වින්ඩෝස් තුල PROGRAMDATA ෆෝල්ඩරය කුමක්ද?

වින්ඩෝස් තුල ProgramData ෆෝල්ඩරය කුමක්ද?
data1 වින්ඩෝස් තුල ProgramData ෆෝල්ඩරය කුමක්ද?
data වින්ඩෝස් තුල ProgramData ෆෝල්ඩරය කුමක්ද?
නවීන වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල “ProgramData” ෆෝල්ඩරය C:\ drive තුල දැකගත හැකි අතර මෙය සැඟවී තිබෙන
ෆෝල්ඩරයක් නිසා “show hidden files” අංගය මගින් පමණක් ඔබට මෙය දැකගත හැකි වෙනවා.
වැඩසටහන් දත්ත, ලේඛන සහ අනෙකුත් දත්ත ගබඩා කිරීම.
වින්ඩෝස් තුල විවිධ ස්ථාන ගණනාවක වැඩසටහන් දත්ත ගබඩා වී ඇති අතර එය වැඩසටහන් සංවර්ධන කේත මත රඳා පවතිනවා.

data2 වින්ඩෝස් තුල ProgramData ෆෝල්ඩරය කුමක්ද?
• Application Data Folders – බොහෝ ලෙස පරිඝනක applications වල සැකසුම් ගබඩා වී ඇත්තේ
C:\Users\username\AppData\අදාළ application නම, ලෙස වන අතර එක් එක් වින්ඩෝස් පරිශීලක ගිණුම් වල දත්ත ෆෝල්ඩර
ඇති නිසා සෑම පරිශීලක ගිණුමකටම මෙම ෆෝල්ඩරය භාවිතා කර දත්ත සැකසීමට හැකියාව තිබෙනවා.
• Documents Folders – සමහර යෙදුම් (විශේෂයෙන්ම පරිඝනක ක්‍රීඩා)

data3 වින්ඩෝස් තුල ProgramData ෆෝල්ඩරය කුමක්ද?
මෙම යෙදුම් වල සැකසුම් ගබඩා වී ඇත්තේ C:\Users\username\Documents ලෙස වන අතර මෙම ෆෝල්ඩර ඉතා පහසුවෙන්
සොයා ගත හැකිය.එමෙන්ම back up සහ edit කිරීමට ද හැකියාව තිබෙනවා.
• The Registry – වින්ඩෝස් හි බොහෝ යෙදුම් වල විවිධ සැකසුම් ගබඩා වී ඇත.

data4 වින්ඩෝස් තුල ProgramData ෆෝල්ඩරය කුමක්ද?
මෙහි සැකසුම් එක් පරිශීලක ගිණුමකට පමනක භාවිතා කල හැකි අතර මෙහි දත්ත විශාල පරිමාවකින් ගබඩා නොවේ.
• Application’s Own Program Folder

data5 වින්ඩෝස් තුල ProgramData ෆෝල්ඩරය කුමක්ද?
වින්ඩෝස් 95, 98, සහ XP මෙහෙයුම් පද්ධති වල වැඩසටහන් බොහෝ විට ඒවායේ සැකසුම් සහ අනෙක් දත්ත අදාළ ෆෝල්ඩරයේම ගබඩා වී
තිබෙන අතර උදාහරණයක් වශයෙන් ඔබ “A” නම් වැඩසටහනක් පරිඝනකයට ස්ථාපනය කරේ නම් C:\Program Files\A ලෙස අදාළ
ෆෝල්ඩරයේම දත්ත ගබඩා කරයි.මෙය ආරක්ෂාවට සුදුසු නොවන අතර නවීන වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල මේ ආකාරයට ෆෝල්ඩරය තුල
දත්ත ගබඩා නොකරයි.
වැඩසටහන් ගබඩාව තුල ඇති ProgramData
මෙම ProgramData ෆෝල්ඩරය තුල වැඩසටහන් දත්ත ගබඩා කර ඇති නමුත් පරිඝනකයේ සෑම පරිශීලක ගිණුමකටම වෙන වෙනම ෆෝල්ඩර
තිබෙන නිසා ඔබේ පරිඝනකයේ ඇති සියලුම දත්ත සියලුම පරිශීලක ගිණුම් අතරේ බෙදාහරිනු ලැබෙනවා. වින්ඩෝස් XP තුල C:\ProgramData
ෆෝල්ඩරයක් නොමැති අතර ඒ වෙනුවට එහි “C:\Documents සහ Settings\All Users\Application Data” ෆෝල්ඩර
දෙකක් තිබෙනවා.මෙම ProgramData ෆෝල්ඩරයේ ආරම්භය වින්ඩෝස් විස්ටා සමඟ සිදු වී ඇති අතර මෙහිදී සෑම වැඩසටහන් දත්තයක්ම
C:\ProgramData ෆෝල්ඩරයේ ගබඩා වෙනවා. ඔබ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියක් තුල File Explorer හෝ Windows Explorer
තුල C:\Users\All Users\ හෝ C:\Users\All Users\ to the C:\ProgramData ලෙස ප්ලග් කිරීම මගින් වින්ඩෝස්
මෙහෙයුම් පද්ධතිය ස්වයංක්‍රීයව C:\Program Data ෆෝල්ඩරය දිස් කරනු ලබනවා. පද්ධතියේ ඇති සමහර ක්‍රියාකාරී මෙවලම් ද මෙහි ගබඩා විය
හැකි අතර උදාහරණයක් වශයෙන් antivirus යෙදුමක සැකසුම්, වෛරස ලඝු-සටහන් ආදී බොහෝ දෑ මෙහි ගබඩා වෙන අතර එම දත්ත සමස්ථ
පද්ධතිය පුරාවටම සියලුම පාරිශීලකයන් අතරේම බෙදා යෑම මෙහිදී සිදු වෙනවා.මෙය පරණ පරිඝනක අදහසක් වුනත් නවීන ආරක්‍ෂිත
විකල්පයක් වෙනවා.

data6 වින්ඩෝස් තුල ProgramData ෆෝල්ඩරය කුමක්ද?
ProgramData ෆෝල්ඩරය Back Up කිරීමෙන් ලැබෙන වාසි

පොදුවේ ගත් විට, ඔබ ProgramData තුල Back Up කිරීමට අවශ්‍ය වැඩසටහන් සහ සැකසුම් බොහොමයක් තිබෙන්න පුළුවන්.
ඔබේ වැදගත්ම වැඩසටහන් දත්ත ඔබට Back Up කරන්න අවශ්‍ය නම් ඒවා C:\Users\username\AppData\Roaming යටතේ ගබඩා
වෙනවා.ඔබ මේ ගැන සැලකිලිමත් වෙනවා නම්, වැඩසටහන් දත්ත ගබඩා වී ඇති ආකාරය, ස්ථානය සහ දත්ත වල විශාලත්වය පරීක්ෂා කිරීම
වැදගත් වෙනවා.

Comments