කාලය හරහා ගමන් කල හැකි බව තහවුරු කෙරෙන සුවිශේෂි ඡායාරූප 5ක්

කාලය යනු අප කාටත් පොදු දෙයකි.එය ජනාධිපතිවරයෙකුගේ සිට හිගන්නා දක්වාම එක ලෙස දැනෙන සාධකයකි.අප කිසිවෙකුටත්
එය පාලනය කල නොහැකි අතර කාලය සදහා අප හැඩ ගැසිය යුතු වීමයි අපට කල හැකි දෙය වන්නේ.මෙහිදි අප ඔබට ඉදිරිපත් කිරිමට
යන්නේ කාලය හරහා අපට ගමන් කල හැකිද යන්න පිලිබද කුකුසක් ඇති කරන ලෝකයේ එතෙක් මෙතෙක් හමුවු සාක්ෂි 5ක් පිලිබදව
ඔබට කියන්නයි අපේ මේ සුදානම.
1. චීන ස්විස් අත් ඔරලෝසුව – 2008 වසරේ හමුවු මෙම ඔරලෝසුව වසර 400ක් පැරණි මිනි වලක් තුල තිබි හමුවී ඇත. පුරා විද්‍යඥයන්
මෙම සොයා ගැනීමත් සමග විශ්මයට පත්වු අතර මෙම කුඩා අත් ඔරලෝසුව මානව කෘති අතර තිබි හමුවී තිබීම සැබවින්ම විමතිය දනවන්නක්.එහි
පිටුපස ස්විස් යන්න සදහන්ව තිබිම තව තවත් පුදුමය වැඩි කරවන්නකි.වසර 400ක් පැරණි විවෘත නොකල මිනි වලකට මෙම අත් ඔරලෝසුව
පැමිණියේ කෙසේද යන්න තවමත් අභිරහසකි.

චාලි චැප්ලින්ගේ ජංගම දුරකථනය – 1928 වසරේදි චාලි චැප්ලින් රගපෑ සර්කස් චිත්‍රපටය තුල පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයකින්
කතා කරන දර්ශනයක් සහිත අතර එවකට ජංගම දුරකථන තිබි නැත.එහි ඇති පුදුම සහගත දෙය නම් ජංගම දුරකථනයක් එම ස්ථානයට
පැමිණයේ කෙසේද යන්නයි.එය නැරඹු ප්‍රෙක්ෂකයන් බොහෝමයක් සිත සිට ඇත්තතේ එය ග්‍රවනාධෘර උපකරණයක් ලෙසයි.

3. 1940 හිප්ස්ටියර් – මෙම ඡායාරූපය 1941 වසරේ විවෘත කිරිමේ අවස්ථාවකදි ලබාගෙන ඇති අතර එහි සිටගෙන සිටින එක්
පුද්ගලයෙකු පිලිබද ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. මක්නිසාදයත් ඔහු මෑත කාලයේදී භාවිතා කරන කමිසයක් සහ එහි මුද්‍රණය මෑත කාලයේ සිදු
කරන ලද වර්ගයේ එකකි.එසේම ඔහු නුතන කැමරාවක්ද අත දරාගෙන සිටියි.

time4 කාලය හරහා ගමන් කල හැකි බව තහවුරු කෙරෙන සුවිශේෂි ඡායාරූප 5ක්
4. රුඩෝල්ෆ් ෆෙන්ට්ස් – 1876 වසරේදි අතුරුදහන්ව ඇති මෙම පුද්ගලයා 1950 වසරේදි නැවත මතුවි ඇත්තේ නිව් යෝර්ක
නගරයේ කාරයක් තුල සිරවී මරණයට පත්ව සිටියදීය.පොලිසියද පුදුමයට පත් කරමින් එහිදි හමුවු ඔවුගේ මුදල් පසුම්බියේ තිබි 1800
වර්ෂයේ මුදල් නෝට්ටු කිහිපයක් හමුවිය.සැබවින්ම විශ්මිතයි නේද?

time5 කාලය හරහා ගමන් කල හැකි බව තහවුරු කෙරෙන සුවිශේෂි ඡායාරූප 5ක්
5. පොතේ සිටින මිනිසා – පොතක තිබි හමුවු ඡායාරූපයක් කාලය හරහා ගමන් කල හැකිද යන්න ප්‍රශ්නාර්ථයක් මතු කරයි.මක්
නිසාදයත් ඔහු එහි ඇද සිටින ඇදුම් සහ කොන්ඩ මොස්තරය ඒ කාලයට අයිති එකක් නොවන අතර ඔහු දෙස අවට සිටින අයද විශ්මයෙන්
මෙන් බලා සිටියි.

time6 කාලය හරහා ගමන් කල හැකි බව තහවුරු කෙරෙන සුවිශේෂි ඡායාරූප 5ක්

Comments