ඉතාමත් මෑතකදී හමු වූ ඩයිනෝසර් පොසිලය කුමක්ද ?

සෑම වසරකම විද්‍යාඥයන් විසින් නව ඩයිනෝසර් සතුන් වර්ග 30 ක් පමණ සොයා ගනිති. දළ වශයෙන් එහි
අනුපාතය සතියකට හෝ දෙකකට එක් නව ජිවී වර්ගයක් ලෙස කීමද නිවැරදිය. මෑතකදීම හමු වූ ඩයිනෝසර් විශේෂය
වන්නේ Tachiraptor Admirabilis නම් මීටර් දෙකක් උස රැප්ටර් වර්ගයේ ඩයිනෝසර් විශේෂයයි.
වෙනිසියුලාවෙන් හමු වූ මෙම විශේෂය මීට වසර මිලියන 201 කට පමණ පෙර ජීවත් වන්නට ඇතැයි සැක කෙරේ.
විවිධ වර්ගවල ඩයිනෝසර් සතුන් ප්‍රභේද 1800 ක් පමණ ජීවත් වන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර එයින්
සියයට 30 ක් පමණ මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

Comments