පරිගණකයේ Drivers යාවත්කාලීන කිරීමට ඔබට සහය වන IObit Driver Booster Pro

පරිගණකයේ Drivers යාවත්කාලීන කිරීමට ඔබට සහය වන IObit Driver Booster Pro


පරිගණකයක කාර්යක්‍ෂමතාවය මනාව පවත්වාගෙන යෑමට පරිගණකයේ drivers යාවත්කාලින කිරීමත් අත්‍යවශ්‍ය කාරණයක්. 
එම කාර්ය පහසුවෙන් හා ඉක්මනින් කරගැනීමට සහයවන මෘදුකාංග බොහොමයක් අද වෙළදපලේ දැකගන්නට පුළුවන්. 
එවැනි එක් මෘදුකාංගයක් තමයි IObit Driver Booster Pro වැඩසටහන.පහසු සරල interface එකක් සහිත IObit Driver Booster Pro මෘදුකාංගය ඕනෑම අයෙකුට ඉතාම පහසුවෙන් බාවිතා කල හැකියි. 
ඔබේ පරිගණකයේ ඇති දෘඩාංග හදුනාගනිමින් එම දෘඩාංග වලට අදාළ නවතම drivers ඔබේ පරිගණකයේ ස්ථාපිත කර ඇත්දැයි සොයාබලා 
වියයුතු drivers වේනම් මේමගින් පෙන්වාදී, එක් ක්ලික් එකකින් එම drivers සියල්ලම යාවත්කාලින කරදීමට
මෙම IObit Driver Booster Pro මෘදුකාංගයට හැකියාව තිබෙනවා. IObit Driver Booster Pro 
මෘදුකාංගය බාවිතා කරන ඔබ තවදුරටත්, ඔබේ පරිගණක දෘඩාංග වල driver/installation CD සෙවීමටවත් හෝ 
අන්තර්ජාලය තුල drivers සෙවීමටවත් ඔබේ වටිනා කාලය වැය කල යුතු නැහැ.IObit Driver Booster Pro මෘදුකාංගය සතු විශේෂාංග:
Automatically Identify Outdated Drivers
Download and Update Outdated Drivers with One Click
Unlock Driver Update Speed Limit
Specialized Driver Tweaking for Better Gaming Experience
Support More Comprehensive Hardware Devices
Enjoy Priority to Update Outdated Drivers Promptly
Backup Drivers for Safe Restore
Enhance Hardware Functionality for Better Performance
යල් පැනගිය drivers හදුනාගෙන ඒවා යාවත්කාලින කරදීම පමණක් ඔබට නොමිළේ IObit Driver Booster Free 
සංස්කරණය බාවිතයෙන් කරගත හැකි අතර, drivers යාවත්කාලින කරදෙනවාට අමතරව ඉහත 
සදහන්කල අනෙක් සියලුම විශේෂාංග IObit Driver Booster Pro සංස්කරණය හරහා ඔබට ලබාගත හැකියි.

Comments