සිනමාවේ සිනහා උපදවන විශ්මිත සිදුවීම් 10ක්

රුපවාහිනි හෝ චිත්‍රපටයක් නිර්මාණය කරන විට සිදුවන රස මුසු දෑ බොහෝමයක් ඇත.එය නිර්මාණය සදහා සිය ගනනක් දෙනා තම සේවය
සපයන බැවින් එහි සිදුවන සෑම දෙයක්ම බලා ගැනීම අපහසුය.නමුත් එවැනි සිදුවිම් සැබෑවටම අත් දකිමින් ඔවුන් මනා රසවින්දනයක් නිබදව
ලබනු ඇත.එවැනි රසමුසු තැන් 10ක් ගැන ඔබට කියන්නයි මේ සුදානම.
fast6 සිනමාවේ සිනහා උපදවන විශ්මිත සිදුවීම් 10ක්
10 ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 6 වින් ඩීසල් හා රොක් යෝධයන් වුන හැටි
ද රොක් යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන ඩ්වේන් ජොන්සන්, ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්හි පස්වන සිනමා පටයේ ලුක් හොබ්ස් නම් විශේෂ
නියෝජිත චරිතයේදී වින් ඩිසල්ව හබායන සිද්ධියද ඇතුලත්වු සිනමා පටයේ අපුර්ව රංගනයක් ඉදිරිපත් කිරිමෙන් පසු 6වන සිනමා පටය
සදහාද ඔහුව යොදා ගැනිණ.මෙහිදි සිදුවු විශාලම වෙනස නම් ඩිසල් හා ඔහුගේ සගයින්ගේ නොගැලපීමයි.මක් නිසාදයත් ප්‍රධාන නළුවන්
දෙදෙනාට ප්‍රමාණයේ වෙනස නිසා මුහුණට මුහුණ බැලීමට නොහැකිවිමයි. මෙහිදි දෙදෙනා මුහුණට මුහුණ දෙස බලා සිටිමේදී කැමරා වල
සටහන් වුයේ කෙනෙකු අනෙකා දෙස පහතින් බලා සිටින ආකාරයටය.මේ නිසා කැමරා විවිධ ආනත වලින් තබමින් ඔවුන්ගේ හිස් විශාල
කරමින් සකස් කරන විට ජොන්සන්ගේ හිස විශාල කිරිමේදි එය ඩිසල්ගේ උඩුකයටත් වඩා විශාල වුයේ යෝධ පෙනුමක් ලබා දෙමිනි.
inTime සිනමාවේ සිනහා උපදවන විශ්මිත සිදුවීම් 10ක්
9 ඉන් ටයිම් ක්‍රියාදාම සදහා සැබෑ සෙල්ලම් බඩු යොදා ගැනීම
බොහෝමයක් සිනමාපට වල සමහර ක්‍රියාදාම සිද්ධින් සදහා සැබැ දේවල් යොදා ගැනීම වෙනුවට ඒ හා සමාන කුඩා දෑ යොදා ගනියි.මෙයට
එක් හේතුවක් වන්නේ ඒ සදහා යන වියදම අවම වීමයි.නමුත් ජස්ටින් ටිම්බ්ලෙක්ගේ ඉන් ටයිම් සිනමා පටයේ සිදුවු මෙම රසවත් සිදුවීම
එයට පට හැනි යැයි ඔබටම වැටෙහේවී. සිනමා පටයේ හඹායාමේ සිද්ධියක් අතරතුර ජස්ටින් ටිම්බ්ලේක් සහ අමන්දා සෙෆ්‍රයිඩ් මාර්ගයේ
කාරය ගමන් කරමින් සිටියදි එක්වරම බලාපොරොත්තු නොවු ලෙස රැහැනක පැටලී කාරය පාලනයෙන් ගිලිහි ඉහළට නැංගේ සිනමා
පටයට අවශ්‍ය සැබවින්ම කල නොහැකි ක්‍රියාදාමයක් මවාපාමිනි.වාසනාවකට මෙන් මෙම අනතුර නිසා කාරයට හානියක් මෙන්ම නළු
නිලි දෙපලටද අනතුරක් නොවිණි.
lost සිනමාවේ සිනහා උපදවන විශ්මිත සිදුවීම් 10ක්
8 ලොස්ට් හිම වලසුන්ගේ කඩා පැනීම
සමහර සිනමාපට රූගත කිරිම සදහා සැබෑ සතුන් වෙනුවට ඒ ආකාරයට හැඩ ගැන්වු නළුවන් දායක වෙයි.ලොස්ට් සිනමා පටයේද හිම වලසුන්
සදහා නළුවන් යොදා ගැනුණු අතර ඔවුන්ට තිබුනේ අනෙක් නළු නිලියන් සිටින ආකාරයට ඉහලින් කඩා පැනීමයි.එහි අධ්‍යක්ෂක ජේ.ජේ.
