FACEBOOK හි මෙම රහස් ඔබ දන්නවාද?

ඔබ Facebook පරිශීලකයෙක්ද? ඔබ බුද්ධිමත් Facebook පරිශීලකයෙක්ද? Facebook පරිශීලකයන් බුද්ධිමත්ද නැතිද යන වග තීරණය
කරන්නේ ඔවුන් Facebook තුළ දිනකට ගත කරන පැය ගණනින් වත්, ඔවුන්ට ඇති මිතුරන් සංඛ්‍යාවෙන්වත් නොවේ. බුද්ධිමත් Facebook
පරිශීලකයෙකු සැලකෙන්නේ Facebook වෙබ් අඩවිය එලෙසින්ම භාවිතා කරන්නෙකු නොව තමාට අවශ්‍ය පරිදි Facebook වෙබ් අඩවිය
හැඩ ගස්වා ගන්නා පරිශීලකයකුටයි. එබැවින් පහත දැක්වෙන Facebook සීරුමාරු කිරිම් කොපමණ ඔබ දන්නවාදැයි සළකා බලා ඔබ
බුද්ධිමත් Facebook පරිශීලකයෙකුද නැතිද යන වග ඔබටම තීරණය කර ගැනීමට හැකි වනු ඇත.

Facebook හි Security Settings භාවිතය
ඔබ Facebook හි Security Settings පිළිබඳ නොදන්නේ නම් ඔබ වහාම ඒවා පිළිබද උගත යුතුය. ඔබේ Facebook ගිණුමේ ඇති
දෙය දකින්නේ නොදකින්නේ කවුද යන වග තීරණය කිරිමට Security Settings ඔබට හැකියාව ලබා දෙයි. ඔබට අවශ්‍ය නම් එක්
පුද්ගලයෙකු හෝ තෝරාගත් පුද්ගලයන් කීපදෙනෙකු හැර අනෙක් මිතුරන්ට ඔබේ Post, Share කිරිමටද හැකිය. මේ සදහා ඔබ යමක් Post
කිරිමට පෙර Post විධානයට වම් පසින් ඇති කුඩා ඊතලය ක්ලික් කරල More Option – Custom තුළට පිවිසෙන්නන එහි ඇති “Don’t share with”
යන කොටසට ඔබ ඇතුළත් කරන Facebook Profile වලට අදාල Post එක දර්ශනය නොවනු ඇත.

වෙනත් අයෙකුගේ දෑසින් ඔබේ Facebook ගිණුම දැක ගැනීම

facebook2 Facebook හි මෙම රහස් ඔබ දන්නවාද?
ඔබට වෙනත් අයෙකුට ඔබේ Facebook ගිණුම දර්ශනය වන ආකාරය :උදාහරණයක් ලෙස ඔබ ඉහත ආකාරයට Post එකක් සැග වූ
අයෙකුට දැක ගැනීමට Facebook මගින් හැකියාව ලබා දෙයි. ඔබ මේ සදහා ඔබේ Facebook පිටුවට පිවිස එහි Cover Photo එකෙහි
දකුණු පස දාරයේ ඇති තිත් තුනක් වැනි අයිකනය ක්ලික් කර යුතුය. එය තුළින් “View as” විධානය තෝරා ගන්න එවිට සාමාන්‍යයෙන්
වෙනත් අයෙකුට ඔබේ Facebook ගිණුම පෙනෙන ආකාරය ඔබට දර්ශනය වනු . එම පිටුවේ ඉහළ දාරයේ ඇති
“View as Specific Person” යන්න click කර එයට ඔබේ Facebook මිතුරකුගේ නමක් ලබා දුන් විට අදාල පුද්ගලයාට ඔබේ
Facebook ගිණුම පෙනෙන ආකාරය ඔබට දර්ශනය කෙරෙනු ඇත.

අනවශ්‍ය Apps ඉවත් කිරිම
Facebook Home පිටුවේ වම් පස දාරයේ ඇති Apps මතට මවුසය ගෙන ආ විට එයට දකුණු පසින් More ලෙස විධානයක් දක්නට ලැබේ. එය
click කර Settings යන්න ලබාගත් විට ඔබගේ Facebook ගිණුමට සක‍්‍රීය වී ඇති Apps මොනවාදැයි ඔබට දර්ශනය වනු ඇත ඒවා අතර
ඔබට අත්‍යාවශ්‍ය ඇප් දෙකකට වඩා නම් ඇති බව අපට නිසැකය එම ඇප් එක මතට මවුසය ගෙන ආ විට මතුවන කතිර ලකුණ ක්ලික් කර
ඔබේ Facebook ගිණූමට අනවශ්‍ය ඇප් ඉවත් කිරිමට ඔබට හැකිය.

