සිරුරට බද්ධකරන වෛද්‍ය උපාංග හැක් කිරීමෙන් මිනිසුන් මරාදැමිය හැකිද?

හැමෝම අහපු දේකට තමා මෙි උත්තර දෙන්නේ සිහිබුද්ධියෙන් කියවන්න.

අබු නසියර්ගේ දස හැවිරිදි පුත්‍රයා මියයන්නේ සී.අයි.ඒ ඩ්‍රෝන ප්‍රහාරයකිනි. එම නීති විරෝධී ඩ්‍රෝන
ප්‍රහාරයට අණදෙන්නේ එවක සී.අයි.ඒ ප්‍රධානියාවූ, දැන් උප ජනාධිපති වන විලියම් වෝල්ඩන්ය.
විලියම් වෝල්ඩන් හදවත් රෝගියෙකි. ඔහුගේ හදවත ක්‍රියාත්මක වන්නේ එය හා බද්ධකොට ඇති පේස්
මේකර් නම් කුඩා ඉලෙක්ට්‍රොණික උපාංගයකිනි. උප ජනාධිපතිවරයාගේ ලඟම හිතවතෙකු වී සිටින
බ්‍රෝඩිගෙන්, කෙරීගේ ජීවිතයේ හිලව්වට ඔහු ඉල්ලා සිටින්නේ උප ජනාධිපතිවරයාගේ කාර්යාලයේ
තිබෙන, ඔහුගේ පේස් මේකරය හා සම්බන්ධ උපකරණ කට්ටලයක ඇති රහස් කේතයකි.




උප ජනාධිපතිවරයා වෙනත් ස්ථානයක සාකච්ඡාවක නිරතවන අතරේ ඔහුගේ කාර්යාලයට රිංගා ගන්නා
බ්‍රෝඩි එම කේතය ලබාගෙන අබු නසියර් වෙත කෙටි පණිවුඩයක් මාර්ගයෙන් යවයි. එම කේතය
ලබාගන්නා නසියර් පොරොන්දුවූ පරිදි කෙරීව නිදහස් කරයි. ලබාගන්නා කේතය අමෙරිකාවේ රහසිගත
ස්ථානයක සිට ක්‍රියාත්මක වන පරිගණක හැකර්වරයෙක් වෙත යැවෙයි. එම කේතය පරිගණකයකට
ඇතුලුකරන හැකර්වරයා යම් පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. ක්ෂණයකින් උප ජනාධිපති
විලියම් වෝල්ඩන් හට හදවතේ වේදනාවක් දැනෙන්නට පටන්ගන්නා අතර විනාඩි කිහිපයකදී ඔහු
හදවත අක්‍රියවී මියයයි.


මෙය "බ්‍රෝකන් හාට්ස්" එපිසෝඩය රචනාකල හෙන්රි බ්‍රෝමෙල් නම් රචකයාගේ
ප්‍රබන්ධයක්ද? නැතහොත් සැබැවින්ම හැකර්වරයෙකුට කොහේ හෝ සිට හදවත් රෝගියෙකුගේ සිරුරතුල
ඇති පේස් මේකරයක් ක්‍රියාවිරහිත කල හැකිද?

2011 වසරේදී අමෙරිකාවේ ලස් වේගාස් නගරයේ පැවැත්වුනු පරිගණක ආරක්ෂණය පිලිබඳව වාර්ශික
සම්මන්ත්‍රණයක් වන "Black Hat Security Conference" හිදී, එයට දේශකයෙකු ලෙස
සහභාගීවූ, සුපිරි හැකර්වරයෙකු හා පරිගණක ආරකශණ විශේෂඥයෙකු ලෙස නම් දරා සිටින
ජෙරම් රැඩ්ක්ලිෆ් මෙය සිදුකල හැකි ආකාරය ප්‍රායෝගිකව, සම්මන්ත්‍රණයට සහභාගීවූවන්ට
පෙන්වා දුන්නා. දරුණු දියවැඩියා රෝගයකින් පෙලෙන ජෙරම්ගේ සිරුරේ ඉන්සියුලින්
හෝමෝනයේ මාත්‍රාව පාලණය කරන්නේ ඔහුගේ සිරුරට බද්ධකොට ඇති ඉන්සුලින් පොම්පයක් මගින්.
මෙම පොම්පය මගින් අවශ්‍ය ප්‍රමාණයට සෙමින් රුධිරයට ඉන්සුලින් ලබාදෙන අතර එබැවින් දිනකට
කිහිපවතාවක් ඉන්සුලින් එන්නත විදගැනීමේ කරදරයෙන් මිදෙන්නට ජෙරම් රැඩ්ක්ලිෆ්ට හැකිවී තිබෙනවා.



සිය දේශණය අතරතුරේදී, සිය සිරුර තුල ඇති ඉන්සුලින් පොම්පය, රැහැන් රහිතව, පරිගණක
වැඩහටහනක් හා ජංගම දුරකථනයක් ආධාරයෙන් ක්‍රියා විරහිත කර පෙන්වීමට ඔහු සමත්වුනා.
ඒ අනුව ලෝකයේ කුමන කෙලවරක සිට හෝ පුද්ගලයෙකුගේ හදවත ක්‍රියාත්මක කරවන
පෙස්මේකරය, දියවඩියාව පාලනය කරන ඉන්සුලින් පොම්පය අක්‍රිය කරවීමට හැකි
බව තහවුරු වුනා. මෙම යන්ත්‍ර සිය පාලනයට නතුකර ගැනීමට හැකර්වරුන් භාවිතා කරන්නේ
මෙම සිරුරතුල ඇති මෙම යන්ත්‍රවල සීරුමාරු කිරීම්, මෘදුකාංග යාවත්කාලීන කිරීම් වැනි කටයුතු
ශල්‍යකර්මයක් කොට එම යන්ත්‍ර පිටතට ගැනීමකින් තොරව, සිරුර තුල තිබෙද්දීම කරගැනීමට
රැහැන් රහිතව වෛද්‍ය උපකරණවලට එම  පේස්මේකර් වැනිදෑ හා සම්බධවීමට ලබාදී ඇති
පහසුකම අපයෝජනයට ලක් කරමිනි.


මෙම පහසුකම නිසා, පේස් මේකර් වැනි උපකරණවලට රේඩියෝ සංඥාවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව
ඇති අතර හැකර් වරුන් අපයෝජනය කරන්නේ එම හැකියාවයි. හැකර්වරයා සිදුකරන්නේ එම පේස්
මේකරය හෝ වෙනත් උපාංගයක් එය හා රැහැන් රහිතව බද්ධව යාවත්කාලීන හා සීරුමාරු කටයුතු සිදුකරන
වෛද්‍ය උපකරණයේ රේඩියෝ සංඥා අණුකරණය කරමින් පේස්මේකරය වෙත, ක්‍රියාවිරහිත වීමට හෝ
වෙනත් අකටයුත්තක් සිදුකිරීමට අණකිරීමයි. මේ පිලිබඳව දැඩි අවධානය යොමුකොට ඇති අමෙරිකානු
රජයේ නියාමන ආයතන, මෙවැනි සිරුරට බද්ධ කරන උපකරණ නිර්මාණ සමාගම සිය නිර්මාණ
හැකර්වරුන්ගේ ග්‍රහණයට නතුකොට ගත නොහැකි ලෙස සකස් කරන ලෙස අනකොට තිබෙන බව
වාර්තා වෙනවා.

Comments