සැම්සුන් සමාගම ultra wide මොනිටරයක් වෙළදපොලට නිකුත් කරයි.

සැම්සුන් සමාගම හදුන්වාදුන් මෙම අපූරු මොනිටරය මේ දිනවල ඉතාමත් ජනප්‍රිය උපා‍ංගයක්. විශේෂයෙන් ග්‍රැෆික් කටයුතු සහ පරිගණක ක්‍රීඩාවේ නියැලෙන අයට මේක සුපිරිම බාණ්ඩයක් කිව්වොත් නිවැරදියි. මොනිටරය අගල් 49 ක් පළල් කවාකාර ලෙස නිපදවා තිබෙනවා. හරියට නිකන් මොනිටර් 2ක් එකට තිබ්බා වගේ.1080p Full HD තිරය සහිතව තිරය දෙකට බෙදාගෙන වැඩ දෙකක් එකපාර කරන්න පුළුවන්. 3840 x 1080 Resolution අගයක් මින් ලබාදෙනවා. ඡායාරූප ශිල්පයේ යෙදෙන අයට ෆොටෝ එඩිටින් වැඩ වලට, ග්‍රැෆික් ඩිසයින් කරන අයට එඩිටින් වැඩ වලට නියමයි. 😍මෙහි වටිනාකම ඇමරිකන් ඩොලර් 1,500 ක් වෙනවා. ඒ කියන්නේ ල‍ංකාවේ මුදලින් රු. 225,000 ක් පමණ. සැම්සුන් සමාගමේ නිල වෙබ් පිටුවට පිවිස ඔබට මෙය ඇණවුම් කරන්න අවස්තාව ඔවුන් සලසාදී තිබෙනවා. නැතිනම් ලේසියෙන්ම ඔබට ඇමේසන් වෙබ් අඩවියේ සැම්සුන් store එකෙන් මෙතනින් පිවිස ඔන්ලයින් මිලදී ගන්න පුළුවන්. 👍

Comments