Bootable drive එකක් නිර්මාණය කල හැකි විධි

අතීතයේදී අප පරිගනකයේ දෘඩ තැටියට පරිබාහිරින් යමක් ගබඩා කරන්නට යොදා ගත්තේ Floppy තැටියකි.

(Floppy disk) වර්තමානයේ වෙසෙන බොහෝ තරුණ පිරිස මෙය දැක නැතිවාට කිසිඳු සැකයක් නොමැත.

කෙමෙන් කෙමෙන් Floppy තැටියේ භාවිතය මඟ හැරුණු අතර ඒ හා සමඟාමීව භාවිතයේ තිබුණු CD හා DVD

තැටි නම් අදටත් අප භාවිතා කරන අතර, වර්තමානයේදී  ඒවායේ  වැඩි ගබඩා ඉඩක් සේම නැවත write

කිරීමේ හැකියාවද ඇත.නමුත් CD භාවිතයද අද වන විට මදක් භාවිතයෙන් ඉවත් වන බවක් පෙනී යයි.

අලුතින් බිහිවන බොහෝ ලැප්ටොප් පරිගණක වල CD drive එක අන්තර්ගත නොවීමෙන් මෙය මනාව

පැහැදිලි වේ. එබැවින් බාහිර සංචායකයන් ලෙස වර්තමානය වන විට වඩාත්ම ජනප්‍රිය වන්නේ SD පත් ,

USB Flash drive හා බාහිර දෘඩ තැටි බව එකහෙලාම කිව හැකිය.

මෙතුවක් කාලයකට අප පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය සඳහා installation මාධ්ය යක් එකතු කලේ ISO 
ගොනුවක් බාගත  කර එය CD හෝ DVD එකකට write කිරීම මඟිනි. නමුත් USB flash drive වල භාවිතයේ 
ඉහල යාමත් සමඟම විවිධ මෙහෙයුම් පද්ධති වල නොයෙක් ආකාරයේ ක්‍රම ඒ සඳහා යොදා ගනු ලැබේ.

1.ලිනක්ස් ISO මඟින්

 Ubuntu නිර්දේශ කරන පරිදි  Universal USB Installer යනු windows තුල boot කල හැකි  
 ලිනක්ස් USB drive නිර්මාණය කිරීමේ හොඳම ක්‍රමයයි. මෙයට බොහොමයක්  ලිනක්ස් අංශයන් 
 වෙත boot කල හැකි තැටි (disc) image වර්ග නිර්මාණය කල හැකිය. මේ සඳහා ඔබට අවශ්‍ය 
 ලිනක්ස් අංගය .ISO මාදිලියෙන් බාගත කල යුතුය. ඉන් පසු ඉහත මෙවලම run කර, ඔබ ඉහත 
 බාගත කල ලිනක්ස් අංගය තෝරාගෙන අදාළ USb drive එකද නම් කල යුතුය. ක්‍රියාවලියේ 
 ඉතිරි කර්තව්යන් සියල්ලම Universal USB Installer විසින් සිදු කරනු ඇති.Ubuntu තුල Startup එකෙහි සිට තැටි නිර්මාණය කරන Startup Disk Creator මෙවලමක් ඇති අතර, 
එය boot කල හැකි  Ubuntu USB drive නිර්මාණය කරන්නට සහාය වේ. මේ හැරුණු කල UNetbootin 
මෙවලම්ද ලිනක්ස් තුල භාවිතා කල හැකි මෙයට සමාන මෙවලමක් ලෙස නම් කල හැකිය.

2.IMG ගොනුවක් (file) මඟින්

ඇතැම් මෙහෙයුම් පද්ධති  ISO ගොනුවක් වෙනුවට  IMG යොදා ගනිති.  IMG යනු raw තැටි image 
එකක් වන අතර, එය සෘජුවම USB drive එකකට write කල යුතු ගොනුවක් ලෙස නම් කල හැකිය.
Win32 Disk Imager යනු IMG ගොනුවක් USB drive එකක් හෝ SD කාර්ඩ් පතකට write කරන්නට 
යොදාගත හැකි කදිම මෙවලමකි. අදාළ IMG ගොනුව මෙම මෙවලමට ලබා දුන් විට එය බොහොම 
පහසු අයුරින් නම් කරන ලද USB drive එකට හෝ SD කාර්ඩ් පතට write වන අතර එහි මේ වන විට
ඇති අන්තර්ගතය මකා දමමින් එම කාර්යය සිදු කරනු ඇත. එපමණක් නොව USB drive හා SD 
කාර්ඩ් පත් වල  IMG ගොනු නිර්මාණය කිරීමේ හැකියාවද මෙම මෙවලම සතුය.ඉහත දැක්වෙන විධානයේ /home/user/file.imgයන්න වෙනුවට ඔබ යොදාගන්නා IMG ගොනුව පරිගණකයේ 
ගබඩා කර ඇති  ස්ථානයට යන මාර්ගය ලබා දිය යුතු අතර, /dev/sdXයන්න වෙනුවට ඔබගේ  පරිගණකයට 
සම්බන්ධිත USB හෝ SD කාර්ඩ් පත් උපාංගයේ මාර්ගය ලබා දිය යුතුය. මෙහිදී එම මාර්ග නිවැරදිව ලබා 
දීමට විශේෂයෙන් සැලකිලිමත් විය යුතය. මන්ද යත්, වැරදි මාර්ගය ලබා දුන් විට ඔබගේ මෙහෙයුම් 
පද්ධතියේ ඇති එයට පමණක් අදාළ වන system ගොනු ආදියද විනාශ විය හැකි බැවිනි.

