ගුගල් ක්_රෝම් බිඳ වැටීම යථා තත්වයට පත් කරන්නේ කෙසේද_

ඔබට නිතරම “ ගුගල් ක්‍රොම් බිද වැටී ඇත.( Whoa! Google Chrome has crashed)” පණිවිඩය දක්නට ලැබේ
නම් බොහෝ විට ඔබගේ පද්ධතියේ ගැටළුවක් ඇත. එය ඉඳ හිට සිදුවන්නක් නම් අනිවාර්යයෙන් ඔබට යථා තත්වයට පත් කර ගත හැකිය.
ක්‍රොම් බිද වැටීම් කොපමණ කාලයකට සිදු වන්නේද යන්න පිලිබඳ දැනගැනීමට ඔබ උනන්දු නම්
ඔබට chrome://crashes(ක්‍රොම්://බිදවැටීම්) යන්න ඔබගේ ස්ථානීය තිරුවේ(location bar)
ටයිප් කර ඇතුල් කිරීමේ යතුර(Enter) ඔබන්න. එමගින් ඔබට ක්‍රොම් බිඳ වැටුනු විට එහි බිඳ වැටුම් ලැයිස්තුව
බලාගත හැක. මෙය ක්‍රොම්හි බොහෝ සැගවුනු ක්‍රොම්:// පිටු(chrome’s many hidden chrome:// pages)හි
එක් අවස්ථාවකි.
Run the Google Software Removal Tool (ගුගල් මෘදුකාංග ඉවත් කිරීමේ ටුලය ක්‍රියාත්මක කිරීම.)

ගුගල් විසින් ක්‍රොම් බ්‍රව්සරයේ සමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරන දෑ ඉවත් කිරිම සදහා ටුලයක් හඳුන්වා දී තිබෙනවා.
ඔබට සිදු කිරීමට ඇත්තේ www.google.com/chrome/srt/ වෙත පිවිස බාගත කිරීම පමණයි. එය නැවත ආරමිභ කරන විට
ඔබගේ බ්‍රව්සරය නැවත පිහිටුවීම සදහා විමසනු ලැබේ. එය බ්‍රවිසරය බිද වැටීමේ හා අනෙක් දෝෂ වැලැක්වීම සදහා හේතු වේ.
අර්බුදකාරී මෘදුකාංග සෙවීම.
ඔබගේ පරිගණකයේ ඇති සමහර මෘදුකාංග ගුගල් ක්‍රොම් සමග ඝර්ටනය වන අතර බිද වැටීමටද හේතු වෙයි. මේවායේ අනිෂ්ට මෘදුකාංග සහ
ජාලකරණ මෘදුකාංග අන්තර්ගත වන අතර එය ගූගල් ක්‍රොම් සදහා බාධා ඇති කරයි. ගුගල් ක්‍රොම්හි ඇති සැගවුනු පිටුවක් මගින් ඔබගේ පරිගණක
පද්ධතියේ ඇති ගුගල් ක්‍රොම් වලට හානි කරන මෘදුකාංග පිලිබඳ පෙන්නුම් කෙරේ. එයට ඇතුල් වීම සදහා ක්‍රොම්හි ලිපින තිරුවේ(address
bar) chrome://conflicts(ක්‍රොමි://අර්බුද) ටයිප් කර ඇතුල් කරන්න.(Enter)


