වොක්ස්වැගන් සහ BMW වාහන වල ක්‍රියාකාරීත්වයන් ඇපල් ඔරලෝසුවේ යෙදුම් මගින් ඔබේ අතට

පැලදිය හැකි තාක්ෂණය තවමත් සිග්‍ර දියුණුවක් නොලබමින් පැවතියත් මෝටර් රථ නිෂ්පාදකයින් දැනටමත් තම පාරිභෝගිකයන් හට නැවුම්
අත්දැකීමක් ලබා දීමට උත්සුක වෙමින් සිටියි.ටෙස්ලාහි ගූගල් කණ්නාඩි සහ BMW හි උණුසුම් ඇරඹුම,වොක්ස්වැගන් මගින් හදුන්වා දෙන
ඇපල් ඔරලෝසු යෙදුම මගින් මොටර් රථයේ ක්‍රියාකාරීත්වයන් පාලනය කිරිමට අවස්ථාව ලබා දෙන්නේ ඔබට ජංගම දුරකථනය එලියටවත්
ගැනීමට නොදෙමිනුයි.
වොක්ස්වැගන්හි කාර්-නෙට් යෙදුම මගින් අමතක වීම සිදුවන අයිතිකරුවන් හට ඔවුන්ගේ වාහනයේ දොරවල්,ජනෙල් සහ විදුරු විවෘතව පවතිදැයි
බලා ගැනීමට සහ දුරස්ථව අගුල් දැමිමට සහ ඇරීමට හැකියාවද ලබා දෙයි.තමන්ගේ මෝටර් රථය රථගාල තුල සොයා ගැනීමට අපහසු වු විට
කාර්-නෙට් මගින් ඔබගේ නලාව වාදනය කරමින් සහ විදුලි ලාම්පු දල්වමින් හෝ එය තිබෙන ස්ථානය පෙන්නුම් කරමින් මෝටර් රථය වෙත
ඔබව ගෙන යයි.
BMW2 වොක්ස්වැගන් සහ BMW වාහන වල ක්‍රියාකාරීත්වයන් ඇපල් ඔරලෝසුවේ යෙදුම් මගින් ඔබේ අතට
තමන්ගේ පවුලේ වාහනය තම දරුවන්ට ලබා දීමට බියක් දක්වන දෙමව්පියන් හට මෙම කාර්-නෙට් යෙදුම භාවිතයෙන් මෝටර් රථයේ වේගය
හෝ එය සීමා ඉක්මන අවස්ථාවලදී ඒ බව දන්වමින් පණිවිඩ ලබා දෙයි.එසේම මෝටර් රථයේ ඉන්ධන හෝ බැටරි මට්ටම මෙම යෙදුම මගින්
බලා ගත හැක.මෙම වොක්ස්වැගන් යෙදුම 2014 වසරේ සමහර බීටල්,CC,EoS,ජෙල්ටා,පැසාට් සහ ටිගුවාන් මොඩල මෙන්ම 2015
ගෝල්ෆ් පරාස සදහාද ක්‍රියාත්මක වේ. මේවා වෙනස් ආකාර වලින් ක්‍රියාත්මක වෙයි.තම දරුවන් මෝටර් රථය සිදු කරන දෑ බලා ගැනීම
ෆෝඩ් වල මයිකී පද්ධතිය මගින් බලාගත හැක.එමගින් මෝටර් රථය තම වේග සීමාව ඉක්මන විට ස්ටිරියෝ ශබ්දය සීමාවීම හෝ එලාමය
නාදවීම සිදුවේ.
BMW3 වොක්ස්වැගන් සහ BMW වාහන වල ක්‍රියාකාරීත්වයන් ඇපල් ඔරලෝසුවේ යෙදුම් මගින් ඔබේ අතට
මෑතකදී එලි දැක්වු BMW හි ඇපල් ඔරලෝසුව, වොක්ස්වැගන්හි යෙදුමට බෙහෙවින් සමාන වේ.එසේම දුරස්ථ අයි යෙදුම අයි3 සහ අයි8
හිමිකරුවන් හට තම වාහන රථගාල තුලදි සොයා ගැනීමට නලාව නාදවීම සහ එය වෙත ලගාවීමට ගමන් මග තොරතුරු බලාගැනීමට අවස්ථාව
ලබා දෙයි.තවද එමගින් ඔවුන්ගේ මෝටර් රථය ආරෝපණය වනවිට එහි උණුසුම සහ සිසිලස දුරස්ථව පාලනයට සහ බැටරිය සම්පුර්ණයෙන්
ආරෝපණය වු විට දැනුවත් කිරීමේ පණිවිඩයක් ලබා දෙයි.

Comments