ආරක්ෂාකාරීව එල්.සී.ඩී. මොනිටර් ස්ක්‍රින් එක පිරිසිදු කරමු.

ගෙදර දොරේ පිරිසිදුකම ගැන ඔබ උනන්දු වනවා සේම ඔබ ඔබගේ එච්.ඩි.ටී.වී. සෙට් එකේ මොනිටරේ පිරිසිදුකම ගැන සැලකිලිමත් වුවාද? එහි
ඇති කුණු දුවිලි, තෙල් ආදි සේම දරුවන්ගේ ඇඟිලි සලකුණු පවා එය අපිරිසිදු කිරීමට සමත් වෙනවා. අපි බලමු එය නිවැරදිව පිරිසිදු කරගන්නේ
කෙසේද කියලා.
පර්යේෂණය සදහා සහාභාගී වු 29 දෙනෙකුට රාත්‍රි 4ක් අසම්පුර්ණ නින්දක් ලබාදුනි. පසුදින උදැසනම ඔවුන්ගේ රුධිර සාම්පල් ලබාගෙන පර්යන්ත
ඒක න්‍යෂ්ටික රුධිර සෛල ජාන ප්‍රකාශනනයේ තක්සේරු වාර්තාව ලබා ගැනීමට යොමු කෙරිනි. දෛනිකව ලැබු සුව නින්දට එක් රාත්‍රියක සිදුවන
බාධා සහිත අසම්පුර්ණ නින්දකින් ප්‍රබල බලපෑම සිදුවන බව පර්යේෂකයන් විසින් සොයාගන්නා ලදි.
එසේම එය පුද්ගලයෙකු රෝගී කරවීමේ අවධානමක්ද ඇත. මෙම අධ්‍යනය සිදුකරන ලද්දේ ලොස් ඇන්ජලීස්හි මානසික ස්නායු රෝග සම්බන්ධ
සහාය මහාචාර්ය ජුඩිත් කැරොල් විසිනි. පර්යේෂණය සදහා සහාභාගී වු 29 දෙනා වයස 61 සහ 86 දක්වා වු අතර එයින් 48%ක් දෙනා
පිරිමි පාර්ශවයෙනි.
ඔබ සිදුකල යුතු දෑ
නුතන එච්.ඩි.ටී.වී. වඩාත් දීප්තිමත්, තියුණු සහ වහා ප්‍රතිචාර දක්වන සුළු වන අතර ඒවා ඉතා සියුම් ලෙස නිර්මාණය කර ඇත.එහි ඉතා තියුණු
ලෙස පින්තුර නිර්මාණය සදහා වඩාත් සියුම් ලෙස පොලිෂ් කරන ලද තිරයක් නිර්මාණය කර ඇත. එය පිරිසිදු කිරිම අපහසු කටයුත්තක් නොවන
අතර එය ඔබේ සනිපාරක්ෂාව සදහාද වැදගත් වේ.

