සුපිරි හැකියා සපිරි සැබෑ මිනිසුන්

සුපිරි විරුවන් අප දකින්නේ චිත්‍රපටවල හා ටෙලි නාට්‍යවල එසේත් නැතිනම් චිත්‍රකථා වල පමණි.

කෙසේ වුවත් විශ්වාස කිරීමටත් අපහසු මට්ටමේ සුපිරි හැකියා ඇති මිනිසුන් අප අතර සිටින බව ඔබ

දැන සිටියාද ? එවන් විශ්වාස කිරීමටත් අපහසු හැකියාවන්ගෙන් සපිරි පුද්ගලයන් පිළිබඳව තොරතුරුයි මේ.

   ප්‍රංශ ජාතිකයෙකු වූ මොහුගේ රැකියාව වූයේ ප්‍රසිද්ධ සභාවන් වලදී ජනතාව ඉදිරියේ ආහාරයට ගැනීමට

  නොහැකි දේ ආහාරයට ගෙන පෙන්වීමයි. ඔහුට ලෝහ, වීදුරු හා විවිධාකාර විෂ වර්ග පවා ආහාරයට

  ගැනීමට හැකියාව තිබුණි. ඔහු ආහාරයට ගත් දේ අතර බයිසිකල්, පරිගණක, ගුවන්යානා තටු,

  ඛණිජ තෙල් හා රූපවාහානීද අඩංගු විය. ඔහු තම ඉදිරිපත් කිරීම් වලදී දිනකට ලෝහ කිලෝ ග්‍රෑම් 1

  ක් පමණ ආහාරයට ගත් අතර, ඒවා ජීර්ණය කිරීමට කිසුදු අපහසුවක් ඇති බව ඔහු පවසන ලදි.

  උපතින්ම සාමාන්‍ය පමණට වඩා දෙගුණයක් ඝණකම් බිත්ති සහිත ආමාශයක් තිබූ ඔහු 2007 දී

  ස්වාභාවික හේතු වලින් මිය ගියේය. Choi Young Eui නමින් 1923 දී කොරියාවේදී උපත ලද මොහු පසුකාලීනව ජපානයට සංක්‍රමණය විය.

Kyokushin කරාතේ කලාවේ දහවන මට්ටමේ කළු පටියකුත් (10th Black Belt), Kosen Judo

කලාවේ සිව්වන මට්ටමේ කළු පටියකුත් (4th Black belt) තිබූ මොහුගේ හැකියාව නම් තරමක්

ආන්දෝලනාත්මක බව කිව යුතුය. Mas Oyama ලෙස ප්‍රසිද්ධ වූ මොහුට ප්‍රංශ ගව පොර සඳහා

යොදා ගන්නා ගවයෙකු සමග ආයුධ රහිතව සටන් කර ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබූ අතර,

ඔහු සිය ජීවිත කාලය තුළ ගවයින් 52ක් සමග ආයුධ රහිතව සටන් කර ජයග්‍රහණය කර ඇත.

ඔහුගේ හැකියාව ඉතා ප්‍රබල වුවද එය සත්ව හිංසනය සඳහා යොදා ගැණුනු බැවින් ඒ පිළිබඳ වැඩිදුර

කරුණු අප ඉදිරිපත් නොකරන්නෙමු.  මිනිස් කැල්කියුලේටරය ලෙස ප්‍රසිද්ධ Scott Flasenburg හට ඕනෑම සංකීර්ණ ගණිත ගැටළුවක්

වේගයෙන් හා නිවැරදිව මනෝමයෙන් විසඳීමේ හැකියාව ඇත. ඇමරිකානු ජාතිකයෙකු වන මොහු

2001 වසරේදී ලොව වේගවත්ම මිනිස් ගණන යන්ත්‍රය ලෙස ගිනස් වාර්තා පොතටද එක්විය.

ලෝක ගණික දිනය වාර්ෂිකව සංවිධානය කිරීමේ පුරෝගාමියෙකු වන ඔහු දරැවන් හා වැඩිහිටියන්ට

පහසුවෙන් ගණිතය උගන්වමින් නිව්යෝර්ක් නගරයේ වාසය කරයි. ඔහුගේ ගණිතමය හැකියාව

කොපමණද කිවහොත් ඔහුට එකතු කිරීම, අඩුකිරීම, ගුණ කිරීම, බෙදීම පමණක් නොව

බොහෝ ගණිත විශාරදයන්ට වඩා වැඩි වේගයකින් වර්ග මූල, වර්ග සංඛ්‍යා, සංඛ්‍යාවල

දෙවන, තුන්වන, හතරවන බලයන් වැනි සුළු කිරීම්ද නිවැරදිව සිදුකළ හැකිය.

