ඉන්දියාවෙහි ජනාධිපතිවරයා

ඉන්දියාවෙහි ජනාධිපතිවරයා යනු ඉන්දියානු ජනරජයේ රාජ්‍ය නායකයා වෙයි. ජනාධිපතිවරයා, ඉන්දියාවේ විධායකයෙහි, ව්‍යවස්ථාදායකයෙහි සහ අධිකරණයෙහි ආකෘතික නායකයා වන අතර ඉන්දියානු සන්නද්ධ හමුදාවන්හී සේනාධිනායකයාද වෙයි. ඉන්දියානු පාර්ලිමේන්තුවේ (ලෝක් සභාව සහ රාජ්‍ය සභා) මෙන්ම ඉන්දියාවේ ප්‍රාන්තයන්හී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවන්‍ ( විධාන් සභා) සඳහා මහජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරුන් හරහා, ජනාධිපතිවරයා වක්‍රාකාරයෙන් තෝරා පත් කෙරෙන අතර, වසර පහක කාල සීමාවක් සේවය කරයි. ඓතිහාසික වශයෙන් ගත් කල, පාලක පක්ෂය (ලෝක් සභාවේ බහුතරය) විසින් නම් කෙරෙන්නන් (නිදසුනක් වශයෙන්, එක්සත් ප්‍රගතශීලි සන්ධානය විසින් නම් කෙරුණු ප්‍රනාබ් මුකර්ජි) තෝරා පත් කරනු ලැබ ඇති අතර බොහෝ විට නිතරගයෙන් තේරී පත්වී ඇත. තනතුරුධාරි ජනාධිපතිවරුන් හට යළි තේරී පත්වීම සඳහා ඉදිරිපත්වීමට අවසර දෙනු ලැබේ. එක් එක් ප්‍රාන්තයෙහි ජනගහණය සහ ප්‍රාන්තයක ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරුන් විසින් භාවිතා කල හැකි ඡන්ද ගණන අතර සංතුලනයක් ඇති කරලීම සඳහා සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරුන් සහ ඉන්දියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර සංතුලනයක් ලබා දීම සඳහාද, ඡන්ද ගණන නියම කරන කිසියම් සූත්‍රයක් භාවිතා කෙරෙයි. අපේක්ෂකයන් කිසිවකු හෝ ඡන්ද වලින් බහුතරය ලබා නොගත හොත්, එක් අපේක්ෂකයෙක් බහුතරය ලබා ගන්නා තුරු, පරාජිත අපේක්ෂකයන් තරගයෙන් ඉවත් කොට ඔවුන්ගේ ඡන්ද අනෙක් අපේක්ෂකයන්ට පැවරීම සිදු කෙරෙන ක්‍රමයක් පවතියි. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වන වගන්තිය විසින් දක්වන පරිදී, ජනාධිපතිවරයා විසින් ඔහුගේ හෝ ඇයගේ බලතල සෘජුව හෝ උපසේවී අධිකාරයක් තුලින් හෝ,[2] භාවිතා කල හැකි බැව් දැක්වෙතත්, ව්‍යතිරේකයන් කිහිපයක් හැරුණු විට, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති විධායක අධිකාරයේ සමස්ත බලයම, ප්‍රායෝගික වශයෙන්, භාවිතා කරන්නේ ඉන්දියානු රජය විසිනි. මෙම විධායක බලය ක්‍රියාත්මක කරනුයේ, අමාත්‍ය මණ්ඩලයේ උපකාරය සහිතව, අග්‍රාමාත්‍යවරයා විසිනි. ඉන්දියාවේ ජනාධිපතිවරයා වාසය කරන්නේ, නව දිල්ලියේ රාෂ්ට්‍රපති භවන් නමැති ඉඩකඩමකය[3] (මෙහි දළ පරිවර්තනය ජනාධිපතිගේ මාලිගය වෙයි). ජනාධිපතිමය විවේකී ස්ථානයන් වන්නේ චරබ්රා, ෂිම්ලා හී පිහිටි ද රිට්‍රීට් සහ හයිද්‍රබාදයෙහි රාෂ්ට්‍රපති නිලයම් (ජනාධිපතිගේ පදිංචි ස්ථානය) වෙති. 13වන සහ වර්තමාන ජනාධිපතිවරයා වන්නේ , 2012 ජූලි 22 දිනදී තේරී පත්වී, 2012 ජූලි 25 දිනදී දිවුරුම් දුන් ප්‍රනාබ් මුකර්ජි වෙයි. ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්වූ පළමු බෙංගාලි ජාතිකයාද වන්නේ ඔහුය.[4] ඔහු විසින් මෙම තනතුර භාර ගත්තේ ප්‍රතිභා පටිල් වෙතින් වන අතර, මෙම නිලය දැරූ පළමු කාන්තාව ඇය වූවාය.[5] සම්භවය[සංස්කරණය] ඉංග්‍රීසින් වෙතින් ඉන්දියාව නිදහස ලද්දේ 1947 අගෝස්තු 15 දිනදී වන අතර, මුලදී එය අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඉන්දියාවේ රජ ලෙසින් හයවන ජෝර්ජ් රජ නිරූපණය කල, ජාතීන්ගේ පොදු රාජ්‍ය මණ්ඩලය තුල ඩොමීනියන් රාජ්‍යයක් ලෙසින් විය. [6] කෙසේවතුදු, මෙයින් පසුව, ආචාර්ය බී. ආර්. අම්බේඩ්කර් වෙතින් නායකත්වය සැපයුනු, ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින්, රට සඳහා නවතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට උර දුනි. අත්‍යන්තයෙහිදී, 1949 නොවැම්බර් 26 දිනදී, ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිගත කෙරුණු අතර, 1950 ජනවාරි 26 දිනදී බලාත්මක වෙමින්,[7]:26 ඉන්දියාව ජනරජයක් කරලීය. [8]:9රජු සහ අග්‍රාණ්ඩුකාරවර යන තනතුරු, ඉන්දියාවේ ජනාධිපතිවරයා යන නව තනතුරෙන් ප්‍රතිස්ථාපනය කෙරුණු අතර, පළමු තනතුරුධාරියා රාජේන්ද්‍ර ප්‍රසාද් විය.[8]:1

Comments