක විද්‍යා අධ්‍යනය මෙහෙයවූ ආචාර්ය Nikolaos Aletras විසින් ප්‍රකාශ කර ඇත.

mind3 කෘතීම බුද්ධිත් සමඟ අනාගත උසාවි අධිකරණය.
මෙම පර්යේෂක කණ්ඩායම විසින් මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණය (ECtHR) විසින් විනිශ්චය බෙහෙවින් නීතිමය නොවන
කරුණු වෙනුවට සෘජුව නීතිමය තර්ක කිරීමට සම්බන්ධ වී පවතින බව සොයා ගෙන ඇති අතර මෙම ගැටලුව බොහෝ විට යථාර්තවාදී බව මොහුන්
විසින් හෙළි කර ඇති අතර මොහුන්ගේ මෙම නවතම සොයා ගැනීම නඩු විභාග පිලිබදව තීරණ ගැනීම සඳහා, එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය ඇතුළු
අනෙකුත් ඉහළ මට්ටමේ අධිකරණ ක්‍රියාවලි සඳහා බෙහෙවින්ම උපකාරී වන බව මොහුන් විසින් ප්‍රකාශ කර ඇත.

Comments