ඇබ්රම්ස් සිජීඅයි තාක්ෂණය යොදා ගැනීමට අකමැති වීම නිසා මේ ආකාරයෙන් සිදු කිරිමට පෙලඹිනි.නමුත් එහි රසවත්ම සිද්ධිය වුයේ හිම
වලසුන් ලෙස හැදගත් නළුවන් ඉහලින් පැනිමේදි ඔවුන්ගේ පාද දර්ශනය වීමයි.මේ නිසාම අධ්‍යක්ෂකට ඔහුගේ තිරණය වෙනස් කර සිජිඅයි
තාක්ෂණය යොදා ගැනීමට සිදුවිය.
robocop සිනමාවේ සිනහා උපදවන විශ්මිත සිදුවීම් 10ක්
7 රොබොකොප් දිගු දෑත දිගු වීම.
රොබෝකොප්හි මුල්කෘතිය 1980 වර්ෂයේදී තිරගත වු අතර ඒ සදහා එවකට යොදාගනු ලැබුවේ ක්ලේ වලින් සාදනු ලැබු රූකඩ ආකාරයක
රොබෝ කෙනෙකි.එහි දර්ශණද ලොමු ඩැහැගැන්වෙන ලෙස නිර්මාණය කර තිබිමද විශේෂත්වයකි. මෙම සිනමා පටයේ රූගතවීම වල සිදුවු
සුවිශේෂි සිදුවිම වුයේ රොබෝ සදහා නිර්මාණය කරන ලද රොබෝ සදහා රගපෑ නළුවා හට මුහුණ දිමට සිදුවු අපහසුතාවයයි.එහිදි එම
නළුවාගේ අත මෙන් රොබොවේ අත තුන් ගුණයක් විශාල විය.කෙසේ නමුත් සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට එවැනි ආකාරයක
නිර්මාණයක් සිදු කල පලමු අවස්ථාවේ සිදුවුයේ අපුර්වතම සිද්ධියකි.එම රොබෝව නිර්මාණය සදහා වැය කල විශාල මුදල් සම්භාරය
නිසාම ඔවුනට එම රෙබෝවම ඒ සදහා යොදා ගැනීමට සිදුවිය.
manofsteel සිනමාවේ සිනහා උපදවන විශ්මිත සිදුවීම් 10ක්
6 මැන් ඔෆ් ස්ටීල් නැවේ වු සිර මැදිරිය
මෑන් ඔෆ් ද ස්ටීල් සිනමා පටයේ එන සිදුවීමක සෝඩ් සහ ඔහුගේ ගෝලයා හට වෙනමම පිහිටි සිර කදවුරක දඩුවම් විදිමට සිදුවිය. මෙම සිර
දඩුවම නියම වීමෙන් පසු සෝඩ් සහ ඔහුගේ අනුගාමිකයන් හා එක්ව පිපිරවීමක් සිදු කිරිමට සලස්වයි. නමුත් ඒහිදි සිදුවුයේ පුපරන ද්‍රව්‍ය
සහිතව එය රොකට්ටුවක් සේ අහසට නැග පිපිරිමට ලක්වීමයි.
insidious3 සිනමාවේ සිනහා උපදවන විශ්මිත සිදුවීම් 10ක්
5 ඉන්සීඩියස් 3 වැනි කොටස වයසක අයගේ පොරකෑම.