Browser Plug – ins මගින් Facebook වර්ණ ගැන්වීම
ඔබේ Facebook ගිණුම දර්ශනය වන ආකාරය හා තමන් බොහෝ වෙනස්කම් කිරිමට සැකසුණු Browser Plug – ins රාශියක් ඇත ඒ
අතරින් Social fixer (www. socialfixer.com) යනු ඔබට තම Facebook සීරුමාරු කිරිම් රාශියක් ලබාදෙන Extention එකකි.
ඔබේ අවශ්‍යතාවට සරිලන පරිදි chat හා Newsfeed පාලනය කළ හැකි “Goodbye Spoilers” Farewell X factor chat වැනි
ඇප් හා තවත් විශාල සංඛ්‍යාවක් වෙබ් extention අන්තර්ජාලයේ දක්නට ලැබේ.

මිතුරන්ගේ උපන්දින export කිරිම
මෙය සැබැවින්ම සැඟවුණු පහසුකමක් නොවේ. නමුත් ඔබට අවශ්‍ය පරිදි Facebook මිතුරන්ගේ උපන්දින Google Calender තුළට හෝ
Outlook තුළට import කළ හැකි බව ඔබ දැන සිටියාද? ඔබට Facebook හි Events පිටුවෙන් Birthdays URL එක අදාල calender
සේවාවට Copy කර මෙම පහසුකම ලබාගත හැකිය. (මේ පිළිබද සවිස්තර වීඩියෝවක් රූ සගරාවේ පළ කෙරෙනු ඇත)

facebook3 Facebook හි මෙම රහස් ඔබ දන්නවාද?

සමීප මිතුරු කැළ සමග පුද්ගලිකව තොරතුරු බෙදා ගැනීම
ඔබට තෝරාගත් මිතුරන් කීපදෙනෙකු අතර පමණක් පණිවිඩ යැවීමට අවශ්‍ය වූ විට ඔවුනට ටැග් කරන ලද ඡායාරූපයක් සහිතව Facebook
තුළට Post එකක් දැමීම අඥාන කි‍්‍රයාවකි. Facebook තුළ closed Group එකක් නිර්මාණය කර එයට අවශ්‍ය පුද්ගලයන්ට පමණක් invite
කිරිම සැබැවින්ම බුද්ධිමත් ක‍්‍රියාවකි.

Facebook Post පසුව කියවීමට හෝ නැරබීමට Save කිරිම
ඔබේ Facebook මිතුරන් පළ කරන විවිධාකාර Post, පසුව නිදහසේ නැරබීමට ඔබට අවශ්‍ය නම් ඒවා Save කිරිමට ඔබට හැකිය. එවන් Post
එකක ඉහළ වම්පසින් ඇති කුඩා ඊ හිස ක්ලික් කර පදරු තෝරා ගත් පසු දක්නට ලැබෙන “Save link” හෝ “Save video” මගින් අදාල
Post එක ඔබේ Favourites හි (Home පිටුවේ වම් පස දාරයේ ඇති) “Saved” යන ගොනුවට එක් වනු ඇති අතර ඔබට ඒවා පසුව
නැරබීමට හැකියාව ලැබෙනු ඇත.

ඔබේ සියලූ Facebook දත්ත Download කර ගැනීම
ඔබට ඔබේ Facebook ගිණුමේ ඇති සියලූම දත්ත Video හා තොරතුරු ඔබේ පරිගණකයට ස්ථාපනය කර ගැනීමට අවශ්‍ය නම් එයටද
Facebook ඔබට අවස්ථාව සළසා දී ඇත. Settings හි General ටැබ් එකෙහි පහළින්ම ඇති “Download a copy of your Facebook data”
යන විධානය ක්ලික් කර උපදෙස් පිළිපැදීම හරහා ඔබට මෙය ඉටු කර ගැනීමට හැකිවනු ඇත.


Comments