වේගවත් මෙන්ම වැඩි බැටරි ආයු කාලයක් පවතින සහ නවතම උපාංග සහිත වෙබ් බ්‍රව්සරය.

වේගවත් මෙන්ම වැඩි බැටරි ආයු කාලයක් පවතින සහ නවතම උපාංග සහිත වෙබ් බ්‍රව්සරය.
web1 වේගවත් මෙන්ම වැඩි බැටරි ආයු කාලයක් පවතින සහ නවතම උපාංග සහිත වෙබ් බ්‍රව්සරය.
web4 වේගවත් මෙන්ම වැඩි බැටරි ආයු කාලයක් පවතින සහ නවතම උපාංග සහිත වෙබ් බ්‍රව්සරය.
නවීන වෙබ් බ්‍රව්සර සියලුම පහේ ඉතාමත් ප්‍රයෝජනවත් වන අතර මයික්රොසොෆ්ට් හි පැරණි අනුවාදය වන Internet Explorer
වලට වඩා එහි නවතම අනුවාදය වන Microsoft Edge ඉතාමත් දියුණු වේ.
මෙම සමස්ථ වෙබ් බ්‍රව්සර් අතරින් ගුගුල් ක්‍රෝම් ගත් කල, එය ෆයර්ෆොක්ස් සහ එජ් වැනි අනෙකුත් බ්‍රව්සර වලට වඩා වින්ඩෝස් 10 තුල පහසුවෙන්
ක්‍රියා කල හැකි අතර ගුගුල් සමාගම විසින් මෙම ක්‍රෝම් බ්‍රව්සර මගින් සමස්ථ අන්තර්ජාලයේ දියුණුවට සහ වර්ධනය සඳහා භාවිතා කරයි.මේ හේතුව නිසා
මෙම බ්‍රව්සරය තුල අනෙක් බ්‍රව්සර් වලට වඩා විශේෂාංග වලින් සමන්විත වන අතර මෙහි ඇති Chromecast විශේෂාංගය මෙයට කදිම උදාහරණයක්
වෙයි. වර්තමානයේ ගුගුල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් අතරින් පළමු තැන මෙන්ම වේගවත්ම වෙබ් බ්‍රව්සරය වන අතර මයික්‍රසොෆ්ට් එජ් මේ හා කරට කර
සිටින නමුත් බ්‍රව්සරය තුල ඇති විශේෂාංග අතරින් ක්‍රෝම් ප්‍රමුඛස්ථානය ගනී. ගුගුල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය සඳහා ඔබට අවශ්‍ය ඕනෑම විශේෂාංගයක් එකතු
කර ගත හැකිය.මෙම බ්‍රව්සරය වින්ඩෝස්, macOS, ලිනක්ස්, iOS, Android මෙන්ම Chromebooks මෙහෙයුම් පද්ධති තුල ද ක්‍රියාත්මක කල
හැකිය.
නමුත් මෙම ගුගුල් ක්‍රෝම් ලැප්ටොප් පර්ඝනකය වල බැටරිය කාර්යක්ෂම භාවිතා කල නොහැකි බ්‍රව්සරයක් වන අතර මීට අමතරව, මෙය භෞතික
වශයෙන් RAM එකට හානි පමුණුවමින් පැරණි පර්ඝනක මන්දගාමී කරවයි. එහෙත් මෙවැනි RAM නවීන පර්ඝනක වලට භාවිතා කරමින් ඒවායේ වේගය
වැඩි දියුණු කරනු ලබන නිසා බොහෝ දෙනා මේ මතය පිලිනොගනු ඇති අතර බොහෝ විට මෙය පැරණි පර්ඝනක සඳහා පමණක් අදාළ වනු ඇත.
Google +, Chrome app launcher, notification center, සහ Chrome apps යන බ්‍රව්සර් විශේෂාංග මගින් අන්තර්ජාල
කටයුතු පහසු කරන අතර මේවා මගින් පරිඝනක බැටරි ආයු කාලය අඩු කරන නමුත් ගුගුල් සංවර්ධකයන් විසින් බැටරි ආයු කාලය වැඩි කිරීම සඳහා
අවධානය යොමු කර ඇත.
