අලුත්ම රොබෝවරැ බලන්න ක්ලික් කරන්න

5 වෙනි පරමිපරාව වන කෘතිම සත්වයන්ද මෙි වන විට නිපදවා ඇති අතර තව කෙටි කලකින් ඹබෙි  සුරතලාද රොබෝවකු විය හැකිය.
පසුගිය වසර දෙකක කාලයක් තුල , රොබෝ සේවකයන්ගේ භාවිතය ඇරඹීම නොබෝ කලකින් සිදුවන්නක් බවට
පර්යේෂකයන් විසින් තරයේ ඉදිරිපත් කල අදහසකි. එංගලන්තයෙන්ද වාර්තා වුයේ නුපුහුණු රැකියා මිලියන 10ක්
පමණ ප්‍රමාණයක් කරන්නට රෝබෝවරයන්ට භාර දිය හැකි බවය. එසේම පසුගිය වසරේදී Oxfordහි පර්යේෂකයන්
අනුමාන කල පරිදි 2033 වසර වන විට ඇමරිකාවේ රැකියා වලින් 45%ක ප්‍රමාණයක් ස්වයන්ක්‍රීයව සිදු කිරීමට
පරිගණක වෙත භාරදිය හැකි බවය.

මෙසේ පරිගණකගත කිරීම හා රොබෝ තාක්ෂනය යනු  සම්පූර්ණයෙන්ම දෙවිධියක මාතෘකාවන් වුවත්, 
ඒ අංශ දෙක සම්බන්ධ කරන්නෙකු ලෙස artificial intelligence  හෙවත් කෘතීම මොළය 
පිලිබඳ තාක්ෂනය හැඳින්විය හැකිය. රොබෝවරුන් රැකියාවන් වලට යොදා ගැනීම ඉදිරි කාලයේදී 
සිදුවනු ඇති පමණක් නොව, ඉන්පසුව ගෙවෙන හැම වසරකදීම එසේ යොදාගන්නා රොබෝවරුන්ගේ 
ප්‍රමාණය වැඩි වීමක් මිස අඩුවීමක් නම් අපේක්ෂා කල නොහැකිය. මේ එසේ එලි දකින්නට 
හැකියාවැති රොබෝ සේවකයන් කිහිපදෙනෙකු පිලිබඳ තොරතුරු කිහිපයකි.

පිරිසිදු කරන රොබෝ

නිවසක් හෝ කාර්යාලයක් පිරිසිදු කිරීම පහසු කාර්යයක් නොවේ. ඉබෝලා වැනි මාරාන්තික රෝග රජ කරන 
මෙවන් සමයක, පිරිසිදු කිරීම අතිශය වැදගත්ය. විෂබීජ අපේ ඇසට නොපෙනෙන බව සැබෑ වුවත්, යම් 
පරිසරයක් හැකි උපරිමයෙන් පිරිසිදු කිරීම හැම විටම කෙසේ නමුත් මේ වෙහෙසකාරි කටයුත්ත භාරගැනීමට 
රොබෝ කෙනෙක් ඇති බව වාර්තාවේ. Germ-zapping robot නම් මොහු අධෝරක්ත කිරණ භාවිතා 
කරමින් විෂබීජ නැසෙන පරිදි ප්‍රවේසම් සහගතය.පිරිසිදු කරන රොබෝ කෙනෙකි. වර්තමානයේදී උතුරු 
කැලිෆෝර්නියා රෝහලේ මේ රොබෝ සේවය කරන බව වාර්තා වේ.

රොබෝට ගුරු තනතුරක්

රොබෝ යනු එක්තරා අතකට අපේ මනස කළඹන කෘතීම පුද්ගලයකු වුවත්, විවිධ මානසික හා කායික 
අබලතාවයන්ගෙන් සමන්විත කුඩා දරුවන් සිය මානව ගුරුවරුන්ට වඩා රොබෝ ගුරුවරයන් සමඟ 
සම්බන්ධ වීමට කැමැත්තක් පල කරති. අඟල් 22ක් පමණ උසින් යුතු මෙම  AldebaranNaoරොබෝවරයා  
ප්‍රංශ තාක්ෂණික සමාගමේ නිර්මාණයකි. අධ්‍යයාපනික රොබෝ කෙනෙක් වශයෙන්  AldebaranNaoව 
හඳුන්වා දී ඇතත්, මානව ගුරුවරයෙකුගේ තනතුර හෙබවීමට තරම් මෙය දැනට සුදුසු නැතැයි වාර්තා වේ. 
නමුත්, මානව ගුරුවරයකුගේ සහාය ගුරු තනතුරට නම්, AldebaranNaoට ඕනෑවටත් වඩා සුදුසුකම් ඇත.

