මිනිසුන් වියපත් වී මිය යන්නේ ඇයි?

සරළම පිළිතුර වන්නේ එය ලෝක ස්වභාවය යන්නයි. නමුත් එයින් ඔබ සෑහීමකට පත් නොවන බව
අප දනිමු. ඕනෑම පුද්ගලයෙකු වයස අවුරුදු 70 පසුකරන විට එම පුද්ගලයාගේ ශරීර අවයව
ක්‍රම ක්‍රමයෙන් පිරිහීමට පටන් ගනී.  ඒ වසර ගණනක් අඛණ්ඩව ක්‍රියා කළ මෙම අවයව
ක්‍රම ක්‍රමයෙන් වෙහෙසට පත්වීමයි. එබැවින් ශරීර අවයව වල කාර්යක්ෂමතාව ක්‍රම ක්‍රමයෙන්
පහළ යෑමට පටන් ගනී. වකුගඩු වලින් රුධිරයේ විෂ ඉවත් කිරීම අඩු වීම, හෘදය අවශ්‍ය පරිදි රුධිරය
සංසරණය කිරීමට අපොහොසත් වීම, කෑම රුචිය අඩුවීම මෙසේ අවයව දුර්වල වීමේ ලක්ෂණ වෙයි.
එබැවින් මෙවන් පද්ධතියක් සම්පූර්ණයෙන්ම අක්‍රීය වූ විට මිය යාම නොවැළැක්විය හැකිය.
එය ලෝක ස්වභාවයයි.

Comments