3.Windows 7 ISO එකක් මඟින්

Microsoft සතු Windows 7 USB/DVD download මෙවලම Windows 7 තුල  bootකල හැකි drive එකක් 
නිර්මාණය කරන්නට දායක කරගත හැක්කකි. මෙය run කරවීමට Windows 7 installer හි ISO ගොනුව 
අවශ්‍ය වන අතර, ඔබ සතුව එය නොමැති නම්, එය Digital River තුලින් බාගත කල හැකිය. එසේම 
ඒවා භාවිතයට සුදුසු වන නිෂ්පාදන යතුරද   (legitimate product key) ඔබ සතු විය යුතුය.
ISO ගොනුව හා USB flash drive උපාංගය ඉහත කී මෙවලමට ලබා දීමෙන් අවශ්‍ය කරන boot 
කල හැකි drive එක නිර්මාණය කරගත හැකිය.ඔබ සතුව Windows 8 හෝ  8.1 නිෂ්පාදක යතුරක් ඇති නම්, ඔබට Microsoft වෙතින් එක එල්ලේම බාගත
කරගන්නා installation මාධ්යලය මඟින් USB drive එකක් නිර්මාණය කරගත හැකිය. Microsoft 
හි Upgrade Windows with only a product key වෙබ් පිටුවෙන් මෙයට අදාළ මෙවලම බාගත කර, 
එය run කිරීමෙන් පසුව එළඹෙන මුහුණත තුල අදාළ නිෂ්පාදක යතුර ඇතුලත් කිරීමෙන් පසුව එය boot 
කල හැකි USB drive එක නිර්මාණය කරනු ඇත.  Windows 8 මෙහෙයුම් පද්ධතියේ පරිශීලකයෙකු 
නම් ඔබට එය  Windows 8.1 වෙත යාවත්කාලින කර ඉන් අනතුරුව මෙම මෙවලම බාගත කිරීමේ හැකියාවද ඇත.
Windows 8 හෝ 8.1 ISO ගොනුවක් ඔබ  සතුවන්නේ නම් Windows 7 USB/DVD download මෙවලම 
භාවිතයෙන්ම අවශ්‍ය කරන boot කල හැකි drive එක නිර්මාණය කිරීමේ හැකියාව ඔබට ඇත. 
Windows 8 හෝ  8.1හි ISO ගොනුව ඉහත මෙවලමට ලබා දිය යුතු අතර, නිවැරදි ISO ගොනුව ලබා 
දී ඇති නම් කිසිඳු ගැටලුවකින් තොරව ඔබ අපේක්ෂා කරන boot කල හැකි drive එක නිර්මාණය කිරීමේ 
කර්තව්‍යය ඉටු කිරීමට Windows 7 USB/DVD download මෙවලම සූදානම්ය.

6.DOS මඟින්

පහල මට්ටමේ ( low-level)  firmware යාවත්කාලින කිරීමක් , BIOS යාවත්කාලින කිරීමක් හෝ මෙහෙයුම් 
පද්ධතියේ  සඳහා මෙවලමක් වශයෙන් DOS භාවිතා කරන අවස්ථාවකට එය ඒ වෙත boot කිරීම සඳහා අවශ්‍ය
කරන boot කල හැකි drive එක නිර්මාණය කරන්නට හැකි මෙවලමක් ලෙස  Rufus දැක්විය හැකිය. 
එය FreeDOSහෙවත් Dos හි විවෘත මූලාශ්රම (open-source ) අංගයක් ලෙස නම් කල හැකි, ඕනෑම  
DOS වැඩසටහනක් තුල run කල හැකි මෙවලමක් ලෙස වැඩි දුරටත් සඳහන් කල හැකිය.
මේ වෙනුවෙන් ඔබ ගත යුතු පළමු පියවර වන්නේ Mac App Store වෙත ගොස් එහි ඇති OS Xහි නවතම අනුවාදය 
බාගත කිරීමයි. එහි ඇති  “createinstallmedia” මෙවලම ටර්මිනලය තුල run කිරීම හෝ තුන්වන පාර්ශවීය 
මෙවලමක් වන DiskMaker X  යොදාගැනීමේ නිදහස මෙහිදී ඔබට හිමිය. මෙහි ප්‍රතිපලය ලෙස බිහි වන  
Mac OS X drive එක , වෙනත් Mac උපාංග වල OS X ආදිය install කිරීමටත්, ඒවා නවතම අනුවාදය 
වෙත යාවත්කාලින කිරීමටත් විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වනු ඇත.Boot Camp එකක් භාවිත කරමින් Mac උපාංගයක් තුල Windows මෙහෙයුම් පද්ධතිය  installකරන්නට 
හැකියාවක් ඇති අතර, එවැන්නක් සම්බන්ධයෙන් සිහි තබා ගත යුතු කාරණය නම්, සාමාන්‍ය භාවිතයේදී 
මෙන් ඒ සඳහා boot කල හැකි USB  drive එකක් නිර්මාණය කිරීම අනවශ්‍ය බවය. මන්ද යත් ඒ සඳහා 
ඊට වඩා පහසුවෙන් Mac හි Boot Camp මෙවලම භාවිතා කල හැකි බැවිනි. එම මෙවලම යොදාගෙන අදාළ 
settings  නිවැරදිව සකස් කල පසු, Appleහි ඇති driver ආදියද උපයෝගයෙන් සිදුවන පියවර 
ගණනාවක් මඟින් අවශ්‍ය කරන ඒ  USB  drive එක නිර්මාණය කරගත හැකිය.එම drive එක භාවිතයෙන් Mac වර්ග බොහොමයක් තුල Windows මෙහෙයුම් පද්ධතිය install කිරීමට හැකි 
අතරම, Apple නොවන පරිගණක තුල එවැන්නක් සඳහා භාවිතා නොකරන්නටද වග බලා ගත යුතුය.





Comments