මොකාද මේ දම් කුරුල්ලා ?

වැලන්ටයින් දිනයේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට සංක්‍රමණය වූ දම් කුරුල්ලා (Trash Doves) වයිරස් එකක් මෙන් කා අතරත් පැතිරුණා. කවුරු මොනවා ශෙයා කරත් එයට මෙම දම් කුරුල්ලාගේ ස්ටිකරයක් වැටෙන එක දිගින් දිගටම වැඩි වුණා. සමහරුන්ට වදයක් වගේම බොහෝ දෙනාට එය යම් තෘප්තියක් දෙන කාරණයක් ලෙස අපට පෙනී ගියා. කිසිදු තේරුමක් නැතිව කමෙන්ට් වලට මෙම දම් කුරුල්ලා බාවිතා කෙරුණේ මෙම ස්ටිකර් වල අංග චනලයන් හාස්‍යජනක වීම හේතු විය හැකියි. ඇමරිකන් ජාතික Syd Weiler නම් කාටුන් ශිල්පිණියක් විසින් මෙම දම් කුරුල්ලා සිතුවම්කර නිර්මාණය කෙරිණි. Syd Weiler ඇය මේ ස්ටිකර් පෙල නිර්මාණය කරලා තිබුණේ 2016 වසරේ වුණත් ෆේස්බුක් ස්ටිකර් විදියට බුකියට එක්වුණේ පහුගිය ජනවාරි මාසයේ. මෙය illustrator, animator and creative streamer බාවිතයෙන් පණදුන් අතර. ෆේස්බුක් තුලට ඇතුලත් කර දින කිහිපයක් යනවිට බිලියන ගණනක ෆේස්බුක් පරිශීලකයින් උන්මාදයෙන් මෙන් මෙම දම් කුරුල්ලා ස්ටිකර් දාන්න පටන් ගත්තා. මෙහි සිටිකර් 24ක් ඇතුලත් වෙනවා. මෙම කුරුල්ලා ගැන හොයපු ප්‍රමාණය ගූගල් ට්‍රෙන්ඩ් වලින් බලන්න

Comments