ක්‍රීඩාවට දක්ෂ රොබෝ

මෙතෙක් කල් අප දැක ඇති රොබෝවරු අතර දිවීමේ හැකියාව මෙන්ම යමක් විසිකිරීමේ හැකියාව ඇති 
රොබෝවරු සිටින ලද මුත්, යම් තරඟ ඉසව්වක තරඟ වැදීමේ හැකියාව සහිත රොබෝ කෙනෙක් ඒ 
අතර දක්නට නොලැබුණි. නමුත් මේ වන විට එයටද සුදුසු අපූරු රොබෝ ක්‍රීඩකයන් සිටිති.
පාපන්දු හා ping - pong ක්‍රීඩා කල හැකි රොබෝවරු මේ වන විට නිර්මාණය කර ඇත. 
මේ වන විට ඔවුන්ට ඔවුන් වැනිම වූ අනෙකුත් රොබෝ සගයන් සමඟ ක්‍රීඩා කල හැකිය. 
එසේම ජපාන විද්‍යාඥවරු පිරිසක් මේ වන විට තමන් වෙත එවන යමක් අල්ලා ගැනීම, 
එයට පහර එල්ල කිරීම හා තරඟ බිමේ දිවිය හැකි රොබෝ පිරිසක් නිර්මාණය කරමින් සිටිති. 
මෙම හැකියාවන් සියල්ල ඇන්රොයිඩ් තාක්ෂනය ඔස්සේ එකතු කර, baseball ක්‍රීඩා කල හැකි 
රොබෝ කෙනෙකු නිෂ්පාදනය කිරීම ඔවුන්ගේ ඊළඟ ඉලක්කයයි.

මිනිස් හෙදියට සහාය වන්නට රොබෝ ඇඳක් 

හෙදිය යනු වෛද්‍යවරයා  සේම රෝහලකට අත්‍යවශ්‍ය ම චරිත අතුරින් එකකි. රෝගීන් විශාල සංඛ්‍යාවකගේ 
උවමනා එපාකම් සොයා බලමින් නිසි වෙලාවට බෙහෙත් හා එන්නත් ලබාදීම පමණක් නොව, ඇතැම් විට එක් 
කාමරයකින් වෙනත් කාමරයකට රෝගීන් මාරු කිරීම ආදී නොයෙක් කාර්යයන් රැසක් ඉටු කරන්නකට හෙදියකට 
සිදුවේ. එය ඉතාම වෙහෙසකාරී මෙන්ම මහත් වගකීමක්ද සහිත රැකියාවකි. 
හෙදියකගේ චරිතයේ ඇති එවන් රාජකාරි අතුරින් කිහිපයක් හෝ කරට ගන්නට හැකි රොබෝ ඇඳක් මේ වන විට 
Abacus Global Technology ආයතනය නිපදවා ඇත. මෙය EPush bed නමින් හැඳින්වෙන තමන් විසින්ම 
තමන්ව හසුරුවා ගත හැකි රොබෝ කෙනෙකි. මෙය වර්තමානයේ සිංගප්පූරුවේ KhooTeckPuat රෝහලේ 
කාර්යයේ යොදවා ඇත. මෝටර් යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙම රොබෝ සතුව ඇඳ චලනය විය යුතු 
වේගය පවත්වාගැනීමට හා ගමන් ගන්නා භූමියට ගැලෙපන පරිදි හැසිරීමට හැකියාව සහිත , ඒ සඳහා ප්‍රමාණවත් වන 
දැනුමක්ද  සහිතය.

විකුණුම් අංශයේ ලිපිකරු තනතුර දරන්නට සුදුසු රොබෝ කෙනෙක්

වෙළඳ ආයතනයක, විකුණුම් අංශය යනු සිය පාරිභෝගිකයන් සමඟ සමීපව කටයුතු කරන, සිය වෙළඳාම් ඉහල 
දැමීමට හැකියාව ඇති අංශයයි. විකුණුම් අංශයේ කාර්ය මණ්ඩලය සිය ආයතනය නිපදවන හෝ බෙදා හරින 
සියලුම නිෂ්පාදන ගැන අවබෝධයකින් සිටිය යුතු අතර එම නිෂ්පාදන කොතරම් සිය ගබඩා වල ඇතිදැයි 
යන්න පිළිබඳවද මනා දැනීමකින් සිටිය යුතුය. ඉදින් එවන් අංශයක කටයුතු පහසු කරන්නට හැකි 
රොබෝ කෙනෙකු වර්තමානය වන විට Orchard ආයතනයේ විකුණුම් අංශයේ සිටියි. 
OSHbot නමින් හැඳින්වෙන මෙම රොබෝ, Orchard ආයතනයේ විකුණුම් අංශයේ ලිපිකරුවකු ලෙස 
කටයුතු කරන අතර, සිය ආයතනයේ පාරිබෝගිකයන් වෙත සිය නිෂ්පාදන ගැන විස්තර කිරීමට මෙන්ම
ඒවා තෝරාගැනීමට ද සහාය වන්නට  OSHbotට හැකිය. එය සතුව අභ්‍යන්තර GPS තාක්ෂණය 
යොදාගෙන අතර, අදාළ විකිණුම් අංශයේ විවිධ නිෂ්පාදන තබා ඇති ස්ථාන සහිත සිතියමක් ද අන්තර්ගතය.ජපානයේ සිටින Pepper රොබෝ, Nescafe කෝපි විකිණීමේ හැකියාව දක්වන ඉතාම සුහදශීලී රොබෝ 
කෙනෙකි.සත්තකින්ම එවන් රොබෝවරු අදාළ ආයතනයේ වෙලදාම් ඉහල නංවමින් පාරිභෝගිකයන් 
ආකර්ෂණය කරගන්නට සමත් වෙති.

