ඩිජිටල් ඡායාරූප ෆොටෝෂොප් කරලද කියලා හොයාගන්න හැටි

අතීතයේදී නම් ඡායාරූපකරණය සීමාවී තිබුණේ සේයා පටල කැමරා වලට පමණි. ඒ හැරුණු කොට අතින් ඇඳි
සිතුවම් ද මේ ගණයට ඇතුළත් කල හැකියි. කෙසේ වුවත් ඩිජිටල් යුගයේ ආක්‍රමණයත් සමග ඡායාරූපකරණ ද
ඩිජිටල්කරණය වී තිබේ. ඩිජිටල් ඡායාරූපකරණය ලෙස වෙන මම ක්ෂේත්‍රයක් දක්වා මේ වන විට මෙය වැඩී
වර්ධනය වී තිබේ. එමෙන්ම නියම ඡායාරූපය හා ඩිජිටල් ඡායාරූපය වෙන්කොට හඳුනාගත නොහැකි වන
තරමට අද වන විට ඩිජිටල් ඡායාරූපකරණය දියුණු වී ඇත.
කැමරාවකින් ලබාගන්නා ලද නියම ඡායාරූපය ඩිජිටල් උපක්‍රම මගින් සංස්කරණය කර අළුත්ම නිර්මාණයක් බිහිකළ
හැකි වීම නිසා නියම ඡායාරූපයේ අගය නැසී යන බවට අදහසක් ද පවතී. එමෙන්ම නියම ඡායාරූපය වෙනස් කර
නොයෙකුත් සමාජ විරෝධී කටයුතු වලට යොදාගැනීම ද ගැටළුවක්ව පවතී. මෙවැනි නොයෙකුත් අවස්ථාවල දී
ඔබ දකින රූපය නියම ඡායාරූපය ද, නොඑසේ නම් ෆොටෝෂොප් හෝ එවැනි වෙනත් මෘදුකාංගයක් යොදාගෙන
සංස්කරණය කළ එකක් ද යන්න පියවි ඇසින් නිරීක්ෂණය කර නිගමනයකට ඒම අපහසුයි. ඒ අපහසු කාර්යය
පහසුවෙන් සිදුකර දෙන වෙබ් සේවාවක් දැන් ඔබට http://imageedited.com/ යන ලිපිනයෙන් නොමිලයේම
ලබා ගත හැකියි.
 මෙම වෙබ් සේවාව ඉතා සරල මුහුණතකින් යුතු, භාවිතා කිරීමට ඉතාමත් පහසු ආකාරයකින් නිමවා තිබේ.
මෙමගින් ඔබට ඔබේ පරිගණකය තුළ ඇති ඩිජිටල් ඡායාරූප මෙන්ම අන්තර්ජාලය තුළ ඇති ඡායාරූපද පරීක්ෂා
කළ හැකියි. පරිගණකය තුළ ඇති ඡායාරූපයක් පරීක්ෂා කරන්නේ නම්  අදාල ඡායාරූප ඔසවා ගෙනවිත්
අතහැරීම කලහැකිය නොඑසේ නම් Analyze Image ක්ලික් කර අදාල ජායාරෑපය තොරා දෙන්න.

 මෙසේ විශ්ලේෂණය කළ පසු අදාල ඡායාරූපය ෆොටෝෂොප් වැනි මෘදුකාංගයක් භාවිතයෙන් ඩිජිටල් ආකාරයට
සංස්කරණය කර ඇත්ද යන්න  පැවසිය හැකියි. එසේම මෙම විශ්ලේෂණය ෆොටෝෂොප් මෘදුකාංගයට පමණක්
සීමා නොවේ. කුමන හෝ මෘදුකාංගයකින් ඩිජිටල් ආකාරයට වෙනස් කමක් කර තිබේ නම් එය හඳුනාගැනීමට
සමත් වේ. වැදගත්ම දේ වන්නේ මේ සේවාව ඔබට ලැඛෙන්නේ ලෝකයේ හොඳම මිලට නොහොත්
සම්පූර්ණයෙන්ම නොමිලයේ වීමයි. Edit කරලද කියලා හොයාගන්න අමාරු ඡායාරූප තියේ නම් දැන් මේ
අඩවියට ගිහින් පරීක්ෂා කරගන්න පුළුවන්...

Comments