විදුලි මිනිසා ලෙස ප්‍රසිද්ධ Ma Xiangang හට තම සිරුර හරහා හානි රහිතව වෝල්ට් 220 ක විදුලි 
ධාරිතාවක් සන්නයනය කිරීමේ හැකියාව ඇත. දිනක් නිවසේ විදුලි රැහැනක් අළුත්වැඩියා කරමින් 
සිටියදී තමාට එතෙක් වෙලා විදුලි සැර වදිමින් තිබුණද, තමාට එයින් හානියක් නොවූ බව ඔහුට 
වැටහී ගියේය. ඔහුට එක අතකින් සජීවී විදුලි රැහැනක් අල්ලාගෙන සිටීමට හැකි අතර, 
අනික් අතෙන් විදුලි බල්බයක් අල්ලාගෙන සිටිය හොත් එය දැල්වෙනු දැකිය හැකිය.
ලසුකාලීණව Ma විදුලි සැරට ඇබ්බැහි වූ අතර, ඔහුට එයින් අමුතුම ආකාරයක ජීවයක් 
ලැබෙන බව ඔහු ප්‍රකාශ කර ඇත.
අයිස් මිනිසා ලෙස සුප්‍රකට ඕලන්ද ජාතිකයෙකු වන Wim Hof හට අධික ශීතල දරාගැනීමේ හැකියාව ඇති අතර,
ඔහු මේ සම්බන්ධ වාර්තා 20 ක හිමිකරුවා වෙයි. ඔහුගේ වාර්තා අතර පාවහන් කිසිවක් නොමැතිව කොට 
කලිසමකින් පමණක් සැරසී ආර්ක්ටික් වෘත්තයේ සෙල්සියස්  අංශක -20 ක උෂ්ණත්වයකදී පැය 5ක් 
හා මිනිත්තු 25 ක් දිව යාම හා අයිස් කැට පිරවූ ටැංකියකට වී පැය 1 ක් හා මිනිත්තු 13 ක් සිටීම වැනි 
ක්‍රියාවන් ඇතුළත් වෙයි. Wim පවසන ආකාරයට ඔහු දිගුකාලීනව ප්‍රගුණ කරන පැරණි ටිබෙට් යෝග 
ව්‍යායාම ක්‍රමවේදයකට අනුව තම මනස භාවිතා කර සිය ශරීර උෂ්ණත්වය ඉහළ නංවා ගැනීමට ඔහුට 
හැකියාව ඇත. දෘෂ්‍ය ප්‍රතිදානය හා දෑතේ ප්‍රතික්‍රියා වේගය මිනිස් සීමාවෙන් ඔබ්බට ප්‍රගුණ කළ පුද්ගලයෙකු ලෙස සැලකෙන 
ජපන් ජාතික සමුරායි ශිල්පියෙකු වන Isao Machii හට තමා දෙසට වේගයෙන් පැමිණෙන ඕනෑම 
වස්තුවක් කඩුවෙන් දෙකට කැපීමට හැකියාව ඇත. ගිනස් වාර්තා ගණනාවක හිමිකරුවෙකු වන ඔහු 
තමා වෙතට පැයට කිලෝමිටර 708 ක වේගයෙන් විදිනු ලැබූ ටෙනිස් බෝලයක් නිවැරදිව කඩුවෙන් 
දෙකට කපා වාර්තාවක් පිහිටුවා ඇත. ඔහුගේ විශේෂත්වය වන්නේ අදාළ වස්තුව තමා වෙතට විදින 
තෙක් සිය කඩුව එහි කොපුවෙන් ඉවතට නොගැනීමයි. මීට අමතරව ඔහුට තමා වෙත තුවක්කුවකින් 
වෙඩි තබන උණ්ඩයක්ද මෙලෙසම  කඩුවෙන් දෙකට කැපීමට හැකිය. Isao පවසන ආකාරයට 
මෙම කාර්යයේදී තමා සිය දෑස භාවිතා නොකරයි. ඔහු කරන්නේ ක්ෂණිකව අදාළ වස්තුවේ 
මීළඟ පියවර ප්‍රක්ෂේපණය කර හෙවත් නිවැරදිව අනුමාන කර ක්‍රියා කිරීමයි.
නවසීලන්ත ජාතික කිමිදුම් ශිල්පියෙකු වන Dave Mullins හට කිමිදුම් උපකරණ කිසිවක් නොමැතිව දිය 
යටට කිමිදීමේ හැකියාව ඇත. කිමිදුම් උපකරණ රහිතව ලොව වැඩිම ගැඹුරකට පිහිනූ පුද්ගලයා ලෙස 
ගිනස් වාර්තාවලට එක්වී ඇති Dave විවිධ භාවනා ක්‍රම හා ව්‍යායාම මගින් සිය ශරීරයේ මස් පිඩු වලට 
අඩු ඔක්සිජන් තත්ත්ව යටතේ ක්‍රියාකීරීමේ හැකියාව ලබාදී ඇත. මෙලෙස ඔහු පිහට වූ ලෝක 
වාර්තාව ඉතාමත් විශ්මයජනක වන අතර, මිනිත්තු 4 ක් හා තත්පර දෙකක කාලයකදී මීටර 244 
ක් ගැඹුරට කිමිදුම් උපකරණ රහිතව කිමීදී නැවත මතුපිටට පැමිණීමට ඔහු සමත් වී ඇත.