හෝටලයට රොබෝ දොරටුපාලකයෙක්

සිය හෝටලයට පිය නඟින අමුත්තන් ඔවුන්ගේ නියමිත කාමර වෙත කැඳවාගෙන ගොස්, තමන් ගැන ඔවුන් සිතනා දේ ගැන 
twitter  ගිණුමේ tweet එකක් ලෙස ඉදිරිපත් කරන්නට කියන අපූරු රොබෝ කෙනෙකු ගැන කැලිෆෝර්නියාවෙන් 
වාර්තාවේ. 2015 වසරේදී Aloft  හෝටලයේ දොරටුපාලක තනතුරකට හොබවන්නට නියමිත  SaviOne නමින් 
හැඳින්වෙන මෙම රොබෝවරයා , එම හෝටලයේ ලැගුම් ගන්නා අයට ඉතාම වෙනස් අත්දැකීමක් මෙන්ම සුහදශීලී 
මිතුරෙක්ද වී ඇත.

රඟපාන රොබෝ

මෙතෙක් කල් සිනෙමා තලයේදී යම් චිත්රිපටයක චරිතයක් ලබා ගන්නට රංගන ශිල්පීන්ට තරඟ වැදීමට සිදුවුයේ ඔවුන්ගේ 
ක්ෂේත්රතයේම ඔවුන් වැනිම රංගන ශිල්පීන් සමඟය. නමුත් මේ වසරේ පටන් ඒ හැරුණු විට රොබෝ නළුවන් සමඟද 
තරඟ කරන්නට ඔවුන්ට සිදුවනු ඇත. පහුගිය ඔක්තෝබරයේ හංගේරියාවේ බුදාපස්ට්  නගරයේ රූගත කෙරුණු 
ෆ්රාතන්ස් කෆ්කාගේ ග්රගන්ථයක් පදනම් කරගනිමින් නිර්මාණය කල "An unusual staging" සිනෙමා  පටයේ 
චරිතයක් හොබවන්නට REPLIEE S1 රොබෝට හැකියාව ලැබුණි. ඒ මිනිසෙකු උදෑසන අවදි වී තමන් රොබෝ 
කෙනෙකු බවට පරිවර්තනය වී ඇති බව දකින දර්ශනයකටය.

ගුවන් නියමු තනතුරට සුදුසු රොබෝ කෙනෙක්

දකුණු කොරියාවේ Advance Institute of Science and Technology ආයතනය නිර්මාණය කල මානව 
හැඩරුව සහිත මෙම ගුවන් නියමු රොබෝට අත් පය හා හිසක් ඇති අතර, අනතුරුදායක අවස්ථාවක් සඳහා ගුවන් 
යානය එළඹෙන විටදී ගුවන් යානය මෙහෙයවීමේ හැකියාව මෙම රොබෝට ඇත. වර්තමානය වන විටද අහස්යානා 
පිලිබඳ විෂයේදී ඒවා  සතුව ස්වයංක්‍රීය පාලනයට ගැලපෙන ආකාරයේ තාක්ෂණික ක්‍රම යොදා ඇති අතර,
Pibot නම් මේ ගුවන් නියමු රොබෝ එහි විශාල ඉදිරි පිම්මක් ලෙස කිව හැකිය.මෙවන්  ආකාරයෙන් රොබෝ සේවකයන් යොදා ගැනීම ඕනෑම ආයතනයක සේවකයන්ගේ ශ්‍රමය සුරකිනු ඇති නමුත්, 
එයින් ඔවුන්ට එල්ල විය හැකි යම් අහිතකර බලපෑමක් ඇතිදැයි සිතා බැලීමට දැන්ම කල් වැඩිය. මන්ද යත් මේ  
වන විටත් එවන් රොබෝවරු භාවිතය සක්‍රීයව අරඹ නැති හෙයිනි. නමුත් නොබෝ දිනකින්ම අපට ඒ සඳහා 
පිළිතුරක් ලැබෙන බව නම් නිසැකයෙන්ම කිව හැකිය.


Comments