ඉන්සීඩියස් සිනමා පටය 2010 වසරේ මුලින්ම තිරගත වු අතර අමනුෂ්‍ය ලෝකය සම්බන්ධ කතාවක් මෙහි අන්තර්ගත වෙයි.ලෝකය පුරා සිටින
හොල්මන්, භූතයන් සමග සටන් වදින කතාංගයක් මෙහි අන්තර්ගත වෙයි. මෙහි තුන්වන සිනමා පටයත් රූගත කෙරුණු අතර මේ සිද්ධිය
සිදුවුයේ එහිදීය.වයසක ස්ත්‍රියක් යක්ෂ ලෝකයට ගොස් කුඩා දැරියක් බේරාගන්නා සිද්ධියක් මෙහි ඇතුලත් විය.වයසක පුද්ගලයෙකු
යක්ෂයෙකුට සිටි අතර භයාංකාර ශබ්ද පසුබිමෙන් ඇසෙමින් රූගත කිරිම් ඇරඹෙන්නට විය.මෙහි වු රසවත් සිද්ධිය වුයේ දැරිය
බේරා ගැනීමට පැමිණි වයසක කාන්තාව කිසිදු බියක් නොදක්වමින් පැමිණ යක්ෂයාට ඇද සිටි වයසක පුද්ගලයාවද තල්ලු කර දැරිය බේරා
ගැනීමට තැත් කලේ ඇයට වැසිකිලියට යාමට ඇති හදිස්සියකින් මෙනි.
AvengersAge සිනමාවේ සිනහා උපදවන විශ්මිත සිදුවීම් 10ක්
4 ඇවෙන්ජර්ස් : ඒජ් ඔෆ් අල්ට්‍රන් කපටි ඊ. කොයෝට් වු අල්ට්‍රන්
රෝඩ් රනර් කාටුන් පෙලෙහි අන්තර්ගත වන්නේ ඊ. කොයෝට් විසින් රෝඩ් රනර්ව අල්ලා ගැනීමට තැත් කරන සෑම අවස්ථාවකදීම එය
ඔහුට විනාශයක් ගෙන දී අවසන් වීමයි.ඔහුට රෝඩ් රනර්ව දිවීමෙන් අල්ලාගත නොහැකි නිසා ඔහු ඒ සදහා රොකට් යොදා ගනියි.එවැනි
ආකාරයේ සිදුවීමක් ඇවෙන්ජර්ස් : ඒජ් ඔෆ් අල්ට්‍රන්හි දක්නට ලැබේ.ඊ. කොයෝට්ට මෙන් තමා සිතන අයුරින් කිසිම දෙයක් සිදු නොවීම
නිසා රොකට්ටුවකින් දමා ගැසීමක් මෙහිදි සිදු වෙයි. ඔහු රොකට් එකක් යොදා ගනිමින් සැලසුම් සකස් කල අතර එය විනාශ වුවහොත් තවත්
රොකට් යොදා ගැනීමට ඔහු සැලසුම් කලේය.මෙහිදි ඔහු තම නව ආයුධද රැගෙන ට්‍රක් රථයකින් ගමන් කරමින් සිටියදී ඇවෙන්ජර්ස්ලා ට්‍රක්
එක මතට ගොඩ බෑම සිදුවෙයි.එහිදි අල්ට්‍රන්ගේ අනෙකුත් ආකාර ට්‍රක් රථය අල්ලා ගන්නා අවස්ථාවේදි එහි රොකට් පුපුරා අහසට නැගෙන
අතර එක් රොකටයක් ට්‍රක් රථය නගරය මැද හඹා ඒම සිදුවෙයි. මෙහිදි නැගෙන ගැටළුව නම් පියාඹායාමේ හැකියාව ඇති අල්ට්‍රන් ඒ සදහා
ට්‍රක් රථයක් යොදා ගත්තේ ඇයි? අනෙක් කාරණය නම් ඇවන්ජර්ස් හට ඔහුගේ නව උපාංගය විනාශ කිරිමේ අවශ්‍යතාවයක් නොමැති අතර
එය සොරකම් කිරිම ඔවුන්ගේ අරමුණ වේ නම් එය විනාශ කිරිමට තැත් කලේ ඇයි?එසේම අල්ට්‍රන් පැනගිය අවස්ථාවේදි ඔහුව සොයමින්
ඇවෙන්ජර් පොලොව මතුපිට කාලය කා දැමුවේ ඇයි?
AmericanSniper සිනමාවේ සිනහා උපදවන විශ්මිත සිදුවීම් 10ක්
3 ඇමරිකන් ස්නයිපර් සම්මානලාභී සිනමා පටය ලදරුවන් අමතක කලහැටි
සිනමා පටයකට ලදරුවන් යොදාගැනීම ඉතාමත් අපහසුම කාර්යයකි.කෙසේ නමුත් හොලිවුඩයේ බොහෝමයක් දෙමව්පියන් සිනමාපට වලට
තම දරුවන් ලබා දීමට ප්‍රියතාවයක් දක්වයි.මෙසේ තිබියදීත් සම්මානලාභී සිනමා පටයක් වු ඇමරිකන් ස්නයිපර් සදහා සැබෑ දරුවකු වෙනුවට
බෝනික්කෙකු යොදා ගැනීමට ඔවුන් තිරණය කරන ලදි.ඒ සදහා හේතු කිහිපයක්ම තිබු අතර බ්‍රැඩ්ලි කූපර් විසින් බෝනික්කෙකු රැගෙන සිටින
ආකාරයක් දක්නට ලැබේ.