අසාමාන්‍ය මොළ සැකැස්මක් නිසා තරමක මන්ද බුද්ධික ගතියක් තිබූ Kim Peek හට ඉතා දුර්ලභ මොළයේ 
රෝගයක් වන FG Syndrome වැළඳී තිබුණි. නමුත් ඉතාමත් විශාල මොළයක් තිබූ ඔහුට ඒ නිසා වෙනත් 
විශ්මයජනක හැකියාවක් හිමිවිය. මොළයේ වම් හා දකුණු අර්ධ ගෝල අතර හිඩැසක් තිබූ ඔහුට සමාජයේ 
හැසිරීම අපහසු වූ බැවින් ඔහු පොත්පත් කියවීමට යොමු විය. ඔහුගේ හැකියාව ඔහු තේරුම් ගත්තේ එවිටය. 
Kim හට එක් බැල්මකින් පෙනෙන සම්පූර්ණ පිටුවක්ම මතක තබාගැනීමට හැකි වූ අතර, ඔහු දුරකථන නාමාවලි,
Zip Code හා විවිධ කේතු ක්‍රම ඇතුළත් පොත් 12000 ක පමණ තොරතුරු 98% ක නිරවද්‍යතාවයකින් නැවත 
ආවර්ජනය කිරීමේ විශ්මිත හැකියාවක් ලද පුද්ගලයෙකු විය. මේ නිසා ඔහුට ඉතිහාසය, තාක්ෂණය හා ආගම්
වැනි ඕනෑම මාතෘකාවකින් අසන පැනයකට ක්ෂණික පිළිතුරු දීමට හැකි විය. ඔහු Rain Man චිත්‍රපටයේ 
ප්‍රධාන චරිතයට මූලික ආදර්ශය වූ අතර 2009 දී මිය ගියේය.
 ඇමරිකානු ජාතිකයෙකු වූ Ben Underwood වයස අවුරැදු දෙකෙහිදී අක්ෂි පිළිකාවක් ඇති බව සොයාගන්නා ලදි. 
ඔහුගේ දෑසම ඔහුට වයස අවුරුදු 3 දී ඉවත් කරන ලදි. කෙසේ වුවත් වයස අවුරුදු 5 වනවිට තමාටම ආවේණික 
දෘෂ්‍ය පද්ධතියක් නිර්මාණය කර ගැනීමට සමත් විය. කටෙන් කුඩා හඬක් නිකුත් කරන ඔහුට එහි දෝංකාර අනුව 
තම වටේ ඇති දේ වවුලකු මෙන් හඳුනාගැනීමට හැකි වූ අතර, ශබ්ද සංජානනය එතරම් ඉහළ මට්ටමක ප්‍රගුණ
කළ එකම පුද්ගලයා ලෙස ඔහු ඉතිහාසයට එක් වෙයි. තනිව ඇවිදීමට, දිවීමට පමණක් නොව බාස්කට් 
බෝල් ක්‍රිඩා කිරීම, රෝද සපත්තු දමාගෙන යාම වැනි සංකීර්ණ ක්‍රියාද සිදුකිරීමට ඔහුට හැකිවිය. 
කෙසේ වුවත් 2009 ජනවාරි 19 වන දින තම දෑස අහිමි කළ පිළිකාව නිසාම Ben ගේ ජිවිතයද 
වයස අවුරුදු 16 දී අවසන් විය. අපගේ සුපිරි බලැති මිනිසුන් අතර සුවිශේෂීම පුද්ගලයා වන්නේ 20 වන සියවසේ දෙවනි අර්ධයේ ජීවත් වූ ජාවා
දූපත් වැසියකු වන John Changය. Dynomo Jack ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු මොහු රෝග සුව කරන්නෙකු 
හා චීන කටු චිකිත්සකයෙකු ලෙස ජීවිකාව කරගෙන ගිය පුද්ගලයෙකි. මොහුගේ ඡායාරූප හා විඩියෝ පට සොයා 
ගැනීම ඉතා අපහසුය. ඒ 1980 මුල භාගය වනතෙක් ඔහු කිසිදු රූපවාහිනී කැමරාවක් ඉදිරිපිට දස්කම් දැක්වීම 
ප්‍රතික්ෂේප කළ හෙයිනි. කෙසේ වුවත් කැමරා කණ්ඩායමක සාමාජිකයෙකු අසනීප වී ඔහු වෙත ගෙන ආ විට, 
එම විඩියෝව ප්‍රසිද්ධ නොකරන බවට පොරොන්දු වී ඔහුගේ හැකියාවන් රූගත කිරීමට එම කැමරා කණ්ඩායම 
සමත් විය. තම ශරීරය තුළ ශක්තිය ගබඩා කර ගැනීමට එයින් අන් අයට බලපෑම් කිරීමට පමණක් නොව ඒ 
මගින් විවිධ ද්‍රව්‍ය වලට ගිනි ඇවිලවීමටද ඔහුට හැකිවිය. මෙම විඩියෝව ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු John Chang
අතුරුදහන් විය.


Comments