හොදම බැටරි ආයු කාලයක් සඳහා Microsoft Edge (Windows) සහ Apple Safari (Mac)

web2 වේගවත් මෙන්ම වැඩි බැටරි ආයු කාලයක් පවතින සහ නවතම උපාංග සහිත වෙබ් බ්‍රව්සරය.
වින්ඩෝස් සහ macOS මෙහෙයුම් පද්ධති පිළිවලින්, මයික්‍රසොෆ්ට් සහ ඇපල් සාමාගම් වලට අයත් වන අතර මොහුන් විසින් වෙබ් බ්‍රව්සර් මගින්
(වින්ඩෝස්- Microsoft Edge සහ macOS- Safari) පරිඝනක බැටරි ආයු කාලය සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති අතර මෙම
බ්‍රව්සර් දෙක තුලින් පරිඝනක බැටරි ආයු කාලය කාර්යක්ෂම භාවිතා කල හැකි වේ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ඇති පරිඝනකයක මයික්‍රසොෆ්ට්
එජ් වෙබ් බ්‍රව්සර්ය ක්‍රෝම් වලට වඩා බැටරි ආයු කාලය පවත්වනවා මෙන්ම මැක්‌ මෙහෙයුම් පද්ධතියක් ඇති පරිඝනකයක සෆාරි වෙබ් බ්‍රව්සර්ය වැඩි
බැටරි ආයු කාලයක් පවත්වයි. මේ අනුව සියලු ලැප්ටොප් පරිඝනක සඳහා එජ් සහ සෆාරි බ්‍රව්සර් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අතර මේ
ආකාරයට ඔබට බැටරි ආයු කාලය වැඩි කර ගැනීමට අවශ්‍ය නම් පමණක් මෙය භාවිත කල හැකිය. එජ් සහ සෆාරි බ්‍රව්සර් තවමත් ක්‍රෝම් හි ඇති විශේෂාංග
මට්ටමට පැමිණ නොමැති වේ. උදාහරණයක් ලෙස, එජ් බ්‍රව්සරය භාවිතා කල හැක්කේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ඇති පරිඝනකය වලට සහ ජංගම
දුරකථන වලට පමණක් වන අතර සෆාරි බ්‍රව්සරය භාවිතා කල හැක්කේ macOS මෙහෙයුම් පද්ධතියක් ඇති පරිඝනකය වලට සහ ජංගම දුරකථන වලට
පමණක් වන නමුත් ක්‍රෝම් බ්‍රව්සරය මෙම වින්ඩෝස් පැරණි අනුවාදයේ මෙන්ම macOS තුලද භාවිතා කල හැකි වේ.
හොදම ගැලපුම්කරණයක් සඳහා Mozilla Firefox

web3 වේගවත් මෙන්ම වැඩි බැටරි ආයු කාලයක් පවතින සහ නවතම උපාංග සහිත වෙබ් බ්‍රව්සරය.
ෆයර්ෆොක්ස්, ක්‍රෝම්, එජ් සහ සෆාරි බ්‍රව්සර් වල මෙන් විශේෂාංග රාශියක්,ආරක්ෂක පද්ධතියක් නොමැති වීම සහ වේගය ඉතාමත් අඩු වෙබ්
බ්‍රව්සරයක් නිසා මෙය අනෙක් බ්‍රව්සර් වලට වඩා පසුපසින් සිටි. නමුත් එහි ඇති add-on රාමුව ඉතා ප්‍රයෝජනවත් වන අතර උදාහරණයක් ලෙස
ඔබට අනෙකුත් බ්‍රව්සර් වල ඉතා පහසුවෙන් සිරස් පැති බාරයෙන් ටැබ් ලබා ගත නොහැකි නමුත් මෙම add-on මගින් මෙය පසහුවෙන් ලබා ගත
හැකි වේ.මේ ආකාරයට අනෙකුත් බ්‍රව්සර් වලින් ඉටු කර ගත නොහැකි බොහෝ කාර්යයන් ෆයර්ෆොක්ස් වල ඇති add-on මගින් පහසුවෙන්
ඉටු කර ගත හැකි වෙයි.