ඔබට ගුගල් ක්‍රොම් බිඳ වැටීම සිදු කරන මෘදුකාංග ලැයිස්තුවක් ගුගල් ක්‍රොම් වෙබ් අඩවියෙන් ලබා ගත හැක. අර්බුදකාරී මෘදුකාංග වලට විසඳුම්
පිලිබද උපදෙස් මෙම පිටුවේ අන්තර්ගත වෙයි. ඔබගේ පරිගණක පද්ධතියේ මෙම අර්බුදකාරි මෘදුකාංග ඇත්නම් ඒවා නවතම අනුවාදය
සදහා යාවත් කාලීන කොට අබලකර අස්ථාපනය කල යුතුය. ඔබට කුමන මෘදුකාංග මොඩලය ඒහා සම්බන්ධ දැයි ඔබට සහතික කර ගැනීමට
ගුගල් සෙවුම් සිදු කල හැක.
අනිෂ්ට මෘදුකාංග(malware) සදහා පරිලෝකනය(scan) කිරීම
අනිෂ්ට මෘදුකාංග ද ගුගල් වලට බාධා කරන අතර බිඳ වැටීම සදහා ද හේතු වේ. ඔබට සෑම විටම මෙම බිඳ වැටීම අත් දැකිමට ලැබේ නම් ඔබගේ
පරිගණකය මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි අසෙන්ෂල් වැනි වයිරස් වීරෝධි(antivirus) මෘදුකාංග මගින් පරිලෝකනය කල යුතුය.


ෆ්ලෑෂ් බිද වැටීම් විසදීම
අප සොයාගෙන තිබෙනවා ක්‍රොම් ප්ලගිනය ක්‍රොම් තුලට එක් කිරිමෙන් එහි බිඳ වැටීමට හේතුවන බව. ඔබට නිතරම කම්පන තරංග ෆ්ලෑෂ් බිඳ
වැටීම් දක්නට ලැබේ නම් ඔබට අභ්‍යන්තර ෆ්ලෑෂ් ප්ලගිනය, ගුගල්හි සම්මත ෆ්ලෑෂ් ප්ලගිනයක් මගින් අක්‍රිය කල යුතුය.
නව ගිණුමකට මාරු වීම
හානි වු ගිණුම් මගින් ක්‍රොම් බිද වැටීම් සිදු විය හැක. ගුගල් සැකසුම් තිරයට ගොස් නව ගිණුමක් සෑදීම මගින් ඔබට මෙය පරික්ෂා කල හැකියි.
ක්‍රොම් මෙනුවෙන් සැකසුම් පිටුවක් විවෘත කර පරිශිලකයන් යටතේ නව පරිශිලකයෙකු එකතු කිරීම සිදු කල හැක. නව පරිශිලකයෙකු
සැදීමෙන් පසු තවදුරටත් බිඳ වැටේදැයි පරික්ෂා කල යුතුය. ඔබගේ ගුගල් ගිණුම වෙත ඇතුල් වී ඔබගේ පරණ ගිණුමේ දත්ත හා ඒකාබද්ධ
කරගත හැක. නමුත් ගුගල් නිර්දේශ කරන්නේ පැරණි ගිණුමෙන් ලේඛන වශයෙන් හෝ ලිපි ගොනු වශයෙන් එක්කර නොගන්නා ලෙසයි.
මක්නිසාදයත් එමගින් බිඳ වැටිම් සහ දෝෂ ඇතිවිය හැක.


පද්ධති ලිපි ගොනුවේ ගැටළු විසදිම
ඔබගේ බිදඳ වැටීම් සිදුවෙයි නම් ගුගල් නිර්දේශ කරන්නේ SFC.EXE /SCANNOW වැඩසටහන ක්‍රියාත්මක කර වින්ඩෝස් පද්ධතියේ
සුරක්ෂීත පද්ධති ලිපිගොනු සදහා පරීක්ෂා කර විසඳුම් ලබා දීමයි. මේ සදහා ඔබගේ ආරම්භක මෙනුවේ ක්මාන්ඩ් ප්‍රොම්ට්හි ස්ථාපනය
කල යුතුය.


කමාන්ඩ් ප්‍රොම්ට්හි පහත විධානය ටයිප් කර පසුව ඇතුල් කරන්න. SFC.EXE /SCANNOW වින්ඩෝස් විසින් ඔබගේ පරිගණකය
පරිලෝකනය කර දෝෂ සොයා බලා එය නිවැරදි කිරීම සිදු කරයි.




පරිගණක දෘඩාංග දෝෂ ක්‍රෝම් බිද වැටීම සදහා හේතු වේ. ඔබට ඔබේ පරිගණකයේ රැම් එක පරික්ෂා කර එහි දෝෂයක් නැති
බව කහවුරැ කරගත හැක.

Comments