නවතම ඉහළ-කාර්යක්ෂම එන්ජින් සදහා අවුඩි හදුන්වා දෙන නව දහන ක්‍රමවේදය

නවතම විමෝචන නිතී රේගුලාසී දැඩිලෙස බලාත්මක විමත් සමගම ලෝක මෝටර් රථ නිෂ්පාදකයන් තෙල් පාරිභෝජනය අඩුකෙරෙන නවීන
ක්‍රමවේද වලට යොමු වෙමින් පවතියි. මෙම ඉන්ධන කාර්යක්ෂමතාව පිලිබද තරගයේදී අවුඩි විසින් නව දහන ක්‍රමවේදයක් සහිත සිලින්ඩර
4 TFSI එන්ජිමක් වැඩි දියුණු කලේය. එය එම කාණ්ඩයේ වඩාත් කාර්යක්ෂමම ලීටර් 2 ගැසලින් එන්ජිමද වෙයි.අවුඩිහි නවතම එංජිමේ
දහන ක්‍රමවේදය මිලර්ගේ චක්‍රයට සමාන වේ.එමගින් ලිටර් 2 ටර්බෝ ඒකකයක් මගින් කිලෝවොට් 140(අශ්ව බල 190)ක් නිෂ්පාදනය
කෙරෙන අතරම නව යුරෝපීය ධාවන චක්‍රයේ(NEDC) සිත් ගන්නා සුළු ලීටර් 5.0/ කි.මී 100 ක ලබා දෙයි.එසේම එංජිමෙන් නැනෝමිටර්
320ක ව්‍යවර්තයක් නිපදවෙන අතරම මෙම සියල්ලම මිනිත්තුවකට වට 1,450ක් මගින් ලබා දෙයි.එය මාර්ග තදබදය ඇති ස්ථාන වල අඩු
වේගයට වඩා උචිත වේ.
මෙම මිනුම් වලට ලගාවීමට අවුඩි විසින් ආදාන කාලය එහි නැමුම් ප්‍රමාණය අංශක 200 සිට 140 දක්වා අඩුකර ඇත.මෙම ආදාන කාලය අඩු
වුවත් එංජිමට අවශ්‍ය සිලින්ඩර ආරෝපනය ලබා ගත හැක්කේ අභ්‍යන්තර ආයමුඛයෙන් ඇති කරන ඉහල පිඩනය නිසාය.නව දහන ක්‍රමවේදය
යටතේ ආදාන කපාටද සාමාන්‍ය අවස්ථාවට කලින් වැසෙන නිසා කාර්යක්ෂම -හුවන ඉහල සම්පිඩන අනුපාතයකින් අවුඩි දිවීමට සමත් වෙයි.
අවුඩිහි එංජින් නිෂ්පාදන අංශයේ ප්‍රධානි ස්ටෙෆාන් කෙන්රිෂ් පවසන්නේ “මෙම සොයාගැනීමට ස්තුතිවන්ත වන්නට ,එංජිමේ අතුරු
ක්‍රියාකාරීත්වයන් අඩුවීමේ ප්‍රතිඵල එංජිම යහපත් ලෙස අත්දකින අතර වැඩි භාරයකදී එය විශාල-විස්තාපන එංජිමක වාසිය ලබා ගනි.
ප්‍රතිඵලය ඉතා යෝග්‍ය කාර්යක්ෂමතාවය සහ ක්‍රියාකාරීත්ව ලක්ෂණ එංජිමේ සියළු වේග පරාස කෙරෙහිම පවත්වා ගනියි. ”
Audi2 නවතම ඉහළ-කාර්යක්ෂම එන්ජින් සදහා අවුඩි හදුන්වා දෙන නව දහන ක්‍රමවේදය
මෙම නව එංජිම A4 හි ඊළග පරම්පරා‍වේ ආධුනිකයෙකු වන අතර උත්ක්‍රමණය සදහා ඉතා කෙටි කාලයක් ගත වන ලෙස නිර්මාණය කර ඇත.
අවුඩිහි අරමුණ වන්නේ ඝර්ෂණය අඩු කිරීමයි.එය මර්සිඩිස් ආයතනය එහි අභ්‍යන්තර එංජින් සදහා සිදුකල තල ඇතිල්ලීම් අතර ආලේපක
යෙදීමයි. ධාවක චක්‍රයට සිදුකල කාර්යක්ෂමතාව සදහා සිදු කල සංශෝධන වලට අමතරව එංජිමේ සැහැල්ලුවෙන් යුතු වන අතර එය
බරින් කිලෝග්‍රෑම් 140කි.එය A4 හි සමබරතාව පවත්වා ගැනීමට මෙන්ම තෙල් පාරිභෝජනය අඩු කිරීමටද වැදගත් වෙයි.මෙම
එංජිම වියානාහි මෝටර් සම්මන්ත්‍රණයෙදී එලි දැක්වුනු අතර 2015 වසර අවසානයේදී නවතම A4 සමගම හදුන්වා දීමට බලාපොරොත්තු වේ.

Comments