DwayneJohnson සිනමාවේ සිනහා උපදවන විශ්මිත සිදුවීම් 10ක්
2 ද රොක් කේබල් කාර් රථ ඉබේ වැඩ
මයිකල් බොක්ක යනු පිපුරුම් සදහා ප්‍රසිද්ධියක් උසුලන ස්ථානයකි.එනම් සිනමා පට වල පිපුරුම් සිදුවීම් සදහා මෙම බොක්ක යොදා ගනියි.
මෙම ස්ථානයේ ඇති ඉඩකඩ නිසාම එය මෙවැනි රූගත කිරීම් සදහා වඩාත් උචිත මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයන් අතර ප්‍රචලිත ස්ථානයකි.
රොක් චිත්‍රපටය සදහාද මෙම ස්ථානය යොදා ගැනිණ.මෙහිදි යොදා ගැණුනු කෙබල් කාරය එහි ඇති පථයෙන් ඉවත් වන විට ඇතිවන ගිනි
පුපුරු මාර්ගය පුරා විසිරෙන දර්ශණයක් ලබාගත යුතුව තිබුනත් එම අවස්ථාවේදී කේබල් කාරය තුලින් විශාල ගිනි බෝලයක් නැගෙමින්
පිපිරීමක් සිදුවිය. මෙම බොක්ක තුල සිදුවු පිපිරීම් හා සැසදීමේදී මෙය නොසලකා හැරිය හැකි තරම් වුවත් මෙම කේබල් කාරයට විදුලි
සම්බන්ධයක් නොතිබිණ.එසේම ගිනි ගන්නා සුළු ඉන්ධනයක්ද එහි නොවීය.එය ගිනි ගැනීමට තරම් කිසිදු හේතුවක් නොවිය. නමුත් පසුව
සැක කෙරුනේ කවුරුන් හෝ එයට පුපරණ ද්‍රව්‍ය සවිකරන්නට ඇති බවයි.කෙසේ නමුත් එය මයිකල් බොක්ක නම් පිපුරුම් සිදුකරන
ස්ථානයේම සිදුවීම විස්මිතය.
dummy සිනමාවේ සිනහා උපදවන විශ්මිත සිදුවීම් 10ක්
1 රගපාන ඩමි
සිනමා පට වලදි වන අනතුරු වලක්වා ගැනීම සදහා බොහෝ චිත්‍රපට අධ්‍යක්ෂකවරු ඒ සදහා අනූරූප ඩමි යොදා ගනියි.ඒවැනි සිදුවීම් වලදි
ප්‍රක්ෂේපණය සදහා සිජීඅයි තාක්ෂණය යොදා ගනියි. මෙහිදි මිනිසුන් සදහා ඩමි යොදා ගැනීමේදි වඩාත් සැපකිලිමත් විය යුතුය.මක්නිසාදයත්
කුඩා වැරදිමකින් වුවද ඔවුන්ව හදුනා ගැනීමේ හැකියාව ඇත.විවිධ සිනමා පට වල විවිධ අවස්ථා සදහා ඔවුන් යොදා ගැනීමේ හැකියාවද ඇත.
ත්‍රාසජනක ක්‍රියා දාමයන් බොහෝමයක් සදහා ඩමි යොදා ගැනීම සිනමාපටවල දක්නට ලැබෙයි.ටොප් සික්රට් සිනමා පටය සදහා යොදාගත්
ඩමිය සෙලවීම නිසා පාලනය කර ගැනීමේ අපහසුතාවයන් මතුවු රසවත් අවස්ථාවන්ද දක්නට ඇත. නයිට්මෙයර් ඔන් එල්ම් සිනමා පටයේදි
මර්ජ් නම් චරිතය පාසැල් ලමුන් සදහා අත වනමින් සිටින විට කුඩා ලමුන් බිය ගැන්වීම සදහා එක්වරම ජනේලයක් තුලින් පැමිණි නිරූපිකාවගේ
ශරීරයෙන් සෘජි ෆෝම් කැබලි සිදුරකින් පිටතට පැමිනුනේ අවට සිට අයද සිනා ගන්වමිනි.

Comments