monitor2 ආරක්ෂාකාරීව එල්.සී.ඩී. මොනිටර් ස්ක්‍රින් එක පිරිසිදු කරමු.
ඔබ නොකල යුතු දෑ
මෙහිදි මතු කලයුතු වැදගත් කාරණය නම් මෙම පිරිසිදු කිරිම් අදාල වන්නේ ඔබගේ නවිනතම එච්.ඩි.ටී.වී එකට මිස ඔබගේ පැරණි රුපවාහිනි
මොනිටර් වලට නොවන බව තරයේ සිහි තබා ගන්න. පිරිසිදු කිරීමේ දියර කෙලින්ම තිරය මතට ආලේප නොකරන්න. කෙලින්ම ඔබගේ
එච්.ඩි.ටි.වී තිරයට දියරය විදිමෙන් එයට හානිවිම සිදුවිය හැකිය. එසේම ඔබගේ මොනිටරයට හෝ රුපවාහිනියට එසේ නොකිරීම වඩාත්
සුදුසු වේ. මෙය නුතන තිරවල ගැටළුවක් නොවන අතර ෆ්ලැට් ස්ක්‍රින් මොනිටර් සහ එච්.ඩි.ටි.වී සෙට් ලෙයර් කිහිපයකින් යුක්ත වන
අතර ඒවා ප්ලාස්ටික්, වීදුරු සහ අනෙකුත් විවිධාකාර ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇත. දියර මෙම තිර මතට විදිමේදි එය රෙදි
කැබැල්ලකට වතුර පැතිරෙන ආකාරයට පැතිරීම සිදුවේ. මෙය සිදුවන අකාරයට උදාහරණයක් ඉහත ඡායාරූපයේ දක්වා ඇත. එහිදි
මොනිටරයේ කෙළවර දියරය වැදී ව්‍යප්ත වී හානිවීමි ඇති ආකාරය දක්නට ලැබේ.
ඇල්කොහොල් හෝ ඇමෝනියා සහිත දියර පිරිසිදු කිරිම සදහා භාවිතා නොකරන්න. සමහර පුද්ගලයින් විදුරු ජනේල පිරිසිදු කිරිමට ගන්නා
දියර මොනිටර පිරිසිදු කිරිමට භාවිතා කරයි. නමුත් ඇල්කොහොල් හෝ ඇමෝනියා මිශ්‍රිත ද්‍රාවණ භාවිතයේදි ප්‍රතිපරාවර්ති ගැල්වුම් ගැලවී
යාම, වලාකුළු වැනි බැදිම් සහ තිරයට හානිවීම් සිදුවිය හැක.එමනිසා ඇල්කොහොල් හෝ ඇමෝනියා ආශ්‍රිත දියර භාවිතයෙන් වැලකිම
නුවණට හුරුය. කඩදාසි පිහින හෝ එදිනෙදා භාවිත කරන රෙදිකඩ භාවිතයෙන් වලකින්න. මෙම තිර ඉතා සියුම් නිසා කඩදාසි පිහින හෝ
රෙදිකඩ භාවිතයෙන් මොනිටරයේ සිරීම් සහ සලකුණු ඇති වීමට හේතු වේ. ඔබ මෙම අනවශ්‍ය ක්‍රියාකාරකම් වලින් වැලකීම තුළින් ඔබගේ
මොනිටරයේ ආරක්ෂාව ඔබටම තහවුරු කරගත හැක.
ආරක්ෂාකාරීව ස්ක්‍රීන් එක පිරිසිදු කරගමු.
ස්ක්‍රින් එක පිරිසිදු කිරීම සදහා විශේෂිත රෙදි කඩක් භාවිතා කිරීම නුවණට හුරුය. එසේම තිරය මත ඔබේ දරුවා අත තැබිමෙන් වලක්වා ගැනීම
ප්‍රථමයෙන් සිදුකල යුතුය.පහත සඳහන් පියවර අනුගමනය කිරිමෙන් ඔබට ඔබේ ස්ක්‍රීන් එක පිරිසිදු කර ගත හැකි අතර වැදගත් කරුණ නම්
මෙම පියවර අනුගමනය කිරිමට ප්‍රථමයෙන් ඔබගේ ස්ක්‍රින් එක දුවිලි හෝ තෙල් වලින් තොර විය යුතුය. ස්ක්‍රින් එක සුදානම් කිරීම පිරිසිදු
කිරීම සදහා උපාංගය ප්‍රථමයෙන් ඕෆ් කර තබන්න. මක් නිසාදයත් පිරිසිදු කිරිමේදි එය රත් වී නොතිබිය යුතුය. එමගින් උපකරණයට හානි
වීම වලක්වා ගත හැක.

monitor3 ආරක්ෂාකාරීව එල්.සී.ඩී. මොනිටර් ස්ක්‍රින් එක පිරිසිදු කරමු.
තිරය ඇල්ලීම අවම කිරීම පිරිසිදු කිරිමේදී හැකිතාක් තිරය ස්පර්ෂ කිරීම අවම කරගත යුතුය. මේ සඳහා සම්භීඩිත වායු හෙවත් කම්ප්‍රෙස්ඩ් ඒයාර්
යොදා ගැනිමෙන් දුහුවිලි ආදිය ඉවත් කරගත හැක. එසේම රබර් ඩස්ටින් බල්බයක්ද මේ සදහා යොදාගත හැක. මෙසේ තිරය ස්පර්ෂය අවම කිරීම
වැදගත් වනු ඇත. අස්‍රැති ජලයෙන් පෙගවු මයික්‍රෝෆයිබර් රෙදිකඩකින් පිස දැමීම මයික්‍රෝෆයිබර් පිරිසිදු කිරිම සදහා වඩාත් සුදුසු වන අතර
එය අස්‍රැති ජලයෙන් පෙගවීමෙන් වඩාත් හොද ප්‍රතිඵලයක් ලබා ගත හැක.එසේම අවශ්‍ය ප්‍රමාණයට පමණක් එය තෙත් කර ගැනීමට වග
බලාගන්න.එමගින් ස්ක්‍රින් එක දිගේ ජලය පහලට ගලායාම වලකයි. මයික්‍රෝෆයිබර් රෙදි කැබැල්ල 50/50 අස්‍රැත ජලයෙන් හා විනාකිරි
වලින් සෑදු මිශ්‍රණයකින් පෙගවීම 99% ක්ම ඇඟිලි සලකුණු සහ දුහුවිලි මෙම මයික්‍රොෆයිබර් රෙදි කැබැල්ලෙන් ඉවත් කරගත හැක. මෙය
ඉතා තද පැල්ලම්ද ඉවත් කරගැනිම සදහා ප්‍රයෝජනවත් වෙයි. එය පිස දැමීම සියුම් ලෙස සිදුකල යුතුය. තවද මයික්‍රෝෆිබර් රෙදිකඩ විනාකිරි
සමග සාමාන්‍ය ජලය භාවිතයෙන්ද රෙදිකඩ වියලි එකක් වීමද වලක්වාගත යුතුය. මෙම පියවර අනුගමනය කිරීමෙන් ඔබට ඔබගේ එච්.ඩී.ටි.වී.
තිරය වඩාත් හොදින් සහ ආරක්ෂාකාරීව පිරිසිදු කර ගැනීම සිදුකර ගත හැකිය.

Comments