පිළිගත් වේගවත්ම වෙබ් බ්‍රව්සරය
වෙබ් බ්‍රව්සර් වල ප්‍රචලිත බව සහ ඒවායේ භාවිත දිනෙන් දින වෙනස් වන අතර වර්තමානයේ භාවිතා වන වේගවත්ම බ්‍රව්සරය ලෙස ගුගුල් ක්‍රෝම්
බොහෝ දෙනා පිලි ගනී.
වින්ඩෝස් 10 තුල බ්‍රව්සර් වල වේගය වල ලකුණු
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියක් තුල වේගවත් බ්‍රව්සර් අතරින් එජ් ප්‍රථම ස්ථානය ද ක්‍රෝම් දෙවන ස්ථානය ද ගන්නා අතර
ෆයර්ෆොක්ස් අන්තිමයා වෙයි.
Jetstream 1.1 (මෙහි විශාලම අගය හොදම බ්‍රව්සරය වෙයි)
1. ක්‍රෝම් 53: 207,81
2. මයික්‍රසොෆ්ට් එජ් 38: 201,14
3. ෆයර්ෆොක්ස් 49: 167,10
Kraken 1.1 (මෙහි කුඩා අගය හොදම බ්‍රව්සරය වෙයි)
1. ක්‍රෝම් 53: 861.9ms
2. මයික්‍රසොෆ්ට් එජ් 38: 1082.6ms
3. ෆයර්ෆොක්ස් 49: 1174.9ms
Octane 2.0 (මෙහි විශාලම අගය හොදම බ්‍රව්සරය වෙයි)
1. මයික්‍රසොෆ්ට් එජ් 38: 35326
2. ක්‍රෝම් 53: 34107
3. ෆයර්ෆොක්ස් 49: 30987
macOS තුල බ්‍රව්සර් වල වේගය වල ලකුණු
macOS මෙහෙයුම් පද්ධතිය තුල සෆාරි ප්‍රථම ස්ථානය ද ක්‍රෝම් දෙවන ස්ථානය ද ෆයර්ෆොක්ස් අන්තිමයා ද වෙයි.
Jetstream 1.1 (මෙහි විශාලම අගය හොදම බ්‍රව්සරය වෙයි)
1. ක්‍රෝම් 53: 135,47
2. සෆාරි 10: 99,407
3. ෆයර්ෆොක්ස් 49: 95,411
Kraken 1.1 (මෙහි කුඩා අගය හොදම බ්‍රව්සරය වෙයි)
1. ක්‍රෝම් 53: 1297.6ms
2. සෆාරි 10: 1299.6ms
3. ෆයර්ෆොක්ස් 49: 1534.6ms
Octane 2.0 (මෙහි විශාලම අගය හොදම බ්‍රව්සරය වෙයි)
1. ක්‍රෝම් 53: 22978
2. සෆාරි 10: 22084
3. ෆයර්ෆොක්ස් 49: 21643
සෑම වෙබ් බ්‍රව්සරයක්ම එකිනෙකට තරඟ කරමින් නිරන්තරයෙන්ම එහි භාවිතය වෙනස් වෙයි.ගුගුල් ක්‍රෝම් මගින් බැටරි ආයු වැඩි දියුණු කිරීම
සඳහාත්, මොසිල්ලා ෆයර්ෆොක්ස් මගින් බහු ක්‍රියාවලි සඳහාත්, මයික්‍රසොෆ්ට් සහ ඇපල් එජ් සහ සෆාරි සඳහා නවතම විශේෂාංග එකතු කර වැඩි
දියුණු කිරීමට අවධානය යොමු කර ඇත.

Comments